තේ වගාව පත්ව ඇති තත්වයෙන් ගොඩගැනීමට වල්නාශකයක් අත්‍යවශ්‍ය වී ඇති බැවින් අපිට ග්ලයිෆොසේට් දෙන්න බැරි නම් වෙන දෙයක් හරි දෙන්න කියලා මම රතන හිමියන් ගෙන් ඉල්ලනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ප්‍රාදේශීය වැවිලි සමාගම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සදහා වැවිලි සමාගම්වල උසස් නිලධාරීන් වෙනුවෙන් පැවති තේ කර්මාන්තයේ ප්රශස්ත කෘෂිකාර්මික ක්‍රම සැලසුම් පිළිබද වැඩමුළුවෙදී අමාත්‍යවරයා මේබව පැවසුවේය.
එම වැඩමුළුවේදී ඇමතිවරයා මෙසේද පැවසීය.
ග්ලයිෆොසෙට් තහනම ගැනත් විවිධ ප්‍රකාශ පළ වෙනවා. මම එහෙම අභියෝගවලට බයත් නෑ. එහෙම අභියෝග ඉදිරිපත් කරන්නෙත් නෑ. ඒ කියන්නේ මගේ කරුණු සම්බන්ධයෙන් අභියෝග කළොත් ඒ ගැන මම ප්‍රතිචාර දක්වනවා. නමුත් මේ ග්ලයිෆොසේට් ප්රශ්නය වෙනස්. මම ඒකට ග්ලයිෆොසේට් කියන වචනය පාවිච්චි කරන්නත් කැමතියි නෑ. මම කැමතියි වල් නාශකය කියන වචනය පාවිච්චි කරන්න.
වල් නාශකය අවශ්‍යයි. විශේෂයෙන්ම වාණිජ කෘෂිකර්මයට. ඒ කියන්නේ ගෙවතු වගාවට වල් නාශකයක් අවශ්‍ය නෑ. නමුත් හෙක්ටයාර 1000 සිට 3000 දක්වා වගා කරන සමාගම් හෝ ආයතන වලට මේක ඕනෑ. විශේෂයෙන්ම අධික මිලක් තියෙනවා මනුස්ස ශ්රමයට. ඒ නිසා වල් නාශකයක් අවශ්‍යයි.
ග්ලයිෆොසේට් කියන වල් නාශකය මනුෂ්‍යයන්ට අහිතකරයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කාසිජන් කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. මස් වර්ග හරක් මස් කාසිජන් තියෙනවා කියලා කියනවා. අපේ අසල්වැසි මිත්‍ර රටවල් වල ඉන්දියාව , ජපානය ඉතාමත් පරිසර හිතකාමී රටක්. නවසීලන්තය පරිසර හිතකාමී රටක්. ඒ අය මේ වල් නාශකය තහංචි කරලා නෑ. තාමත් පාවිච්චි කරනවා. ඉතිං අති බහුතර රටවල් ප්‍රමාණයක, රටවල් එකසිය අසූ ගාණක්ම, මේ වල් නාශකය පාවිච්චි කරනවා.
වල් නාශක ඉවත්කරන්න මම නෙවෙයි තීරණය කළේ. ජනාධිපතිතුමාගේ ප්රමුඛත්වයෙන් තිබෙන ජාතික ආර්ථික කමිටුව තීරණයක් අරගෙන තියෙනවා වල් නාශක තහංචිය ඉවත් කරන්න. ඒ අනුව මම ක්‍රියා කරනවා.
රතන ස්වාමීන් වහන්සේ මෙයට එදත් විරුද්ධ වුණා. අදත් විරුද්ධ වෙනවා. උන් වහන්සේට ඒ අයිතිය තියෙනවා විරුද්ධ වෙන්න. නමුත් අපිටත් අයිතියක් තියෙනවා අපේ අදහස් ප්‍රකාශ කරන්න. “ යයිද නවීන් දිසානායක මහතා පැවසීය.
- 044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීන් ඇමතිතුමා හරියට හරි. ඔය කියන වල්නාශකය තහනම් කරන්න ප්‍රමාණවත් සාධක කිසිවක් මෙතෙක් සොයාගෙන නැහැ. මේ වල්නාශකය හැදුව ඇමෙරිකානු මොන්සන්ටෝ සමාගමට එ්කේ අයිතිය නැතිවුණාට පස්සේ චීනය... එය මහා පරිමාණයෙන් හදන්න ගත්තා. දැන් ඇමෙරිකාව චීනයට ගහන්න මේකට විරුද්ධව ප්‍රචාරය කරනවා. ඕකයි ඇත්ත...
මිනිසුන්ගේ බඩගින්න නිවලා ඕනේ පරිසරය ගැන කතා කරන්න. රතන හිමි කියන්නේ. මේ රටේ තවත් එක් අයෙක් විතරයි. යහපාලනයේ කඩවුණු පොරොන්දු ගැන රතන හිමි කතා කරන්නේ කවද්ද..?
