



(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

(ඡායාරූප - සුදත් එච්. එම්. හේවා)
වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ මන්දකට පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියෙකු හසු වී ඇති බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කනිල්වර්ක් වත්ත පළමු කොටසේ වතු නිවාස පේලියට පිටුපස ලඳු කැලෑවක අද (12) අලුයම මන්දට හසු වී සිටියේය.
දිවියා නිර්වින්දනය කර මුදා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
තේ වත්තේ සැරිසරන වන සතුන් දඩයම් කිරීම සඳහා වතු කම්කරුවෙකු අටවන ලද මන්දකට දිවියා හසු වී ඇති අතර, තේ වතු ආශ්‍රිතව අටවා ඇති මදු ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විටත් වතුකරය පුරා වනජීවි දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කර ඇත.
ගොදුරු සොයා තේ වත්තේ සැරිසරන දිවියන් පසුගිය කාලයේ මෙසේ මදුවලට හසු වී සිටියදි ඉන් දිවියන් කිහිපදෙනෙකු මුදා ගැනීමට වනජිවි නිලධාරින් සමත් වු අතර කළු කොටියෙකු ඇතුළු දිවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයටද පත් විය.
කඳුකර දිවියාගේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න - මන්දට හසු වූ කඳුකර දිවියා මුදා ගනී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවදුරත් මේ ගැන සිත් පෙලාගෙන අදහස් පළ කිරීම නිශ්ඵල ක්‍රියාවකි. නුඹලා වැනි දුර්ලභ සත්වයින්ගේ අගය නොදත් මෝඩ මිනිසුන් අතර ඉපදෙන්නට සිදුවීම නුඹලාගෙත් අපගේත් කරුමයකි. පිට දේශයක නුඹලා ඉපදුනේ නම් ඒ සත්ව කරුණාවෙන් හදවත් තෙත් වූ සැබෑ මිනිසුන්, නුඹලාව හොඳින් රැක බලාගන්නවා ඇත."වඳින්න වඳින්න ගහන මිනිහාත් මෝඩයා, ගහන්න ගහන්න වඳින මිනිහාත් මෝඩයා "යන ප්‍රස්තාපිරුළ මගේ සිහියට නැඟෙයි..
ටික දවසකට කලින් දැනගන්නට ලැබුණා වනජීවී කණ්ඩායම් ඔය කියන " උගුල් " සොයාගොස් විනාශ කරනවා. එ්ත්.. අදත් බිල්ලක්. වාසනාවට මෙයා නිරුපද්‍රිතයි කියලා මට හිතෙනවා. මේ "නොමිනිසුන්ට " ඒ කියන්නේ " උගුල් අටවන නරුමයින්ට දඬුවම් කළ යුතුයි. විශාල මුදලක දඩයක් හෝ දිගු සිර දඬුවමක්...!!! එ්ත්.. උගුල් ඇටවීම තහනම් කරලා " නීති පනවලා "නම් ඒ පුද්ගලයාට දඬුවම් දෙන්න හැකියි. නීතිගත කරලා නැතිව නිකම් කතාවට පමණක් තහනම් කරලානම් වැඩක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ තවමත් බොහෝ පසුගාමී මට්ටමක තිබෙන රටක්, එයට වගකිව යුත්තන් "නීති හදන" ආයතනයේ සිටින දේශපාලුවන් නීති සම්මතකර ගන්නේ හැම විටකම තමන්ට වාසි වෙන ආකාරයටයි. ඊට රටවැසියාත් වගකිව යුතුයි. ඒ අවංක, බුද්ධිමත් උගත් සමානාත්මතාව ගරුකරන පුරවැසියන් පමණක් ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට ඔවුන් උනන්දු විය යුතුයි. මේ අහිංසකයින් ගැන කියලා කියලා දැන් අපිට මහන්සිත් එක්ක... එ්ත් එහෙම කියලා බැහැනේ... මේත් ජීවිතයක්. අපි විසින් ආරක්ෂා කළයුතු, අපේ කැලේට.. අපේ රටට අයිති, හුස්ම ගන්න.. අපේම පරණ ඥාතියෙක්.. අපේම එකෙක්.. ඉක්මණට සුවවෙලා කැලේට පැනපන්.. ආයේ කවදාවත් මේ පළාතටවත් එන්න එපා.
මෙහිදී දිවියාගේ ජීවිතය පමණක් නොව, වතු නිවාස පේලියේ ජීවත්වන මිනිසුන් සහ ඔවුන්ගේ දරු පවුල්වල ජීවිතත් එකසේ වැදගත් බව සැලකිය යුතුයි...
