යෝධ ඇළ රක්ෂිතයේ සිටවූ පැළ 2000 විනාශ කරලා
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවල,නල්ලමුදාව,යෝධ ඇල රක්ෂිතයේ අක්කර 75 ක භුමි භාගයක සිටුවන ලද මී, කුඹුක්, කොහොඹ හා කරද පැල 2,000 කට ආසන්න ප්රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවා දමා විනාශ කොට ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තඹුත්තේගම අඩවි වන නිලධාරි එම්.ජී.නයන ප්රියංකර සමරතුංග මහතා පැවසිය.