
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය , මුදල් සමග පුද්ගලයන් දෙදෙනකු දෙදෙනකු මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
එම සැකකරුවන් දෙදෙනා සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 09, මිලි ග්‍රෑම් 560 ක් රුපියල් 150.000.00, ජාවාරම්ම සඳහා යොදාගත් ජංගම දුරකථන 02 ක් පොලිස් භාරයට ගෙන ඇත.
නිලධාරීන් කණ්ඩායමක් වැල්ලවත්ත පොලිස් වසමේ ඩබ්.ඒ. සිල්වා මාවත, පාමංකඩ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තීරෝද රථයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කිරුලපන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වන එම පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ලේගොඩ මද්දුමගේ දිනේෂ් තරංග නොහොත් තරංග යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන ප්‍රධාන ගෝලයෙකු බවට කරුණු අනාවරණය කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd