බදුල්ලේ බස් රියදුරු කපා කොටා පුද්ගලයෙක් පලා යයි බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී අද (27) අලුයම ශ්‍රී ලංගම මොනරාගල ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් රථ රියදුරෙක්ව බස් රථය තුළ දී පුද්ගලයෙක් කපා කොටා පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 27 December 2017
හෙරොයින් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට අඹුසැමි යුවලක් සන්තකයේ තිබී හෙරෝයින් 600ක් සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි 27 December 2017
තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම කියන්නේ නෑ මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය වෙනම ප්‍රකාශ නොකරන බව මැතිවරණ කොමිසම පවසයි. 27 December 2017
ඡන්දෙට විදේශීය නිරීක්ෂකයන් නෑ පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු විදේශීය නිරීක්ෂකයකු සහභාගී කර නොගන්නා බව මැතිවරණ කොමාසසේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පැවසීය. 27 December 2017
පෙර අමනාපයට අයියා මලෝ ඇසිඩ් ගහලා සහෝදරයින් දෙදෙනෙක් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලබා එක් අයකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව කොස්වත්ත පොලීසිය කියයි. 27 December 2017
මීරිගම සිසුවකු අතුරුදහන් මීරිගම නගරයේ පැවැති පෙරහරක් බැලීමට පසුගිය 24 වෙනිදා ගිය 14 හැවිරිදි පාසල් සිසුවකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මීරිගම පොලිසිය කියයි. 26 December 2017
මහේස්ත්‍රාත්ට තර්ජනය කරයි තිදෙනක් රිමාන්ඩ් හැටන් මහේස්ත්‍රාත් සර්වන රාජා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු ලබන ජනවාරි 03 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර බංඩාර මහතා අද (26) නියෝග කළේය. 26 December 2017
මත් පෙති සිද්ධියකට ආරච්චි වරයකු රිමාන්ඩ් රුපියල් දෙකෝටි විසි හය ලක්ෂයක් පමණ වටිනා මත් පෙති 7564 ක් සන්තකයේ තබාගැනීම සහ ඊට ආධාර අනුබල දුන් බව කියන කොළඹ දිසා අධිකරණයේ ආරච්චි වරයකු සහ ඔහුගේ ඥාති සොහොයුරා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (26) නියෝග කළේය. 26 December 2017
සෞදියේ දි මිය ගිය කාන්තාවගේ මෘත දේහය ලංකාවට සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසයක පමණ කාලයක් ගත වී ඇති බවත් මවගේ මෘත දේහය මෙරටට ගෙන්වා දෙන්නැයි කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පුතෙකු මාධ්‍ය මගින් ඉල්ලීමක් කළේය. 26 December 2017
තැපෑලෙන් හෙට රටපුරා විරෝධතා තැපැල් දෙපාර්තමේන්තුවේ බදවාගැනීමේ පටිපාටිය විධිමත් කරන බවට බලධාරීන් කිහිප අවස්ථාවකදී ලබා දුන් පොරොන්දු දිගින් දිගටම කඩ කිරීම නිසා හෙට (27) දිවයින පුරා ප්‍රධාන නගරවල විරෝධතා පවත්වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු කේ.ආර්.වර්ණකුලසුරිය මහතා පැවසීය. 26 December 2017
මැතිවරණ ලොක්කා පක්ෂ ලේකම්වරු කැඳවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හෙට (27) සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු කොමිසමේ කාර්යාලයට කැඳවා ඇත. 26 December 2017
කිතුල්උතුව වැසියෝ ත්‍රිමලය - කොළඹ පාර අවහිර කරති තම ජිවිතවලට සහ ගම්මානයට වල් අලින්ගෙන් සිදුවන හානි වහාම නවත්වන ලෙස ඉල්ලා ති‍්‍රකුණාමලය කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්උතුව ගම්මානයේ ජනතාව අද(26) මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වුහ. 26 December 2017
එජාපයෙන් තුනක් ශ්‍රීලනිපයට එක්වෙති කැළණිය ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් අද(26) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 26 December 2017
රිෂාඩ් බදුර්දීන් ඇමැතිකමින් ඉවත් කළ යුතුයි - ඥානසාර හිමි විල්පත්තු වන සංහාරය ගැන විගණකාධිපති ප්රමුඛ කමිටු වාර්තාවට අනුව පරීක්ෂණ වලට ඉඩදී රිසාඞ් බදියුදීන් මහතා ඇමතිකමෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහුව කණෙන් ඇදලා එළියට දැමිය යුතු යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. 26 December 2017
චීන ජාතිකයෝ තිදෙනෙක් අවුකනදී තාවකාලික පැවිද්ද ලබති චීන ජාතික මහාචාර්යවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට දී තාවකාලික පැවිදි භාවය ලබා ගැනීම අද(26) බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 26 December 2017
