IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මන්දට හසු වූ කඳුකර දිවියා මුදා ගනී

(රංජිත් රාජපක්ෂ)
                       
වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියා අද(12) මුදාගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කෙනිල් වත්තේ පළමු කොටසේ වතු නිවාස පේලියකට ඉහළින් වු ලදු කැලෑවක අටවා තිබු මන්දකට දිවියා අද අලුයම හසු වී සිටියේය.
 
රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා මන්දට හසු වී සිටි කොටියා නිර්වින්දනය කර මන්දෙන් ගලවා එම ස්ථානයේදි ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත රැගෙන ගියේය.
 
අවුරුදු 6 ක් පමණ වයසැති හොඳින් වැඩුණු ගැහැනු සතෙකු වන මෙම දිවියා උස අඩි දෙකක් සහ දිග අඩි 5 කින් පමණ යුක්ත බව වනජීවි නිලධාරීහු කියා සිටියහ.
 
ගොදුරු පසුපස රාත්‍රී කාලයේ සැරිසැරූ දිවියාගේ උදරය මන්දට හසු වී තිබු බවත්, මන්ද ඇටවු එම වතු යායේම පදිංචි වතු කම්කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

ඡායාරූප සහ මුල් පුවත සඳහා පිවිසෙන්න -  තවත් කඳුකර දිවියෙක් මන්දකට හසුවෙයි



අදහස් (6)

මන්දට හසු වූ කඳුකර දිවියා මුදා ගනී

පූජා Sunday, 12 July 2020 10:15 AM

මොහුව මුදා ගැනීම ගැන ඉතාමත් සතුටට පත්වෙමි. අද දිනයේ ඇසූ සුභාරංචිය අප වෙත ගෙන ආ ලංකාදීපයට ස්තූති වන්ත වෙමි...

:       0       0

මල්කාන්ති Sunday, 12 July 2020 10:17 AM

මේ වතු ජනතාව ශ්‍රී ලංකාවට ආදරේ නැහැ වගේ...

:       0       0

[email protected] Sunday, 12 July 2020 10:23 AM

ටික දවසකට කලින් දැනගන්නට ලැබුණා වනජීවී කණ්ඩායම් ඔය කියන " උගුල් " සොයාගොස් විනාශ කරනවා. එ්ත්.. අදත් බිල්ලක්. වාසනාවට මෙයා නිරුපද්‍රිතයි කියලා මට හිතෙනවා. මේ "නොමිනිසුන්ට" ඒ කියන්නේ " උගුල් අටවන නරුමයින්ට දඬුවම් කළ යුතුයි. විශාල මුදලක දඩයක් හෝ දිගු සිර දඬුවමක්...!!! එ්ත්.. උගුල් ඇටවීම තහනම් කරලා " නීති පනවලා "නම් ඒ පුද්ගලයාට දඬුවම් දෙන්න හැකියි. නීතිගත කරලා නැතිව නිකම් කතාවට පමණක් තහනම් කරලා නම් වැඩක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ තවමත් බොහෝ පසුගාමී මට්ටමක තිබෙන රටක්, එයට වගකිව යුත්තෝ " නීති හදන " ආයතනයේ සිටින දේශපාලුවන් නීති සම්මත කරගන්නේ හැම විටකම තමන්ට වාසි වෙන ආකාරයටයි. ඊට රටවැසියත් වගකිව යුතුයි. ඒ අවංක බුද්ධිමත් උගත් සමානාත්මතාව ගරුකරන පුරවැසියන් පමණක් චන්දයෙන් තෝරා පත්කර ගැනීමට ඔවුන් උනන්දු විය යුතුයි.. මේ අහිංසකයින් ගැන කියලා කියලා දැන් අපිට මහන්සිත් එක්ක... එ්ත් එහෙම කියලා බැහැනේ. මේත් ජීවිතයක්. අපි විසින් ආරක්ෂා කළයුතු, අපේ කැලේට, අපේ රටට අයිති, හුස්මගන්න.. අපේම පරණ ඥාතියෙක්..

:       0       0

Ruhunu Sunday, 12 July 2020 11:06 AM

හෙට කියාවි දිවියා මැරුණා කියලා..

:       0       0

කමල් Sunday, 12 July 2020 11:06 AM

වනජීවී එකට බාර දුන් කොටි ඔක්කොම වගේ මරණයෙන් කෙලවර වුණා. මේ සතාවත් බේරිලා ගියොත් වාසනාවකි...

:       0       0

sharm warn Monday, 13 July 2020 03:04 AM

අනේ අර අසරණ කළු කොටියාවත් මේ වගේ කූඩුවක දාගෙන අරගෙන ගියානම් අදටත් ජිවත් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site