මහා පරිමාණයේ වගාවන් සදහා වල් නාශක කෘමි නාශක හා කෘත්‍රිම පොහොර යෙදීම අත්‍යවශ්‍ය උනත් තේ වගාව සම්බන්ධයෙන් මේවා හාවිතයේ ඇත්තටම ප්‍රශ්ණයක් තියෙනවා. මොකද ලංකාවේ තේ වගාව බහුලව සිදුවෙන්නේ මධ්‍යම කදුකරය ආශ්‍රිතව වීම නිසා. මේ කෘත්‍රිම රසායන බහුලව යෙදිමෙන් මධ්‍යම කදුකරයේ ජල මූලාශ්‍ර හා ජල සම්පත ශීඝ්‍රයෙන් දූෂණය වන බවත් මධ්‍යම කදුකරය හරහා රටේ අනිකුත් ප්‍රදේශ වලට ගලා බසින ගංගාවල මේ අහිතකර රසායනික ද්‍රව්‍ය මුසුවන බවටත් ඒ වගේ ඒ ජලය පරිහරනය කරන ජනතාව බෝනොවන රෝගවලින් පීඩා විදින බවටත් වන අවබෝධය හා විස්වාසය නිසා ගත් ක්‍රියාමාර්ගය ආපසු හැරවීමට වඩා දැන් කලයුතු වන්නේ විකල්ප ක්‍රියාමාර්ග සෙවිම හා අත්හදා බැලීම.
නවීන් දිසානායක ඇමතිතුමාගේ ගෙදර වත්ත පුරාම වල්නාශකය මාස 6 කට පාරක් දමලා පෙන්නනවා නම් අපිත් විරුද්ධ වෙන්නේ නැහැ...
මේ කියන පුවත අනුව ග්ලයිෆෝසෙට් වල් නාශකය යොදන්න බලාපොරොත්තුවන්නේ තේ වගාවට නම් එක දෙයක් මතක් කරගත යුතුය. අපේ රටේ වැදගත් ජල පෝෂක සියල්ල ස්ථානගතව ඇත්තේ උඩරට ප්රදේශවලය. තේ වගාවද බහුලව ඇත්තේ එම ප්‍රදේශ වලය. ඒ අනුව මෙම ක්‍රියාව සිදුකළහොත් එහි අනිසි බලපෑම මුළු රටටම අත් විඳින්නට සිදුවේ. අතීතයේ දී මෙම වල් නාශකය භාවිතා කළත් දැන් එය තහනම් කර තිබීම හොඳ කාරණයකි. ලෝකයේ වල් නාශක ලෙස තිබෙන්නේ ඔය වල් නාශකය පමණක්ද?. පරිසරයට හා ජීවීන්ට අහිතකර නොවන වෙනත් විකල්ප වල් නාශක නැතිද? මුරණ්ඩුකමට හා අඥානකමට තීරණ ගෙන රටම වනසන්න එපා යැයි කියන ඉල්ලීම මම කරමි.
රතන හාමුදුරුවෝ, පිනට හම්බෙච්ච පාර්ලිමේන්තු වරමත් අරන් රටේ නොදන්නා දෙයකට අත දාලා පොරක් වෙන්න හදනකොට, රටේ අපනයන ආර්ථිකේ වලපල්ලට යනවා.. විතරක් නෙමෙයි, ඒ හා බැඳුනු සියලුම මිනිස්සුන්ට බඩේ පාර වදිනවා. (වතු වල වැඩ කරන පොඩි මිනිහ දෙමළ හින්දද කියලත් සැකයි)
දේශපාලකයන්ගේ තීන්දු හා තීරණ ගැනීම් ගැන පොදු මහජනයා ටිකක් ඇස් ඇරගෙන බැලිය යුතුවේ. මෙතෙක් දවස් ගත්තු තීන්දුවල ප්‍රතිපල නිසා සියලුදෙනාම දැනටත් දුක් වේදනා විඳිනවා. කරුණාකර කෘෂි දේශපාලු තීරණ ගැන කෘෂි විද්‍යා හසලයින්ගෙන් හා පරිසර හසලයින්ගේ දැනුම පමණක් විමසා අනුමත කරන්න. ඔබලාගේ දුදරුවන්ට ජිවත් වීමට රටක් අවශ්‍යයි
මතු පරම්පරාවට පිරිසිදු ජළ සම්පත අහිමි කිරීම අපරාධයකි.
වල්නායක ෙපාෙහාර ගහන ගමන්ම නව ප්රවණතා ගැනත් හිතුෙවාත් ෙහාදයි ෙන්ද. දවසක අපේ තේ වල මිනිස් සිරුරරට අහිතකර විස අැති බවට පරික්ෂා කිරීම් කරන්න ගත් විට අපිට වෙළෙඳපොල නැතිවෙනවා.
නවින් කොහොමත් රට ගැන නොව සමාගම් ගැන හිතන කෙනෙක් නිසා මේකත් ඒ වගේ වැඩක් කියල තමා හිතෙන්නේ. ඉස්සර අපි තේ හැදුවෙත් නැහැ. වල් නාශක ඕනේ උනෙත් නැහැ. දෙකම එපා. අපේ සංචාරක කර්මාන්තය සහ බුද්ධි ප්‍රබෝදය මාර්කට් කරන්න. තේ ඕනේ නැහැ. කුරුදු ගැන බලන්න.
නවීන් මහත්තයෝ, මම අහන දේ ඔබ සම්බන්ධව නෙමේ. අද උදේ රාජිත කියලා තිබුණා රෝගීන් සඳහා බිලක් නිකුත් කරන බව... නමුත් අද හවස එකට පිළිතුරක් දෙන්න බලනකොට එ්කේ හෙඩ් ලයින් එක විතරයි තියෙන්නේ. මේකත් අර ඔය ගොල්ලන්ගේ තහනමක්ද? ඔය පරාජිත නිසා ඔබලාගේ ඡන්ද පදනම වලපල්ලට යන එක නම් වළක්වන්න බැහැ. කට ඇරියොත් පිට කරන්නේ අසුචි බව නොදන්නේද? වහාම මේ සම්බන්ධව ඔබලා යමක් නොකළොත් ඔබලාටත් අසුචි වලේ තමයි ඉන්න වෙන්නේ....
අනේ මහත්තයෝ, බොන්න නම් එපා!