
(දයාරත්න ඇඹෝගම)
ශ්‍රාවස්තිපුර,තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක ගල්තලාවක නිදන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිද ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල,මාලිගාතැන්න,පදවි-ශ්‍රීපුර,ගිරාදුරැ කොට්ටේ,වරකාපොල හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 35ත් 58ත් අතර වියේ පසුවන කාන්තාවක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකි.
මොවුන් ශ්‍රාවස්තිපුර,තිබිරිකවල ප්‍රදේශයේ පිහිටි රත්ත්‍රරං දේවාලය ආසන්නයේ පිහිටි ඉඩමක නිදන් හාරන බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිද බවට හදුනා ගෙන තිබේ.
නිදන් හැරිම සදහා ඔවුන් විසින් භාවිතා කළ උදළු,අලවංගු,යකඩ ඉනි වැනි ආයුධ කිහිපයක්ද පොලිසිය සිය බාරයට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ෂෝක් මේ ගෑණු කරන වැඩ... නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටුයි.
නිදන් හාරන්න පොලිස් ආරක්ෂාව දීලා නැද්ද?
ඇත්තටම නව පොලිස්පතිතුමා කිව්වා වගේම, පොලිසිය ඉස්සෙල්ලම පිරිසිදු කරලා තමයි සමාජය පිරිසිදු කිරීම ආරම්භ කරන්න තියෙන්නේ. නැත්නම් ඒ කාර්යය හරියට ටක්කෙටම කරන්ට බැරි වෙනවා. වෙන දේවල් ගැන හිතපුවාම ඒ කරුණු හරියට හරි.
නිධානෙ අත්අඩංගුවට ගියා වෙන්න ඕන. නම නැති එක හැබැයි අවුල්.
මේ අය අත් අඩංගුවට ගත්තට වැඩක් නැහැ. අන්තිමට බේරෙනවා. ඉස්සර නිදන් හාරන්න ගිහින් අත්අඩංගුවට පත්වුණු ASP කෙනෙක් දැන් ඔය යසට DIG වෙලත් ඉන්නේ.
අහූවෙන තරමක් පොලිසියෙ උසස්ම නිලධාරීන්මනේ පුදුම වැඩක් ඔක්කොමලාට අපල කාලයක්ද දන්නේ නැහැ. නිධන් හාරලා අහුවෙලා DIG වෙලා ඉන්නේ කවුද.? ඒ අයට නඩු නැද්ද?