
(යොහාන් භාසුර)
වංචනික ලෙස විදුලිය පරිහරණය කළ පුද්ගලයන්ගෙන් පසුගිය වසර (2025) තුළ රුපියල් කෝටි 9 කට අධික මුදලක් අයකරගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දීප ව්‍යාප්තව කළ වැටලීම්වලදී රුපියල් නව කෝටි විසිහත්ලක්ෂ හැත්තෑදහස් හැටඑකක (රුපියල් 92,770,061.21) මුදලක් අයකරගත් බවත් එම මුදලින් රුපියල් මිලියන දෙකකට (රුපියල් 2,527,500) අධික මුදලක් නීතිය ක්‍රියාත්මක කිරීමේ ගාස්තු ලෙස වියදම් කළ බවත් එම මණ්ඩලය සඳහන් කළේය.
එම වැටලීම්වලදී විදුලි මීටර වෙනස් කර විදුලිය ගැනීමේ සිද්ධීන් 1,259 ක් සහ කොකු යොදා අනවසරයෙන් විදුලිය ගැනීමේ සිද්ධීන් 72 ක් අනාවරණය වූ බව කියන විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකරු ඉන්දික ප්‍රනාන්දු මහතා එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බව ද සඳහන් කළේය. විදුලිබල මණ්ඩලයේ විමර්ශන ඒකකයට ලැබෙන සියලුම පැමිණිළි පිළිබඳව වැටලීම් කර වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව කී ඉන්දික ප්‍රනාන්දු මහතා වංචනික විදුලි පරිභෝජනයන් සම්බන්ධයෙන් තොරතුරු 0112422259 හෝ 1987 යන දුරකථනවලට දැනුම් දියහැකි බව ද සඳහහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd