(අමල් වික්‍රමරත්න)
ඉදිරියේදී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා බිලක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අනුරාධපුර මහා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සහ හදිසි අනතුරු වාට්ටුවට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජය සෞඛ්‍ය සේවය සදහා කෙතරම් වියදමක් සිදු කළත් ජනතාවට ඒ සදහා වැයවන මුදල් ප්‍රමාණය ගැන හැගීමක් නොමැති නිසා මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ නමුත් ඉදිරියේදී සෞඛ්‍ය සේවය පෞද්ගලිකරණය කිරීමට කිසිදු අදහසක්ද නැතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ල ඔලුව දානවා.අව්ලක් නැත්නම් මුළු ඇගම දානවා.
පිස්සුද? නැතිනම් හැටිද මන්දා? - නිකම්ම නිකන් කොළ නාස්ති කරන වැඩක් ඒ මදිවාට ඔය බිල් හැමතැනම දාලා මුළු ඉස්පිරිතාලේම අපිරිසිදු කරනවා ඔක්කොමට වැඩියේ ඔය බිල් වලට කඩදාසි ගන්න තවත් කෝටි ගානක් වියදම් වෙයි.
මෙය එන්නේ හොඳ පොට කට නෙමි.
ඔබ වෙනුවෙන් මේ රටේ දුප්පත් ජනතාව සිංගප්පූරු ඉස්පිරිතාලයට කෝටි දෙකක බිලක් ගෙව්වා. එම මුදලින් මෙහෙ රෝහලක් ඉදිකරන්න පුළුවන්. ඒ බිල ගැන අහලා අපි කිව්ව දේවල් ඔබ දන්නවා නම් නේද? දැන් මෙයා අපිට බිල් දාන්න එනවා.
එහෙනම් හයිටියට කිට්ටුයි වගේ...
එතකොට කඩදාසි කොන්ත්‍රාත් එකක් දෙන්න පුළුවන්නේ තමාගේ ළඟම ඉන්න හිතවතෙකුට කොමිස් එකක් තියාගෙන.... මොලේ තමයි.
තවත් පාරක් ඉල්ලගෙන කෑමක්... 2020දී ඇපත් නෑ.
ඒක හොඳයි, ලංකාවේ සෞඛ්‍ය නොමිලේ කියල කිව්වට සිස්ටම් එකේ මොකක් හරි අවුලක් තියෙනවා. ලොකු ලොකු කට්ටිය හැමෝම යන්නේ පිටරට සැත්කම්වලට... ලංකාවේ දොස්තරලා කියන්නේ ඒ ගොල්ලෝ තමා ලෝකේ ඉන්න හොඳම දොස්තරලා කියලා... එ්ත් ඇයි ලොකු කට්ටිය හැමෝම පිටරට ගිහිල්ල සැත්කම් කරන්නේ? මට තියෙන ප්‍රශ්නයක් තමා ලංකාවේ දොස්තරලාට උගන්වන්නෙත් නොමිලේලු මිනිසුන්ට බෙහෙත් දෙන්නෙත් නොමිලේලු, මේවායේ වියදම් ගෙවන්නේ කොහොමද කියන එක... බදු සල්ලි වෙන්න පුළුවන්, එහෙමයි කියලා බදු සල්ලි වලින් කරන්න තියෙන්නේ එකක් විතරක් නෙවේනේ... ලංකාවේ පිළිවෙලකට බදු එකතු කරනවද? හැමෝම ලොකු එකාගේ සිට පොඩි එකා දක්වා බලන් ඉන්නේ බදු සහන වලට... ජනාධිපති ජපානෙට ගිහිල්ලා ලැජ්ජා නැතිව සහනදායි ණය ලැබුණා කියලා කියනවා. ලාංකිකයෝ ප්‍රෝඩා කාරයින්. ආගමක් අල්ලාගෙන ඉන්න තැන විනාශ කරන්න විතරයි දන්නේ...
ඉතා හොඳ දෙයක්... වෙන රටවල අපේ වගේ නිකන් සෞඛ්‍ය පහසුකම් දෙන්නේ නැහැ. ලංකාවට ඉතා විශාල මුදලක් වැයවෙනවා... නොමිලේ බෙහෙත් දෙන්න. දේශපාලකයින් නඩත්තුවෙන් පසු ඉතාමත්ම විශාල වියදමක් යන්නේ සෞඛ්‍ය සඳහා... ජනතාවට මේ ගැන වගකීමක් තියනවා.
