(උපුල් හේරත්)

මහවිලචිචිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක වෙසෙන ගොවින්ගේ නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීම හේතුවෙන් ඔවුහු මැසිවිලි නගති.

ඔයාමඩුව, සිවලා පිටිය, රනෝරාව, මන්නාරමි හන්දිය, යාය හත, යාය දෙක යන ප්‍රදේශවල වෙසෙන ගොවීන්ගේ වට්ටක්කාවලට නිසි මිලක් නැතැයි ගොවිහු පෙන්වා දෙති.

මේ වන විට වටිටක්කාවල කිලෝවක  මිල රුපියල් 45ක් බවක් ප්‍රවාහන කුලියවත් නොලැබෙන බව ගොවීහු පෙන්වා දෙති.

කණකර  උකස් කරලා, දිවා කාලයේ රිලවි පන්නනවා, රාතියට අලි පන්නනවා. අපි නිදි වර්ජීතව දුක් විදිනවා. බලධාරින් මෙි ගැන සොයා බලා ගොවියාට සහනයක් සලසා දෙන්නැයි ගොවීහු ඉල්ලා සිටිති.