
(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හෙට (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවට කැදවීමට නියමිතව ඇත.
කෙහෙල්බද්දර පත්මේ සමග ඉතා සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලනඥයන් 6 දෙනකු ද ප්‍රකාශ සටහන් කරගැනීම සදහා ඉදිරි දින කීපයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම දේශපාලනඥයන් අතර දේශපාලන පිටියේ පෙරැළි කරනු බලන දේශපාලනඥවරියක ද සිටින බව එම විශ්වාසදායී පොලිස් ආරංචි මාර්ග කීවේය.
පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා ඇතුළු අපරාධකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරනු ලබන විමර්ශනවලට අනුව හෙළිකරගත් තොරතුරු මත මෙම දේශපාලනඥයන් ඉදිරි දින කීපය තුළ කැදවීමට නියමිත බව එම උසස් නිලධාරියා කීය.
කෙසේ වෙතත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා සමග සම්බන්ධතා පවත්වා ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා සමග එම දේශපාලනඥයන්ගෙන් ඉතා සමීප සබදතා පවත්වා ඇති බවට දැනට කරන ලද තොරතුරුවලදී අනාවරණය වී ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ එම දේශපාලනඥයන් පත්මේ නැමැත්තා සමග මූල්‍ය ගනුදෙනු කර තිබේද?, කිසියම් අපරාධවලට සම්බන්ධතාවක් තිබේද යන්න පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බවය.
අපරාධ කල්ලි නායක මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ, බැකෝ සමන්, පානදුරේ නිලංග, කමොන්ඩෝ සලින්ද සහ තැඹිලි ලහිරු නැමැත්තන් ඉකුත් වසරේ අගෝස්තු මාසයේ මෙරට පොලිසියේ නිලධාරින් ඉන්දුනීසියානු පොලිසිය සමග එක්ව ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආහ.
අනතුරුව කෙහෙල්බද්දර පත්මේ, පානදුරේ නිලංග සහ කමාන්ඩෝ සලින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් බැකෝ සමන් සහ තැඹිලි ලහිරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයටත් බාරදී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd