
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගෙවල් කුලී සම්බන්ධයෙන් ගෙන ආ නව පනත් කෙටුම්පත මගින් කුලී නිවැසියන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කිසිම තහනමක් පැනවෙන්නේ නැතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
එම පනතින් නතර කර ඇත්තේ කුලී නිවැසියන්ට හිරිහැර කර අනීතිකව පන්නා දැමීම පමණක් බව අමාත්‍යවරයා කීය.
"නීතියක් හැදීමේදී ඒ ගැන සාකච්ඡාවක් නිර්මාණය වීම ඉතා හොඳ දෙයක්.එවිට නීතිය හොඳ තත්ත්වයකට එනවා.නමුත් ඒ ගැන සාකච්ඡාව වන්නේ ද්වේශ සහගතව නම් පනත තේරුම් ගන්නේ නැතිව අරමුණ විනාශ කරන්න උත්සාහ ගන්නවා.මහ හඬින් කෑ ගහලා කියන හැමදේම ඇත්ත නෙමෙයි.ගොඩක් වෙලාවට බොරුවේ සද්දෙ වැඩියි.කුලී නිවාස ගැන ඉදිරිපත් කෙරුණු නීතිය ගැනත් එවැනි අසත්‍ය කරුණු පතුරුවනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියෙන්නේ ප්‍රායෝගිකත්වය සම්බන්ධ ගැටළුවක්. නිසි පිරිදි බදු ඔප්පු ලියලා කෙනෙකුට ගෙයක් දුන් පසු බදු ගැනුම්කරු ගෙවීම් කිරීම ඕනෑකමින් පැහැර හරිනවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරිකමක් නෑ. ඒත් ලංකාවේ හැටියට ඒක අතිශයින්ම වෙහෙසකර කටයුත්තක්. ඒ නිසා තමයි බදුහිමියෝ වෙනත් ක්‍රම යොදාගන්න පෙළඹුනේ බලහත්කාරයෙන් ඉන්න අය ඉවත් කරන්න. මේ පනත විකුණුම්කරුගේ පැත්තෙන් අතිශයින් අවාසි සහගතයි කියන එක තමයි මගේ හැඟීම...
ඔයා නම් හතර අතටම අනාගෙන තියෙන්නේ, ඒ නිසා කට පරිස්සම් කර ගන්න! එහෙම නැත්නම් ඕක ළමයෙකුට හරි දිලා නීතිපතිගෙන් ජොබ් එකක් ඉල්ලා ගන්න.
සිරිමා බණ්ඩාරනායක අගමැතිකම කළ කාලයේ ගෙනා පනතක් නිසා කුලීකරුවන් විශාල නිවාස සංඛ්‍යාවක් අයිති වුණා. අවසාන ඵලය කුලියට දෙන ගෙවල් හැදීම නතර වුණා. ඒක අර්බුදයක්... කුලී ගෙවල්වල රටකට අත්‍යාවශ්‍ය දෙයක්... දැන් නැවත ඒ තත්ත්වයට යන්න පාර කැපෙන නොවේද?
මෙලෝ රහක් නැහැ මේ ගොබ්බ හැත්ත මේක කියුබාවක් වෙයිම තමයි... මේ ගොබ්බ හැත්ත නිසා මිනිසුන්ට අප්‍රසන්නයි....
ලංකාවේ ගෙයක් කුලියට දෙනවා කියන්නේ මාර භයානක වැඩක්. මොන නීති ගෙනාවත් අන්තිමේ එළවාගන්න බැහැ. ඒකෙන් වෙන්නේ කුලී නිවාස සදහා ආයෝජනය කිරීම නවතින එකයි.