
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටවූ රුමේෂ් තරංග ක්‍රීඩකයා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය.
මෙම හමුවේදී අමාත්‍යවරයා කීවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා හෙල්ල විසි කිරීමේ තරගාවලිය සහ 2028 වර්ෂයේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලියට ඉදිරිපත් වීමට සිටින රුමේෂ් තරංග ක්‍රීඩකයාට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස අවශ්‍ය මැදිහත් වීම කරන බවයි.
මෙම අවස්ථාවට එක් වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න පැවසුවේ, මීටර් 86.50 ක් දුරකට හෙල්ල විසි කිරීමෙන් ලෝකයෙන්ම හත්වන ස්ථානයේ රැඳී සිටින රුමේෂ් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයන් ක්‍රීඩාව තුළ සුරක්ෂිතව රඳවා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවයි.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙල්ල විසි කිරීමේ ශූරයාට රජයෙන් ලොකු තෑග්ගක්