(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
එක්සත් ජාතික පක්ෂය 2020 විස්සයි විස්සේ දී බලය ලබාගැනීමට නම් වර්තමාන නායකත්වය වහා ඉවත් වී තරුණ නව නායකත්වයකට පක්ෂය භාර දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (17 වැනිදා) ඉල්ලා සිටියේය.
දිස්ත්‍රික්ක 25 ක නියෝජිතයන්, එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරීන් එක්ව මෙම එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ආරම්භ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ලෙස අලුතින් පිහිටුවා ගත් සංවිධානයේ මහලේකම්, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී, එස්. ආර්. එම්. වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වයට වසර විසිපහක කාලයක් ගත වී ඇතත් එක්සත් ජාතික පක්ෂ බලය පිහිටුවා ගැනීමට නොහැකි වූ බවය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ බහුතරය පිළිගත් තරුණ නායකයකුට පක්ෂයේ නායකත්වය බාර දී වර්තමාන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය තබාගෙන පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවද වික්‍රමසිංහ මහතා කීවේය.
මෙම සංවිධානය වටා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයින් රැසක් එක්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
දැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම පලක් නොමැති බවත් මහලේකම් ධූරය තිස්ස අත්තනායක මහතාට දිය යුතු බවත් අකිල විරාජ් කාරියවසම් මහතාට එය ලබා නොදිය යුතු බවද ලේකම්වරයා සඳහන් කළේ ය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පක්ෂය සමග එක් වූයේ ජනාධිපති අපේක්ෂකයෙකු විදිහට නොව අගමැති අපේක්ෂකත්වය බලාගෙන බවත් හෙතෙම විශේෂ ප්‍රකාශයක්ද කළේය.
රටේ ජනමතය උරගා බැලීමට නම් එක්සත් ජාතික පක්ෂ නායකයා ජංගම දුරකථනයක් විවෘත කර මතය විමසන ලෙස ද ඉල්ලීමක් කළේය. එවිට කෙටි පණිවිඩ වලින් සහ දුරකථන ඇමතුම්වලින් නව නායකත්වය කවුදැයි යන්න පක්ෂ නායක වරයාට දැකගැනීමට හැකි බවද හෙතෙම සඳහන් කෙළේය.
මෙහිදී මාධ්‍යවේදියකු විමසීමක් කළේ හම්බන්තොටින් නැවතත් නායකත්වයක් බිහි වන්නේද යන්නය. එවිට එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා සහ ලේකම්වරයා ද කියා සිටියේ සමහර විට එය විය හැකි බවයි.
මාධ්‍යවේදීන් සහ පුවත් පත් සාකච්ඡාව කැඳවූ අය අතර ඇති වූ සාකච්ඡාවේදී නව නායකත්වය සුදු ඇඳුම් අඳින කෙනෙකු විය හැකි බවටද ඉඟි පළ විය.
එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ මෙරට පැරණිතම සහ විශාලතම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් මෙරට සියලුම ජාතීන් එක් කළ එකම පක්ෂයද එක්සත් ජාතික පක්ෂය බවත්ය. එබැවින් එම පක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම තම සංවිධානය විසින් සිදු කරන බව සඳහන් කළේය.
වහාම එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බවත් එතුමාට ඉදිරියේදී ගෙන එන දෝෂාභියෝග 1000 ආවත් ආරක්ෂා කරන බවත් නායකත්වයෙන් වහාම ඉවත් විය යුතු බවද සඳහන් කළේය. වර්තමාන නායකත්වය මෙම හඬට සවන් නොදෙන්නේ නම් වෙනම ගමනක් යනවාද යන්න තීන්දු කරන බවද හෙතෙම සඳහන් කෙළේය.