ඇයි රෝගීන්ට විතරක් බිල් දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ටත් මාස්පතා බිලක් දෙන්න පුළුවන්නේ... පාර්ලිමේන්තුවෙන් ගන්න කෑමවලට විදුලිය, ජල ගාස්තු, සේවක වැටුප්, දුරකථන හා ඩේටා හා ලිපි ද්‍රව්‍ය හා වෙනත් පහසුකම් සියල්ල ගණන් බලා බිලක් හදලා දුන්නා නම් හරි.... එතකොට මන්ත්‍රීවරුන්ටත් තේරෙයි තමන් වෙනුවෙන් කොතරම් මුදලක් රටේ ජනතාව වැය කරනවද කියලා... ඒ වැය කරන මුදලට සමාන සේවයක් ඔවුන්ගෙන් රටට සිදු වෙනවද කියලා හොයලා බලන්නත් පුලුවන් වෙයි. ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරුන් ඇමතිවරුන් අගමැතිවරයා හා ජනාධිපතිවරයාටත් මේ ආකාරයෙන් මාසිකව බිල් සාදා දිය යුතුයි. ඔවුන් වෙනුවෙන් මේ රටේ බදු ගෙවන ජනතාව මාසිකව කොපමණ මුදලක් වියදම කරනවාද?... යන්න හා ඒ සඳහා සාධාරණ සේවයක් ඔවුන් විසින් ජනතාවට සලසන්නේද යන්න දැනගැනීම සඳහාය.
පුද්ගලික රෝහල් චැනල් සෙන්ටර්වලට ගෙවලා බෙහෙත් ගන්න යන්න පුළුවන් නම් නරකද කාගෙනුත් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවන්න සැක කරනවා නම් අපේ අයට වැදගත් කමක් තියනවා. නිකම් දෙන බෙහෙත්වල සහ ලැබෙන මුදලින් අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.. බෙහෙත් සඳහා යන වියදම මේ බිලටම පෙන්වා ඉන් රුපියල් 50 අයකළාම හරි...
ආණ්ඩුවේ වියදමින් සිංගප්පුරුවේ එළිසෙබෙත් රෝහලෙන් ප්‍රතිකාර ගත්තාම මේ වගේ බිලක් දෙන්න ඇති නේ...
හැබැයි ... අපේ මිනිසුන්ට නොමිලේ දෙන කිසිදෙයක අගයක් නැහැ. මේවට වැය වෙන්නේ අපේම මුදල් බවවත් හිතන්න කැමති නැහැ. ඒ වගේම අර සත්‍යපාල කියන වැඩෙත් කළා නම් තවත් හොඳයි..
සයිටම් ප්‍රශ්නේ ඉවර වේගෙන යද්දී ඔන්න පටන් ගත්තා අළුත් නාඩගමක් නටන්න. අධ්‍යාපනයත් විනාශ වෙලා... දැන් සෞඛ්‍යයටත් ගේමක් දෙන්නයි යන්නේ.
අධ්‍යාපනයත් නොමිලේ දෙන නිසා පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ටත් අවුරුද්දකට සැරයක් බිලක් දුන්නොත් හොඳයි.
මේක ඉතා හොඳ වැඩක්. නමුත් මේක ගෙනා පුද්ගලයා ගැන මිනිසුන්ගේ පැහැදීම නැති නිසා මෙහි වටිනාකම අවබෝධ කරවීම අපහසුයි.
දේශපාලකයින් බදු සල්ලි වලින් පිටරට ගිහින් බේත්, නිවාඩු ගන්නේ... ඇයි දුප්පතුන්ගෙන් සල්ලි තව ඉල්ලන්නේ ඔවුන්ට සැප ගන්න? හරි කැතයි!
