
(කාංචන කුමාර ආරියදාස)
සුඛෝපභෝගී බස් රථයක සියලු පහසුකම් සහිත ‘‘බස්ටුරන්‘‘ නමින් දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් සහිත නව සංචාරක ව්‍යාපාරයක් අද (15) දින ආරම්භ කළේය.
මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව දඹුල්ල මහ නගර සභාව ප්‍රාදේශීය සභාව රාජ්‍ය ආයතනය මැදිහත්වී පෞද්ගලික විවසායකයකුගේ යෝජනාවක් මත දිවයිනේ ප්‍රථම වරට මෙම ව්‍යාපාරය ආරම්භ කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී.එස්. අභයකෝන් මහතා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ගමගෙදර දිසානායක මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල නගරයේදී ආරම්භ කෙරිණි.
මේ බස් රථය දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු නිර්මාණය කොට පළාත් සංචාරක දෙපාර්තමේන්තුව අනුමැතිය ඇතිව මෙම නවමු අත්දැකීම් නිකේතනය ආරම්භ කෙරිණි.
සංචාරක හෝටලයක ඇති සියලූ පහසුකම් සහිතව දඹුල්ල, ඉනාමලුව, කිබිස්ස, සීගිරිය, පැල්වෙහෙර, පිදුරංගල, ආදී ප්‍රදේශවල සහ ප්‍රදේශයේ වැව් අමුනු ඓතිහාසික ස්ථාන ග්‍රාමීය මාර්ගවලින් කිලෝමීටර් ගණනාවක් ගමන් කරමින් බස් රථය තුළ ම සංචාරකයන්ට ආහාරපාන ලබාදීම සහා විවිධාකාරකම් සහිත මෙම නව සංචාරක ගමනාන්තය සැලසුම් කොට ඇතැයි මධ්‍යම පළාත් සංචාරකම් දෙපාර්තමේන්තුව පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ගෙන් අවසර ගන්න වෙයි.
ක්‍රමක් ක්‍රමයෙන් ගමේ ගොඩේ මිනිහගේ බඩටම ගහනවා.අසාධාරණයි නේද?සංචාරක ව්‍යාපාරයෙන් ඵක් ඵක් ගමට නගරයට ආවේණික ආහාර පාන වර්ග කොතරම් තියෙනවද?බස් රථයේ ඉන්නකන් සීතල බීම පානය කරන කෙනා මග දිගට පාර අයිනක ඇති පුංච් පොල් අතු අතුරපු කඩ කෑල්ලක තියෙන තැඹිලි කුරුම්බා ගෙඩියක රස බලයිද?ගොබ්බ රටක ජාතියක් පත්කරපු ආණ්ඩුවක් හිතල බලයිද මේවා?