
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමැතිය දුන්නේ ය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර මේ මගින් ශ්‍රී ලංකාවේ ඔට්ටු ඇල්ලීම සහ සූදු අායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සිදුවේ.
මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔට්ටු මධ්‍යස්ථාන කාර්යාල පවත්වාගෙන යන සේවකයින් ගැන කිසිවක් සඳහන් නොවන අතර මොවුන් මුළු රටේම වඩාත්ම සූරාකෑමට ලක් වේ! ඔට්ටු මධ්‍යස්ථාන කාර්යාල පවත්වාගෙන යන මෙම සේවකයින්ට වඩා වතු කම්කරුවන් පවා හොඳයි! ඔවුන්ට ඉතා සුළු වැටුපක් ගෙවනු ලබන අතර දිනකට පැය 16 ක් වැඩ කිරීමට සිදුවන අතර ඔවුන්ට ප්‍රසාද දීමනා ගෙවීම ගැන කිසිදා අසන්නට නොලැබේ! මෙම ඔට්ටු මධ්‍යස්ථාන ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ ඉතා බලවත් ප්‍රධාන පවුල් දෙකකින් සමන්විත කාටල්වරුන් විසිනි, ඔවුන් පාර්ලිමේන්තුවේ සාමාජිකයින් වන අතර බෞද්ධ සංවිධානවල ඉහළ තනතුරු දරයි! සංගමයක් පිහිටුවීමට උත්සාහ කරන ඕනෑම අයෙකු මෘත ශරීරාගාරයක 'සීතල ස්ලැබ්' එකක සිර කරනු ලැබේ! මෙම අවාසනාවන්ත සේවකයින්ගෙන් බොහෝ දෙනෙක් පාඩු ලැබූ අය වන අතර ඔවුන්ට වෙනත් මාර්ග නොමැති බැවින් දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට බල කෙරෙති! එන්පීපී රජය බදු එකතු කිරීමට වැඩි උනන්දුවක් දක්වන අතර කිසිදු සමාජ තත්වයක් නොමැති "බුකී" ලෙස ලේබල් කර ඇති ඔට්ටු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා නොදේ! බලතල වලට භාර දෙන්න!