හිරාන් ප්‍රියංකර ජයසිංහ
දරුණු අක්මා රෝගයකට ගොදුරුව ඉන්දියාවේදි අක්මා බද්ධයකට ලක් කළ යුතුව සිටි නවගත්තේගම මහ අන්දරවැව දරුවන් දෙදෙනා පිළිබදව ලංකාදිප එසැණ ඇතුළු මාධ්‍ය ගනණාවක් කළ හෙළිදරව්වෙන් පසු ඊට අදාළ මුදල ලැබී තිබේ.
දරු දෙදෙනා සමඟ සැත්කම සඳහා ලබන 21 වැනි දා ඉන්දියාව බලා පිටත්ව යාමට සුදානම් බව දෙමාපියෝ පවසති. ඉන්දියාවේ ගෝබල් රෝහලේදී මෙම සැත්කම සිදු කිරීමට නියමිතව ඇත.
මේ දරු දෙදෙනා අතුරින් වයස අවුරුදු හතරකට ආසන්න චාමික හසිත හර්ෂණ පුතුගේ සැත්කම හැකි ඉක්මණින් සිදුකළ යුතු බව වෛද්‍යවරුන් මුලින් නිර්දේශ කර තිබුණි. ඒ පිළිබදව එසෑණ වෙබ් අඩවියේ 2018 ජනවාරි 14 දින පළ කිරීමත් සමග ලෝව පුරා ශ්‍රී ලාංකිකයෝ රැසක් තම අවධානය යොමු කරමින් මෙම දරුවන්ගේ ගිණුමට මුදල් බැර කරමින් දායකත්වය දැක්වූහ. මේ ගැන සංවේදි වූ විදේශීකයින් පිරිසක් ද සැත්කම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා දී තිබිණි.
සැත්කම සඳහා වැය වන ලක්ෂ 100 කට ආසන්න මුදලින් ලක්ෂ 80 වකට ආසන්න මුදලක් මාස දෙකක් ඇතුළතදී පරිත්‍යාගශීලින් ලබා දී ඇතැයි පවුලේ උදවිය කියති. ඉතිරි මුදලද ලබා දීමට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් එකඟවූ බව ඔවුහු පවසති.
අක්මා අකර්මන්‍ය වීම නිසා මෙම දරුවන් දෙදෙනාට පෙර මෙම පවුලේ තවත් දරුවන් තිදෙනකු මරණයට පත්ව තිබිණි.
දරුවන්ගේ පියා වන එච්.එම්.යු .හේරත් මහතා මේ ගැන අදහස් දක්වමින් මෙසේ ද කීවේය.
“ මගේ දරුවෝ තුන් තිදෙනකු මරණයට පත් වුණාම මම මැරිලා ජීවත් වුණේ .නමුත් නැවත මේ දරුවන් දෙදෙනාටම අක්මා රෝගය හැදිලා කියපුහාම මම මැරිලා ගියා වාගේ දැනුනා. පස්සේ අපිට උදව් කරන්න මාධ්‍ය ඉදිරිපත් වුණා. මට ජීවත් වෙන්න නැවතත් ආසාව ආවා. දැන් මගේ දරුවෝ දෙන්නාගෙන් පොඩි පුතා ලබන 21 වැනිදා අපි ඉන්දියාවට අරන් යනවා සැත්කමට. මේ සඳහා අපිට උදව් කළ සියලු දෙනාටම ස්තුතියි. ‘‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පුතේ ඔයාල දෙන්නට ඉක්මනට සනීප වේවා ! තෙරුවන් සරණයි !
මෙම සත්කාරයට නන්අයුරින් සහබාගි වූ සියල්ලෝටම ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා !!! තවතවත් මෙවන් වැදගත් කටයුතු කිරීමට ශක්තිය ලැබේවා!!! එමෙන්ම මේ සුරතල් දරුවන්ගේ එම කාර්ය ඉෂ්ට වේවා !!!!!!!!!!
ජයසිරිමහ හාමුදුරුවන්ගේ පිහිට ලැබෙන්න ඕන .... රුවන්වැලි මහා රජාණන්ගේ පිහිටේ ආනුභාවයෙන් දරුවන්ට නිරෝගී ශක්තිය ලැබේවා!
ඉක්මන් සුවය පතමු.
මේ අහිංසක දරුවො දෙන්නට ඉක්මනටම සුව වෙලා අපේ මුළු ලෝකයම ජය ගන්න වාසනාව ලැබෙිවා.!
දරුවන් දෙදෙනාගේ ශල්‍යකර්මයට දායක වූ සියලුම දෙනාට පින් සිදුවේවා. ! ඒ වගේම ශල්‍යකර්මය සාර්ථකවී දරුවන්ට ඉක්මන් සුවය ලැබේවා...! ඒ වගේම 'එසැන' ටත් පින් සිදුවේවා...!