එමෙන්ම නව නායකත්වය කවුරුන්ද යන්න මාධ්‍යවේදීහු බණ්ඩාරනායක මහතාගෙන් පුන පුනා විමසන්නට වූහ. එහෙත් නායකත්වයට එන පුද්ගලයා පිළිබඳව හෙළිකිරීමට නොහැකි බවත් ම එම නායකත්වය රටම දන්නා බවද සඳහන් කළේය.
මාධ්‍යවේදීන් මෙහිදී සභාපතිවරයාගෙන් විමසා සිටියේ කථානායක කරූ ජයසූරිය මහතා පක්ෂ නායකත්වය බාර ගන්නවාද යන්නය . ඊට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ අගමැති ධූරය බාරගන්නට කී අවස්ථාවේදී එය බාර ගත් නොගත් කරු ජයසූරිය මහතා පක්ෂ නායකත්වය බාර නොගන්නා බවය.
මාධ්‍යවේදීන් පවා නායකත්වය කවුරුන්ද යන්න දන්නා බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අවස්ථාවට දීවයිනේ දිස්ත්‍රික්ක 25 ක එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිදුවිය යුතුමයි. නැතිව එජාපය ගොඩගන්න බැහැ වගේම අර හොරු බලයට ඒම නැවතිය හැක්කක් නොවේ. තොල් දෙක රතුවීම තනතුරකට සුදුසුකමක් නොවෙයි. සජිත් නායකයා වීම හැර විකල්ප නොමැත. අගමැති ලෙස රනිල් මහත්තයා හිටියට කමක් නැහැ. ඔය ජාතික ලැයිස්තුවෙන් දාලා ඉන්න ජන පදනමක් නැති අයත් යායුතුමයි.
පක්ෂය තුළ ප්‍රශ්න ඇත්නම් ඒවා ඇතුළත විසඳාගන්නේ නැතිව තමන්ගේ පක්ෂය බලයේ ඉන්දෙද්දී තමන්ගේ නායකයා එළවන්න මාධ්‍යවලට ඇවිත් මේවගේ කෑගහන මෝඩයෝ රැළක් ලෝකේ කොහේවත් නැතුව ඇති ...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වෙනවා නම් මීලඟ නායකයා වීමට තිබිය යුතු මූලික සහ අත්‍යාවශ්‍ය සුදුසුකම් සත්‍ය වශයෙන්ම සපුරා තිබිය යුතුය. 1. උගත්කම, බුද්ධිය දුරදක්නා නුවණ සහ ඉවසීම සහ විශේෂයෙන් බොරු කයිවාරු නොගැසීම, ඉතා හොඳ විනයක් තිබීම 2. ලංකාවේ හෝ වෙනත් රටවලට ගොස් අධ්‍යාපනය ලබා එය සියයට සියයක්ම සම්පුර්ණ කර තිබිය යුතුමය. එසේ නොමැතිව සියයට 10% අධ්‍යාපනය ලබා සියයට 200% කළ බව කියමින් තම පාක්ෂිකයන් රවටන කිසිවකු එක්සත් ජාතික පක්ෂයේ නායකතවයට සුදුසු නොවේ. බොරු උගත්කම් සහ හොරසහතික (දේශීය හෝ විදේශිය වේවා) පෙන්වා බොරුකිරීමට උත්සහකිරිම තමා නින්දාවට සහ රවටා ගැනීම පමණක් නොව මුළු රටම රැවටීමේ දුෂ්ට ක්‍රියාවකි. 3. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් එළවීමට සම්බන්ධ නොවි සිටිය කෙනෙකු විය යුතුවීම. එසේකර ඇති නායකයා වීමට උත්සාහ කරන කිසිවකු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට කොහෙත්ම සුදුසු නොවේ.
අර හොරු ගැන කතා කරන්නේ මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න හොරු අමතක වෙලාද? මහබැංකු හොරකමට වඩා හොරකමක් ලංකාවේ සිදු වුණාද? ලැහැස්ති වුනේ උතුරු නැගෙනහිර දෙකම පාවා දෙන්නයි. පෙර වාසනාවකට අපි නූලෙන් බේරුණා. ඊට පස්සේ මහා බැංකුව පාවා දීලා යාලුවා රටිනුත් පන්න ගත්තා. වෙලාවට නමුත් කතාව කරපු හොරකමක් කියන්න බැරි හොරු ගැන...
