(චාමින්ද දිසානායක)
වැලිගෙපොල කළාපය තුළ ගල්යුගයේ ජනාවාස අසුවක් පමණ තිබෙන අතර මේ වන විට එයින් හතලිහකට ආසන්න ස්ථාන ප්‍රමාණයක් හදුනාගෙන ඇති බව කැලණිය සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ්සෝම දේව මහතා පවසයි.
වැලිගෙපොල කන්දෙගම ප්‍රාදේශයේ කළ නිරික්ෂණ චාරිකාවකට සාභාගි වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් සදහන් කළේ .“පසුගිය වසරේ අපිට පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවෙන් ප්‍රාග් ඓතිහාසික සිතියමක් හමුවුණා . ඒ අනුව අපි අනුමාන කළා මේ අයට දිශාවන් පිළිබඳව හැඟීමක් තිබිල තියනවා .ඇතැම් අවස්ථාවලදි මෙම ජනපද වල ජනතාව එක තැනකට ඇවිදින් සාකච්චා කර තියනවා.
අපි මේ දිනවල පයින් ඇවිදල ස්තාන නිරික්ෂණය කරනවා මේ කළාපයේ තිබෙන දේශගුණික මට්ටම අර්ධශුෂ්ක නිසා අතිත ජනතාව නිසැක වශයෙන්ම මේ පළාත් වල ජිවත් ව ඉදලා තියනවා .
රංවලකන්ද ,බන්දුකන්ද, කන්දෙගම වැනි වැලිගෙපොල අවට ස්ථාන වල අපි මෙවර නිරික්ෂණය කරන්නේ පළමු වරට ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගෙන සිතියමක් නිර්මාණය කරන්න. ඒ තුලින් අපි මතුකළ ප්‍රාග් ඓතිහාසික ජනපද සංකල්පය කියන කාරණාව තව දුරටත් ඉදිරියට ගිනියන්න අධ්‍යනය කරන්න පහසුවෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් තාම ගල් යුගයේ තමයි.
මහාචාර්ය රාජ් සෝමදේව මහතා ගැන මා දන්නේ මීට වසර තිහකටත් පෙර සිටයි. එතුමාගේ මේ දක්වා පැමිණි ගමන් මගට මාද පුවත්පත් කලාවේදියෙකු ලෙස එතුමාගේ පර්යේෂණ ලිපි රැසක් පලකලා.සමහර ලිපි පිටුවක් තරම් විශාල උනා.රාජ් සහ අප දෙදෙනාගේම මිත්‍ර සුනිල් රත්නායකත්,මාත්,මාගේ දර්ගා නගරයේ නිවසේදී බොහෝ වෙලා ප්‍රවෘර්ති සාකච්ඡා පැවැත්තුවා.සමහර දිනවල පසුදා පාන්දර තමයි මේ කටයුතු අවසන් උනේ. ඇත්තෙන්ම රාජ් සෝමදේව කියන්නේ දුර්ලභ ගනයේ විශිෂ්ට බුද්ධිමතෙක්.ඒ දිනවල ඔහු පර්යේෂණ කළේ තමන්ගේම පෞද්ගලික මුදලින්.ඔහු නොබියව බොහෝ අභියෝග ජය ගත්තා.මෙවන් පඬිවරු අපේ රටට මහත් වාසනාවක්.ජය ශ්‍රී.
ඒ යුගයේ මිනිස්සුම තමයි අදත් අපේ රටේ ඉන්නේ !