IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලබන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන්නේ මෙහෙමයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මීළඟ පාර්ලිමේන්තු සතිය අගෝස්තු 19 සිට 22 දක්වා පැවැත්වේ.

අගෝස්තු දෙවැනි සතියට අදාල පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

මේ අනුව 2025 අගෝස්තු 19 අඟහරුවාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ අංක 2443/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ විදේශ විනිමය පනත යටතේ අංක 2441/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමයක් විවාදයට ගැනීමට නියමිතය.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

2025 අගෝස්තු 20 බදාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත යටතේ අංක 2437/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2440/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත. 

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ. 

2025 අගෝස්තු 21 බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා රේගු ආඥාපනත යටතේ අංක 2434/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2434/04 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය, මුදල් පනත යටතේ අංක 2434/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ අංක 2430/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග අනුමත කිරීමට නියමිතව තිබේ.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

2025 අගෝස්තු 22 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂ විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් එකඟත්වය පළ වී තිබේ. 2025 ජූලි 24 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී විපක්ෂය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

ලබන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17608 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site