එජාපයේ පමණක් නොව කිසිම පක්ෂයක රට ගෙනියන්න පුළුවන් නායකයෙක් නැත. රත්තරන් බන්දේසියක තියලා රට සුද්දාටවත් බාර දෙමු. හැබැයි සුද්දත් රට බාර ගන්න නම් බයිබලයේ කියවෙන විදිහට දෙවියන් දාපු කොන්දේසිම දාවි...
රනිල් හොඳාකාරවම දැනසිටියා 2015 ජනපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තනියෙන් තරඟකර මහින්දව පරදවන්න බැරි බව..ඒ නිසා යම් එකඟතාවයක් මත වෙනත් අයෙකු ජනපති බවට පත්වුණා.
මේක වෙන්න තිබුනේ හුගක් කලින් එහෙනම් පක්ෂය අද ප්‍රබල තැනක, තනියම හිට ගෙන ඉන්න්නවා
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා වීමට තරම් සජිත් මුහුකුරා ගිය බුද්ධිමත් සහ විධග්ධ පෞරුෂයක් හිමි කෙනෙක් නොවේ.. ඔහු නිතරම පවසන්නේ සුබසාධනය තුලින් ප්‍රජාව බලවත් කිරීම පිළිබඳවයි. දුප්පතුන් සවිබලකරණයට ආහාර සලාක දීමෙන් බැරිබව සියලුම දෑ හිතකාමීන් වගේම ආර්ථික විද්‍යාව දශමන්තරයක් පවා දන්නෝ දනිති.
පක්ෂ සම්මේලනයේ කරන ඒවා ප්‍රසිද්ද මද්‍යයේ සංදර්ශන නොවිය යුතුය.
දෙයි දෙයි බලාගෙන ඉන්න.
නායකයෝ කියන අය එක දවසින් බිහි කරන්න බැහැනේ. එකට කාලාන්තරයක් පහුණු කරන්න අවශ්‍යයි. නමුත් දෙවන පෙලේ නායකයෙකුට කිසිම තැනක් දීල නැහැ. ඉතින් එක්සත් ජාතික පක්ෂෙට වෙන්නේ වලපල්ලට යන්න තමයි. ගිලෙන බෝට්ටුවේ තවත් ඉන්නේ නැතුව පනින්න වෙනත් බෝට්ටුවකට දැන්වත්
එක එක ජන නායකයෝ එක එක ක්‍රම වලින් ප්‍රසිද්ධ වෙනවා. සමහරු රටට නිදහස අරගෙන, සමහරු ඒ පක්ෂ කඩාගෙන ගිහින් කම්කරු ආණ්ඩු පිහිටවල, තවත් සමහරු වාමාංශික අරගල වලට මුලිකත්වය දීල, තවත් සමහරු ත්රස්තවාදීන්ගෙන් රට බේරාගෙන. එත් මෙයා?
මෙයාලා හිතන්නේ සජිත් නායකයා උනොත් ඡන්ද වැඩිවෙයි කියලද.? එහෙමනන් තියෙන ඡන්ද ටිකත් නැති වෙනවා කියලා අපිට හරියටම කියන්න පුළුවන්.
රටේ නායකකම සජිත් කියන තැනැත්තාට දෙන්න කියන එක පලවෙනවා මොන සුදුසු කමක්ද සජිත් කියන පුද්ගලයාට තිබෙන්නේ කියලා ඇසුවාම ඒ කොටස කපා දමනවා. අපට තව ශ්රීමත්ලා එපා. මෙරට නැවත ගොඩගන්න බැරිතරමට කාබාසිනියා වෙලා ඉවරයි