(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාස භංග යෝජනාව බොහෝ දුරට මේ සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
සභා ලේඛන කාර්යාලය එම යෝජනාවේ පරිවර්තන කටයුතු කරගෙන යන බවද එම ආරංචි මාර්ග පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු එම යෝජනාව කතානායකවරයාට ඊයේ භාරදෙනු ලැබීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ අරුණ ජයසේකර මහතා නැගෙනහිර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ හෙයින් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔහු එම තනතුරින් ඉවත් විය යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කර සිටිති.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?
කපුරුහාමි Wednesday, 13 August 2025 02:20 PM
ආණ්ඩුවට වැඩ කරන්ඩ වෙලා තියෙන්නේ විපක්ෂයේ උන්දැලා කියන විදියටද? බාල බෙහෙත් ගෙනැල්ලා, ලෙඩ්ඩු මැරෙන කොට ඇස් අන්ධ වෙන කොට... සෞඛ්‍ය ඇමැතියාට විරුද්ධව විශ්වාස භන්ගයක් ගේනකොටකොහොද දන්නේ නැහැ මේ උන්දැලා හිටියේ?
ගුණරත්න Wednesday, 13 August 2025 05:40 PM
කපුරුහාමිලාට අමතක වුණාට විපක්ෂයේ කාර්යභාරය මේක තමයි. ඒත් උන්දැලා විපක්ෂයේ හිටිකාලේ මීටත් වඩා දුරගිහින් ආර්ථිකයට හානිදායක දීර්ඝ වර්ජන දේපල හානි කළා...