IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වියට්නාමයේ මහා පරිමාණ ආයෝජන ලංකාවට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස්  බැංකුවේ (MSB)   සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණි. 

ශ්‍රී ලංකාවේ  වර්තමානයේ පවතින ස්ථාවරත්වය සහ ආයෝජකයින්ට හිතකර පරිසරය සැලකිල්ලට ගනිමින් මෙරට ආයෝජනය කිරීමට සූදානම් බව රොක්ස් සමාගමේ නියෝජිතයෝ මෙහිදී පැවසූහ. 

ඒ අනුව මෙරට කාර්මික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ඔවුහු සඳහන් කළහ. එසේම පුනර්ජනනීය බලශක්ති සහ දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට  බලාපොරොත්තු වන බවද ඔවුහු ජනාධිපතිවරයා හමුවේ පැවසූහ. 

ඊට අදාළ කටයුතු සඳහා භූමිය හඳුනා ගැනීම සහ අවශ්‍ය ආයතනික සහාය ලබා ගැනීම වෙනුවෙන් මෙම සංචාරයේ නිරත වන බව ඔවුහු සඳහන් කළහ. 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාවේ  දූෂණයෙන් තොර  පරිසරයක් නිර්මාණය කර ඇති බැවින් ආයෝජන සඳහා ආයතනික මට්ටමින් ලබා දිය හැකි සියලු සහාය ලබා දීමට රජය සූදානම් බවයි. 

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ වඩාත් සතුටට පත්වන බවත්, මෙරට තුළ මහා පරිමාණ අයෝජනයන්ට සූදානම් බවත් රොක්ස් සමූහයේ ප්‍රධානී ඇතුළු නියෝජිතයෝ මෙහිදී පැවසූහ. 

රොක්ස් (ROX) සමූහයේ සභාපති ගුයෙන් ති ගුයෙට් හුවොං (Nguyen Thi Nguyet Huong) , ප්‍රධාන නිලධාරී ( බලශක්ති අංශය) ලූ ලෙ චි ( Luu Le Chi) යන මහත්ම මහත්මීහුද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (4)

වියට්නාමයේ මහා පරිමාණ ආයෝජන ලංකාවට

Perera Wednesday, 13 August 2025 05:21 AM

මේවා බලන් ඉන්න බැරි නිසා තමයි කුහක විපක්ෂයේ එවුනුයි, උන්ට උඩ ගෙඩි දෙන එවුනුයි, පුළුවන් තරම් එක එක ඒවා පටලවලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න දඟලන්නේ

:       5       8

de silva Wednesday, 13 August 2025 07:11 AM

වියට්නාමේ ආයෝජකයන්ට හොඳ පහසුකම් සපයල තිබෙන කොට , විදුලි සහ වෙනත් වියදම් ඉතා අඩු මට්ටමක තිබෙන විට එහෙ ඉඳන් මොන ආයෝජකයද මෙහෙ ඇවිත් ආයෝජනය කරන්නේ? මේ කතාවත් අර ලක්ෂ 12 විට්ස් කර එක , අගෝස්තු 1 වෙනිදා සිට අලුතෙන් රටවල් 40 සංචාරකයයන්ට නොමිලේ විස දෙනවා කියල කිව වගේ තවත් විශාල පචයක් , ඇත්තම කතාව වියට්නාමේ කොමියුනිස් පක්ෂේ සුහද හමුවකට කණ්ඩායමක් මෙහෙ නිකන් ඇවිත් යන්න ඇති , පසුගිය කලේ පිට රටවල් සමග ගහපු කිසිම ගිවිසුමක් ප්‍රසිද්ධ කරලා නැහැ

:       7       6

Nishan Wednesday, 13 August 2025 09:06 AM

වියට්නාමෙට ට්‍රම්ප් ගහපු බද්ද අඩුයි ලංකාවට ගහපු බද්දට වඩා. වියට්නාමේ තියෙනවා ආයෝජකයන්ට හොඳම සාමකාමි සහ බදු අඩු අඩු වියදම් පරිසරයක්. මේ ඔක්කොම දාලා ලංකාවට එයිද බෙල්ලේ වැල දාගන්න එහේ ආයෝජකයෝ.

:       5       5

prasanna Wednesday, 13 August 2025 11:00 AM

අපේ රටේ වතුර සහ විදුලි බිල් ඇතුළු කෑම මිල ගණන් දැක්කම අයෝජකයෝ දුවනවා.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 623 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site