මේ වතු කම්කරුවන් ගැන දීර්ඝ කාලයක සිට තොරතුරු අප දන්නවා. ඒවා කියන්නට මෙහි ඉඩ නැහැ. කෙසේ වෙතත් මේ වතුකම්කරුවන් වනජීවී අංශ විසින් හුරතල් කරනවා වගේ පෙනෙනවා. මොවුන් හයහතර නොදත් බබ්බු නොවේ... තලගොයා, ඉත්තෑවා, ඉබ්බා ඇතුළු වනසතුන් මරාගෙන කන මොවුන් දිවියාගේ නිය දත් සම් ආදිය ගෙන විකිණීමට මේ පුඩු තබන්නට පුරුදුව සිටී. එබැවින් බුද්ධි අංශ යොදවා මේ පිළිබඳ තොරතුරු ගෙන මේ වන සතුන් ආරක්ෂා කරගත යුතුයි. පසුගිය දිනවල රටේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබියදීත්, මේ වතුකම්කරුවන් නැවතත් දිවියන්ට පුඩු තැබීම ඔවුන්ගේ තිරිසන් බවට හොඳ සාක්ෂියකි. පුඩු අටවන්නන් එසේ කරන විටම උපක්‍රමශීලීව අල්ලාගෙන නීතියට ඉදිරිපත් කිරීමට වනජීවි එක වහා කටයුතු කළ යුතුයි. නොඑසේ නම්, මේ සතුන්ගේ ජීවිත එහෙම පිටින්ම නැවතත් අවදානම්ය. බිහිරි අලින්ට වීණා වාදනයෙන් වැඩක් නැති සේම බලධාරීන්ට ද වටිනා අදහස් වලින් ඵලක් නැත්තේය. ඒ මන්දයත්.. ඔවුන්ට අවශ්‍ය වනුයේ වතු කම්කරුවන් හොඳින් තබාගෙන තම වැටුප් සහ වරප්‍රසාද ලබාගැනීමටයි. මේ නිසා අසරණ වන සතුන් දිනෙන් දින අප රටට අහිමි වෙමින් පවතියි. බලධාරයිනි, දැන් හෝ නින්දෙන් අවදිව.. මේ සතුන් රැකගනු මැනවි.. එය ඔබලාගේ වගකීමයි.
ඔය ප්‍රෙද්ශයේ සත්තුන්ට මදු ගසන්නේ මීට වසර 50කටත් පෙරසිට... තවම ඕක නවත්තන්න කිසිම රජයකට නොහැකියි. මේ අය කවුද? ඔය මදුගහන කෙනෙක්, දෙන්නෙක් ඔය මද්දකටම එල්ලලා දැම්මා නම් ඉවරයි...
ස්තුතියි දෙකටම. 1. පැන්තේරා පාඩියුස්ට (පාදුස්) කොටියා නොකියා හරි නම දිවියා කියලා කීම. 2. අහිංසක සතාගේ දිවි ගලවා දීම.
වතුකරයේ සතුන්ට අටවලා තියෙන "උගුල් " සොයා විනාශ කරන බවක් ඇසුනත් අදත් බිල්ලක්. වාසනාවට මේ "කොටි කෙල්ලට " කරදරයක් නැහැ වගේ පෙනෙන්නේ.
වතුකරයේ සතුන්ට අටවලා තියෙන "උගුල් " සොයා විනාශ කරන බවක් ඇසුනත්. අදත් බිල්ලක්. වාසනාවට මේ "කොටි කෙල්ලට " කරදරයක් නැහැ වගේ... පෙනෙන්නේ. සතුන්ට උගුල් අටවන " නොමිනිසුන්ට " දඬුවම් දෙනවා කීවාට පලක් නැහැ. දඬුවම් නිතිගතකරලාද කියලා සොයාබැලිය යුතුයි. නැතිනම් පලක් නැහැ. වනජීවී නිලධාරිනුත්, පොලිසියත් අසරනවෙනවා. ඒ නිසා මුලින්ම සියලුදෙනාම ඒ කරුණ ගැන අවධානය යොමුකලයුතුයි. විශේෂයෙන්ම පරිසර වේදීන්. අපේ ජගත් ගුණවර්ධන නීතිඥ මහත්මයා තමයි මේ නීති ගැන හොඳටම දන්නේ. මේ පිටුවෙන්ම අපි ...මේ අවුරුද්දේ පමණක් කී වතාවක් සත්ව හිංසනයට විරුද්ධව කෑ ගහලා තියෙනවාද. කොයි තරම් වාරයක් ලෝකෙටම හොරෙන් කඳුළු හලලා ඇතිද. කියන්නත් කනගාටුයි අපේ රටේ බහුතරයක් ජනතාව මේ වන සතුන් සහ මිනිසා අතර ඇති ගැටුමේ මුල ,හරි හැටි හඳුනාගෙන නැහැ. එසේත් නැතිනම් ඒ අය ඒ "තිත්ත ඇත්ත" අසන්නට කැමති නැහැ.
පුඩු අයින් කරනවා යයි වනජීවි එකෙන් කීවත්, එය සැමදා කළ හැකි දෙයක්ද? සිදුකළ යුත්තේ පුඩු තබන එක වැළැක්වීම නොවේද? දිවියා සැරිසරනුයේ රාත්‍රී කාලයේදීය. රාත්‍රී කාලයේදී මිනිසුන් නින්දේය. එබැවින් දිවියාගෙන් නිදාගන්නා මිනිස්සුන්ට හානියක් නැත. සිංහරාජයේ අප අතර වූ දිනක එළියේ නිදාසිටි සුනඛයා මධ්‍යම රාත්‍රියේ පැමිණි දිවියා ගෙනගොස් තිබුණි.. එහෙත් දිවියාට කෑමට මිනිසුන් එළියේ නිදාගන්නේ නැත. පුඩු තබන්නේ අනිවාර්යයෙන්ම දිවියන් අල්ලා ගැනීමට නොවේද? හොඳින් රැකසිට මේ පුඩු තියන්නන් ඇල්ලීම කළ යුතු නොවේද? ඔවුන් නීතිය හමුවට එසේ අල්ලා ඉදිරිපත් කළ යුතු නොවේද? මෙසේ කළහොත්, පිටපිට එසේ සිදුවන විට ඔවුන් එයට බියවී ඉබේම පුඩු තැබීම නතර වී යනු ඇත. එහෙත්, එසේ නොකර ඔවුන් පුඩු තැබීමෙන් පසුවන සතුන් ඒවායෙහි හිරවීමෙන් පසු කරන බේරාගැනීම නොකළ යුත්තක් නොවේද? සිදුවිය යුත්තේ පුඩු තබන්නන් එසේ තබන වෙලාවේදීම අත්අඩංගුවට ගැනීම නොවේද?