ඒකටත් වැරැදි ලංකාවේ දොස්තරලද? ඔබේ අදහස ඉතාමත් වැරැදියි. ලංකාවේ දොස්තර කෙනෙක් දිනකට සැත්කම් විශාල ප්‍රමාණයක් කරයි. තම කාලය, මහන්සිය කැප කළා. එසේ කරන්නේ රජයේ රෝහල්වලට එන දහස් ගණන් ලංකාවේ දුප්පත් රෝගීන් සුවපත් කිරීම සඳහායි. ඔබ ඔය කියන මහලොකු පිටරට වෛද්‍යවරු දිනකට සැත්කම් කරන්නේ ඉතා අඩු ප්රමාණයකි. ලංකාවේ සැත්කම් 20ක් කරන වHට පිටරට කෙරෙන්නේ 2ක් වැනි වූ ප්රමාණයකි. එසේ තිබියදී ලංකාවේ වෛද්‍යවරුන්ට වැඩ බැරි බව කියමින් කරන අපහාස තරයේ හෙළා දකිමු.
මෙවැනි බිලක්, මහජන බදු මුදලින් නඩත්තු වෙන සරසවි වල ඉගෙන ගන්න අයටත් දිය යුතුයි.
ඉස්පිරිතාලවල ලෙඩ්ඩු පෝලිමේ ඉඳලා ප්‍රතිකාර කරගන්න බැරුව අපහු හැරිලා ගෙදර යනවා. තව බිල් ලියන්න ගියොත් ඔය කරන ටිකවත් කරගන්න බැරි වෙනවා. නිකන් බහුභූත වැඩ කරලා සල්ලි නිකන් නාස්ති කරන්න එපා.
ප්‍රධාන නගර ආශ්‍රිතව තිබෙන සෑම රජයේ රෝහලකම පුද්ගලික වාට්ටු සාදා මුදල් ගෙවිය හැකි අයට ලබා දීම කාලෝචිත බව මගේ හැගීම වේ. අප වැනි දුප්පත් රටකට අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් සදහා විශාල මුදලක් වැය කිරීමට රජයට හැකියාවක් නැත. එයින් වන්නේ අප මත බදු බර තව තවත් වැඩි වීමයි. කෙසේ වෙතත් අපගේ දේශපාලකයන් ගැන පැහැදීමක් ඇත්තේ නැත.
නොමිලේ දෙන දේ එපා වෙනවා ඇතුලේ ඉන්නේ අයගේ ලොකුකම දැක්කම.
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් නෑ නෑ සොරි අනේ. ඡන්ද පොරොන්දුවක්!
බිල් වලට යන කොළ සපයන්නේ.? නියමයි. මෙන්න ජනතවට උදවු. අනේ අර සිංගප්පූරු රෝහලේ බිල ඉස්සෙල්ලම ඉදිරිපත් කරන්ඩ...
මටනම් පෙන්නේ බිලක් වගේ නෙවෙයි. සියල්ලෝ අවධානයෙන් සිටිත්වා.
බිල් දෙන්න ඕන අපිට නෙමේ මහජන නියෝජිතයන්ට , රටේ දියුණුවට යොදාගන්න තියන කොයිතරම් මුදලක් නිකරුනේ එයාල වෙනුවෙන් වැයකරනවද කියල දැනගන්න .
මජනතාවට බෙහෙත් සඳහා රජයෙන් වියදම් කරන මුදල් ප්‍රමාණය දැනගන්න එක හොඳයි. ජනතාවගේ බදු මුදලින් මාසිකව එක් එක් දේශපාලකයන් සඳහා යන වියදම පිලිබඳ ඔවුන් දැනුවත් කරලා , මාධ්‍යත් දැනුවත් කලොත් ඊටත් වඩා හොඳයි.
මහා ජනතාවට නොමිලේ ලැබෙන කිසිදෙයක් නැත. නොමිලේ දෙනවා කියන සියලු දේට මහජනතාව බදු ගෙවනවා ඇත. හරියට ගෙවල් වලින් ගෙනත් නොමිලේ දෙනවා වගේ කතා කරන්නේ. මේ අය සැප විදින්නේ අපි ගෙවන බදු වලින් තමා.
හිඟන්නාගේ පාත්තරේටත් කෙළින්නයි හදන්නේ. කොහොමද රාජිත... පරාජිත වෙච්චි තරම?
බය වෙන්ඩ එපා. මෙයා එනකන් අපායේ ඉන්න යක්කු බලාගෙන ඉන්නේ.. කරලා තිබෙන වැඩවලට දඬුවම් දෙන්න...