වව්නියාව බස් සේවකයෝ අදත් ඇවිලෙති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නියමයට අනුව පෞද්ගලික බස් හා ලංගම බස් ධාවනය නව බස් නැවතුම්පළේ සිට ක්‍රියාත්මක කරන ලෙසට දුන් දැනුම්දීමට අනුව පෞද්ගලික බස් නව බස් නැවතුම්පොළට ගියද ලංගම බස් රථ එහි නොයෑම හේතුවෙන් අද (26) දෙපාර්ශවය අතර වූ උණුසුම් තත්වය පලානය කිරීමට වව්නියාව පොලීසියට මැදිහත් වීමට සිදු විය. 26 December 2017
මාගම්පුර වරායේ මුදල් ලැබෙයි හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමගම අතර අත්සන් තබන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 292.1 ක මුදල ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 26 December 2017
දෙහිවල සතුන්වත්තේ ආදායම ඉහළට පාසැල් නිවාඩු සමය ආරම්භ වීමත් සමග දිවා රෑ දෙකෙහිම දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා දිනෙක ආදායම ලක්ෂ දොළහකින් වැඩි වී ඇතැයි දෙහිවල සත්වොද්‍යාන ආරංචි මාර්ග පවසයි. 26 December 2017
හක්මන වැසියෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලති මාතර හක්මන පාර පුළුල් කිරිමේදී හා ගංවතුර අලාභ හානි වෙනුවෙන් වන්දි බෙදා දීමේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇතැයි පවසමින් මාතර හක්මන පාර දෙපස පදිංචිකරුවෝ අද(26) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළට කඩා වැදුණහ. 26 December 2017
උතුරු දේශපාලකයන් ආරක්ෂා කරන්නේ සිංහල පොලිස් නිලධාරීන් උතුරු පළාතේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන් බවත් මෙම ක්‍රියාවම සහජීවනයට හොඳ මාවතක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය. 26 December 2017
දළ පූට්ටුවාගේ ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් 9 දෙනා ලබන ජනවාරි 9වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහව අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරච්චි මහතා අද(26) නියෝග කළේය. 26 December 2017
පුදුකුඩුඉරිප්පු කැළේ හෑරූ 11ක් අත්අඩංගුවට යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද බවට සැකකෙරෙන මුදල් හා රත්තරන් තොගයක් ගොඩගැනීමට මුලතිව් පුදුකුඩුඉරිප්පු කයිවේලි කැලෑවේදී උත්සහ ගත් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පුදුකුඩුඉරිප්පු පොලීසිය කියයි. 26 December 2017
මුහුදේ ගිලී දෙදෙනෙක් මරුට නත්තල සැමරීමට කටුනේරිය මුහුදු වෙරළට ගොස් විනෝද වෙමින් සිටිය දී රැල්ලට හසුවි ගසා ගෙන ගිය අයෙක් හා ඔහු බේරාගැනීමට ගිය අයෙක් මුහුදුට ගසා ගෙන ගොස් ඇත. 26 December 2017
නත්තල් සාදයකදි ඇති වූ ගැටුම දුර දිග යයි වෙන්නප්පුව දකුණු උල්හිටියාව ප්‍රදේශයේ නිවසක අද (25) පැවති නත්තල් සාදයකදි නිවසේ හිමිකරු සහ නිවසට පැමිණි පිරිසක් අතර ඇති වූ ගැටුමකදි නිවෙස් හිමිකරු ස්වංක්රිය ගිනි අවියක් පෙන්වා බෙල්ලට පිහියකින් ඇණ තම ඥාති මාමා කෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබේ. 25 December 2017
හෙරොයින් සමඟ තිදෙනෙකු ශ්‍රි පාදයේ දි අත්අඩංගුවට මිහින්තලේ ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි නඩයක සිටි තරුණයන් තිදෙනෙකු හෙරොයින් ඇතුලූ මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 25 December 2017
දේශීය සහලට රට සහල් කලවම් කරති උත්සව සමය ඉලක්ක කරගනිමින් දේශීය සහ විදේශීය සහල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් ඇතැයි මරඳගහමුල සහල් නිශ්පාදන සංගමයේ සභාපති බී. කේ රංජිත් මහතා පැවසීය. 25 December 2017
සම්බන්ධන් බලන්න මහින්ද යයි රෝගාතුරව සිටින දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(25) සම්බන්ධන් මහතා ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට පැමිණියේය. 25 December 2017
තේ තහනම ඉවතට රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ තහනම දෙසැම්බර් 30 වැනිදායින් පසු ඉවත් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද(25) ලංකාදීපයට පැවසීය. 25 December 2017
පිළිස්සුණු මළ සිරුරක කොටස් පොළොන්නරුවෙන් හමුවෙයි පොලොන්නරුව, ගිරිතලේ, සුදු කන්ද රක්ෂිතයේ පුරාණගමට නුදුරු කැලෑවේ තිබී පිළිස්සුණු මළ සිරුරක කොටස් අද (25) උදේ හමුවූ බව මින්නේරිය පොලිසිය කියයි. 25 December 2017
මේ වසරේ ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් 3000ක් ඉවතට වසරේ මේ දක්වා කාළය තුල මෙරට ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇත. 25 December 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026