(අංජුල මහික වීරරත්න)

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 8 වන ආසියානු කලාපීය සමුළුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අග්නි දිග ආසියානු කලාපිය 3 වන ඒකාබද්ධ සමුළුව පැවැත්වීම සඳහා සත්කාරකත්වය සැපයීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 8 වන ආසියානු කලාපීය සමුළුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අග්නි දිග ආසියානු කලාපිය 3 වන ඒකාබද්ධ සමුළුව 2027 වර්ෂයේ අප්‍රේල්/මැයි මාසවලදී දින තුනක් පුරා කොළඹදී පැවැත් වීමට සලසුම් කරනු ලැබ ඇත. 

එම සමුළු සඳහා ආසියානු සහ අග්නි දිග ආසියානු කලාප තුළ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සාමාජික රටවල් නියෝජනය කරන කථා නායකවරුන්, නියෝජ්‍ය කථා නායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් ඇතුළු නියෝජිතයින් 90 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිතය. පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික භාවය සහ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කරගැනීම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර පිළිගැනීම වැඩි දියුණු කරගැනීමට ඇති අවස්ථාවන් සැලකිල්ලට ගනිමින් එකී සමුළු ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සත්කාරකත්වය දැක්වීම පිණිස  අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.