හල්දුම්මුල්ලේ අනතුරකින් 8 ක් රෝහලේ හල්දුම්මුල්ල බත්ගොඩදී ඊයේ රාත්‍රී 11.30 පමණ සිදු වූ රිය අනතුරකින් අට දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පස් දෙනෙකු දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත. 24 December 2017
ඇල්ලට ගිය රියේ හිමිකරු - රියදුරු රිමාන්ඩ් ඌරුබොක්ක සිට පැමිණි පෞද්ගලික බස්රථයක් (23 වැනිදා) අද අඵයම රත්නපුර පතුල්පාන දොඩම් ඇල්ලට පෙරළීමෙන් සිදූවූ අනතුරින් දෙදෙනකු මියගොස් 42ක පමණ පිරිසකට තුවාල සිදුවිය. මේ අනතුර සම්බන්ධව එම බස්රථයේ හිමිකරු සහ බස්රථය ධාවනය කළ රියදුරු රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් තිසාණි තේනබදු මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදී 2018 ජනවාරි මස 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමට නියමකළාය. 23 December 2017
පොදුජන පෙරමුණ සන්ධානයකට සැරසෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී වඩාත් ප්රබලව පක්ෂ 20 ශක්තියෙන් තමන් සමග අලුතින් එක්වීමට දැනට කැමැත්ත පළකර ඇති සියලු පක්ෂ සමග සන්ධාන ගතවී ඒකාබද්ධ පොදුජන පෙරමුණ නාමයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වෙයි. අද (23) දහවල් පැවති පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී එලෙස තීරණය කර ඇත. 23 December 2017
ශ්‍රී ලන්කන් - මිහින් ලංකා ගැනත් විමර්ශන කමිටු වංචාව සහ දූෂණය පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නොනවත්වා කරගෙන යන බවත් අද රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව තමන්ට ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය පිළිබඳව සොයා බැලීමට ද නව කොමිසම් දෙකක් පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. 23 December 2017
ඒකදන්තයා හොරෙන්ම පුරුදු කැලේට යයි ගලිගමුව අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා සිටි ඒක දන්ත හස්තියා නැවතත් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිය වාසභූමිය වූ ගලිගමුව වැව් රක්ෂිතයටම පැමිණ සිටියදී සොයාගෙන ඇත. 23 December 2017
පිලිපීනයේ කුණාටුවකින් 133ක් මරුට පිලිපීනයට අයත් මින්දනාවෝ දූපත හරහා හමාගිය වැසි සහිත කුණාටුවෙන් හටගත් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 133 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 23 December 2017
බසයක් පෙරළී දෙකක් මරුට 41 රෝහලට උෟරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පැල්මඩුල්ල පතුල්පාන දොඩම්ඇල්ල දිය ඇල්ලට පෙරළීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි 23 December 2017
ලාංකිකයා හරවා එව්වාට එක්සත් ජාතීන්ගේ විරෝධය සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් ඕස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලාංකිකයකු බලහත්කාරයෙන් නැවත ශ්‍රී ලංකාවට යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විරෝධය පළ කර තිබේ. 22 December 2017
අලි 16ක් අන්දරවැව, තිස්සපුර වගා වනසති 16 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් පසුගිය දින කිහිපයේදී හම්බන්තොට සූරියවැව, අන්දරවැව සහ තිස්සපුර ඇතුළු ගම්මානවලට කඩා වැදී වගාවන් රැසක් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 22 December 2017
තැපැල් ඡන්ද අයැදුම් කරන්න ගුරුවරුන්ට කාලය මදිලු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. 22 December 2017
සයිටම් සිසුන්ට සාධාරණය ඉටු නොවූනොත් දැඩි ක්‍රියාමාර්ග නිසි ප්‍රමිතියකින් හා වෛද්‍ය සභාවේ අනුමැතියෙන් ද තොර සයිටම් වෛද්‍ය පීඨය වහා අහෝසි කර එහි සිසුන්ට සාධාරණය ඉටුකිරීමට රජය පියවර නොගතහොත් දෙසැම්බර් 31 වැනිදායින් පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පවසයි. 22 December 2017
තෝරාගත් ධීවරයන්ට නිවාස ආධාර දීම ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි මාතලේ ලග්ගල කන්දේ පිටවල හා දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ තෝරාගත් ධීවරයන් පිරිසකට නිවාස ආධාර ලෙස රුපියල් 50000 බැගින් රජයේ චෙක්පත් මේ දිනවල දඹුල්ල ජලජීවී කාර්යාලයේ නිලධාරීන් ලබාදෙන බවට මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානිකා රූපසිංහ මහතා වෙත අද (22) පැමිණිල්ලක් ලැබී තිබේ. 22 December 2017
පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂකගේ නිවසට මිලියන 48 ක් මහජන මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය විනයක්, කළමනාකරණයක් තිබිය යුතුය යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන් ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙසේ ප්‍රකාශ කළේය. 22 December 2017
කොළඹින් බදුල්ලට විශේෂ දුම්රියක් පාසල් නිවාඩුව සහ උත්සව සමය වෙනුවෙන් අද (22) සිට ජනවාරි 6වැනිදා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසයි. 22 December 2017
