IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ

(යොහාන් භාසුර)

රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය.

පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී සංඝටක යැයි ද සඳහන් කළාය.

රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ මෙම කරුණු ද්විත්වයම සපුරාලීමට අපොහොසත්  නිසා ඒවා කාබනික පොහොර නොව රසායනික පොහොර බවත් රසායන විද්‍යාවට අනුකූලව යූරියා ද කාබනික සංයෝගයකක් වුවද රසායනිකව නිශ්පාදනය කරන බව ද පැවසුවාය.

එදිනෙදා ව්‍යවහාරයට අනුව කාබනික පොහොර යනු ශාඛ කොටස් වැනි කිසියම් හෝ ජීවි ද්‍රව්‍යක් යොදාගනිමින් නිෂ්පාදනය කරන පොහොර බවත් ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කිසියම් ඛනිජ නිධියකින් ලබාගත් අකාබනික ලවණයක් බවත් මහාචාර්යවරිය පවසන්නීය.    

මෙලෙස ගෙන ආ පොටෑසියම් ක්ලෝරයිඩ් මියුරේට් ඔෆ් පොටෑෂ් ලෙස භාවිත කරන රසායනික පොහොරක් වන බවද ඇය වැඩිදුර පැහැදිලි කරමින් කියා සිටියාය.

කෘෂිකර්ම අමාත්‍යවරයාට පොහොර ගැන දැනුමක් නොමැති බැව් අනුමාන කළ හැකි වුවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව මහාචාර්යවරයෙකු බව කී මාහාචාර්ය මෙත්තිකා මහත්මිය පැවසුවේ වරායට ළගා වී ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ පොහොර කාබනික පොහොර යැයි පැවසීම මුසාවක් බවයි. 



අදහස් (19)

‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ

සුදන්ත Thursday, 14 October 2021 05:40 PM

මහාචාර්යවරිය වැරදි ඇති. ඇමතිවරුන්ට වරදින්නේ නෑ පුදුම දැනුමක් තියන්නේ. බුද්ධිය දෝරෙ ගලනවා.

:       0       3

Nuwan Thursday, 14 October 2021 06:02 PM

ඔය මූල ද්‍රව්‍ය අපේ කෘෂිකර්ම ඇමතිතුමා අලුතින් හොයාගත්ත එකක්. ආවර්තිත වගුවටත් හෙට අනිද්දට දානවා

:       0       4

Sunil Thursday, 14 October 2021 06:13 PM

පොටෑසියම් ක්ලෝරයිඩ් සාමාන්‍ය ලුණු (සෝඩියම් ක්ලෝරයිඩ්) මෙන්ම රසායනික ද්‍රව්‍යයක් බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම සියලුම කාබනික ද්‍රව්‍ය වල මෙන් එහි කාබන් නොමැත. අපේ ඇමතිවරුන් කුමන ආකාරයේ මෝඩයන්ද සහ ඔවුන්ගේ ගෝලබාලයින් කෙතරම් බැඳී සිටින්නේද යන්න පෙන්වයි.

:       0       3

ගජමිතුරු Thursday, 14 October 2021 06:17 PM

ඇමතිවරයාත් හැට නවයේ කල්ලියේ වියතුනුත් කියන්නෙ කාබනික කියලා .රසායනික විද්‍යාව උගතුන් කියනවා රසායනික කියලා. කවුද හරි කියලා දන්න කෙනෙක් කියන්න.

:       0       3

MO77 Thursday, 14 October 2021 06:29 PM

උදිත් කේ ජයසිංහ මහතා නම් අමාත්‍යාංශයේ කෑදරයා වන අතර සෑම අවිද්‍යාත්මක නොවන දෙයක් ගැනම සහ ව්‍යාපාර හා ආර්ථික කරුණු පිළිබඳ වැරදි වැටහීම් ගැන නිහඬව සිටී. වයඹ විශ්ව විද්‍යාලයට එය ඉතා නින්දිත ය.

:       4       50

Nirmal Thursday, 14 October 2021 06:36 PM

ඕක ඕනි පොඩි එකෙක් දන්නවා, මේ ආණ්ඩුවේ විද්වත්තු නොදන්නවා උනාට.

:       0       52

fairoos Thursday, 14 October 2021 06:39 PM

මෙතුමිය නේද කොරෝනා සිරුරු භූමීදානයට එක එක දේවල් කිව්වේ ?මෙච්චර කල් කොහෙද හිටියේ ?

