
(අංජුල මහික වීරරත්න)
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය අනිවාර්ය විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ප්‍රමිතියෙන් යුතු උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන අතරම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත ප්‍රවේශවන ජනතාවට එමඟින් වඩාත් විශ්වාසදායක අයුරින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් නාවින්න පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ සිදු කළ කරුණු විමර්ශනය කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනාගාරයේ සියලුම අංශ නිරීක්ෂණයට ලක් කරමින් නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලූ අතර, එහිදී යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියාව, නව නිෂ්පාදන යන්ත්‍ර මිලදී ගැනීම, බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා සුර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම මෙන්ම අවශ්‍ය කාර්යමණ්ඩල බඳවා ගැනීම් ආදී කරුණු පිළිබඳ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ද සොයා බැලුවේය.

2025 දෙසැම්බර් මස 16
108
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි
Neel Friday, 17 January 2025 03:02 PM
ඉතාමත්ම අත්‍යාවශ්‍ය කාලෝචිත තීන්දුවක්. හැමතැනම ආයුර්වේද බේත් තෙල්...!
දිමුත් Friday, 17 January 2025 03:08 PM
ඕකේ වෙළෙඳසැල හවස 4ට කලින් වහනවා. පුළුවන් නම් තව ටික වේලාවක් විවෘතව තබන්න...