මත්පෙති 7800 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ලෝකයේ රටවල්වල මත්ලෝලීන් මත්ද්‍රව්‍ය සඳහා භාවිතා කරන ‘යාබා’ නැමැති මත්පෙති 7800 ක් සමඟ පුද්ලගයන් දෙදෙනක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් අද (22) කිරිබත්ගොඩ දී අත්අඩංගුවට ගනු ලැබු බව පෑලියගොඩ පොලිසිය කියයි. 22 December 2017
ලක්ෂ 50ක රට මත්පැන් සමග අයෙක් කොටුවෙයි රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් කොළඹ වරායෙන් හොර රහසේ පිටකිරීමට උත්සාහ කළ අයෙක් සුඛෝපභෝගී වෑන් රියක් සමග කොටහේන ගල්පොත්ත වටරවුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 22 December 2017
තිරප්පනෙන් පොහොට්ටුව ඉවත් කිරීමට එරෙහිව උසාවි යයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය අනුරාධපුර තේරිම්භාර නිලධාරවරයා විසින් ප්‍රතික්ෂේප කිරිමට විරැද්ධව අධිකරණයට යාමට පක්ෂය විසින් තිරණය කර ඇතැයි උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි. 22 December 2017
ජවිපෙ පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් අත්අඩංගුවට නීති විරෝධීව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තනමල්විල පොලිසිය කියයි. සැකකරුවන් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු බව ද පොල්සිය පවසයි. 22 December 2017
සම්බන්ධන් රෝහලේ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී. 22 December 2017
මීගමුවේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට හලාවත සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියට අද (22) මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 22 December 2017
නාඳුනන මළ සිරුරු නිසා දකුණු කොළඹ මෘතශරීරාගාරයේ දුර්ගන්ධයක් දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරය නාඳුනන මළ සිරුරු 13 ක් ශිතාගාරවල තිබීම හේතුවෙන් අධික දුඟඳක්ද හමා යන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 22 December 2017
කොළඹ - නුවර පාර වසා පිළිමතලාවේදී විරෝධතාවයක් පිළිමතලාව, ඩී.බී.විජේතුංග මාවත පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද(22) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පිළිමතලාව නගරයෙන් අවහිර කරමින් විරෝධයක නිරත වෙති. 22 December 2017
කෙසෙල්ගමු ඔයට දැවි තෙල් මුසු කිරිම ගැන පරික්ෂණයක් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයට අද (22) තේ කර්මාන්ත ශාලාවක ඉවතලන දැවි තෙල් සහ කසල තේ දියකර මුදාහැරිම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත. 22 December 2017
ඡන්ද නීති කැඩු සිව් දෙනෙක් අත්අඩංගුවට ඡන්ද නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී පෙළපාළි ගොස් පොලිස් නිලධාරියකු අනතුරට ලක් කළ බව කියන හතර දෙනකු ත්රීකරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය කියයි. 22 December 2017
මැතිවරණ කොමිසම හා පොලිසිය අතර හදිසි සාකච්ඡාවක් පොලිසිය හා මැතිවරණ කොමිසම අතර හදිසි සාකච්ජාවක් මේ වනවිට මැතිවරණ කොමිසමේ දී පැවැත්වේ. 22 December 2017
කොළඹ එජාප ලැයිස්තුවට කුඩු පුතකු රිංගවීම අගමැති වළක්වයි පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකුගේ පුත්‍රයකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමේ වෑයම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) අලූයම වළක්වනු ලැබීය. 22 December 2017
ඇමෙරිකාවට විරුද්ධව රටවල් 128ක් ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කරන ප්‍රකාශයට ඉවත් කරගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 128ක් හිමිවිය. 21 December 2017
සාරි පොට සිද්ධියේ නිරීක්ෂණ හෙට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මහනුවර පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරන ලද ලොව දිගම ඔසරි පොට වැඩසටහන සඳහා කටුගස්තොට සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමයින් 251ක් සහභාගී කරවීම සම්බන්ධව තමාගේ නිරීක්ෂණ හෙට(22) පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ විගණන අංශයට යොමු කරන්නේ යැයි මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ආර්.එම්.ටී.එෆ් රත්නායක මහතා ‘ලංකාදීපය’ට පැවැසීය. 21 December 2017
යාපනයේ ආයතන හතරකින් පොහොට්ටුව විසිවේ යාපනය පළාත් පාලන ආයතන 17ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ ලබා දුන් නාමයෝජනා අතරින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ලබා දුන් නාමයෝජනා පත්‍ර හතරක් ප්‍රතික්ෂේප වී ඇති බව යාපනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය. 21 December 2017
මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා හදිස්සියේ රෝගාතුරව සිටියදි මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය. 21 December 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026