:       58       14

Prabha Thursday, 14 October 2021 07:04 PM

225 ම අපහු පාසැල් යැව්වොත් හොඳයි වගේ

:       0       43

පිටිගල මිලානෝ Thursday, 14 October 2021 07:18 PM

මහලොකු වියත්තු.... පොටෑසියම් ක්ලෝරයිඩ් (KCl) වල තියෙන්නේ පොටෑසියම් සහ ක්ලෝරීන්. කාබනික ද්‍රව්‍යයක් වෙන්න එහි කාබන් මූලද්‍රව්‍ය අඩංගු වියයුතුයි කියන එක වත් තේරෙන්නේ නැති වැස්සකටවත් ඉස්කෝලෙකට රින්ගපු නැති වියත්තු.....

:       3       58

Lelwala Thursday, 14 October 2021 07:48 PM

5 පංතියේ ලමයෙක් වුනත් දන්නව කාබනික පොහොර කියන්නෙ මොනවද රසායිනික පොහොර කියන්නෙ මොනවද?

:       0       50

පැරකුම් Thursday, 14 October 2021 07:52 PM

තර්කානුකූලව මහාචාර්යවරිය නිවැරදියි. ඒ අනුව අපේ එප්පාවල පොස්පේට්වල තත්වය කුමක්ද?

:       1       33

චන්දන Thursday, 14 October 2021 08:16 PM

මම හිතන විදියට ආණ්ඩුව වචන වරද්දා ගෙන . මෙ කාබනික පෙහොර නොව කෘත්‍රිම සහ ස්වාභාවික පොහොර විය යුතුය . කෘත්‍රිම පොහොර ( උදාහරණ - යූරියා ) නිපදවීම නිසා විෂ ද්‍රව්‍ය පරිසරයට කෘත්‍රිමව එකතු වෙනවා. ස්වභාවික ඛනිජ යොදා ගෙන පොහොර නිපදවීම නිසා එතරම්ම විෂ එකතු වෙන්නේ නැහැ. මේ කියන පොටැසියම් ක්ලෝරයිඩ් එවැන්නක් . ලංකාවෙ පොස්පේට් නිධියත් ස්වාභාවික ඛනිජ පොහොර හදන්න පුළුවන් .

:       3       36

Rasika Thursday, 14 October 2021 09:53 PM

දැන් රසායනික පොහොර ඉල්ලලා දඟලපු ගොවියන්ට නෙකත් හරි යන්නේ නැද්ද

:       1       1

nalin Friday, 15 October 2021 07:13 AM

මේ ආන්ඩුවට කඩේ යන විද්වතුන් කියන්නෙ තනිකරම තමන්ගෙ පැවැත්ම ගැන විතරක් හිතන අය. ඒගොල්ලො රටේ ඉදිරිය ගැන හිතන්නෙ නෑ කොහොම හරි තමන්ට කීයක් හරි හම්බකරගන්න පුලුවන්ද කියල විතරයි බලන්නෙ.

:       0       3

Sahan Friday, 15 October 2021 09:11 AM

කටපාඩම් කරලා මහාචාර්ය වුණාම ඔහොම වෙනවා. මේ වගේ දේවල් මාධ්‍යවලට දෙන්න ඉස්සෙල්ලා ඒක ගැන හොයලා බැලුවොත් හොඳ නැද්ද? ඒක මහාචාර්ය කියන නමට හොඳ නැහැ..

:       1       1

69lakshaya Friday, 15 October 2021 10:06 AM

අපිටනම් 100% විශ්වාසයි. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ කාබනික පොහොර කියලා...

:       1       6

Kg chithrasena Friday, 15 October 2021 06:07 PM

කාබනික ...!

:       0       1

නවින් Saturday, 16 October 2021 02:41 PM

පොතේ ගුරු මහාචාර්යලා. මෙතන තියෙන්නේ KCL කාබනිකද? නැද්ද? යන්න නොව එය කාබනික වගාවේ යොදන පොහොරක් බවයි. කාබනික වගාවේ පොටෑසියම් ක්ලෝරයිඩ් යොදන්න පුළුවන්. පොතේගුරාලාට ඕක තේරුම් ගන්න බෑ...

:       2       0

ලංකා Monday, 18 October 2021 01:19 PM

ආ... මේ වතුරෙන් කොරෝනා බෝවෙනවා කියපු නෝනා නේද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 2 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 353 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 336 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1406 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3097 5

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site