(විනීතා එම් ගමගේ)
අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉරිපත් වීමට නියමිත විශ්වාස භංග යෝජනාව ඉතා ශක්තිමක් එකක් බවත් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මෙන් ම එක්සත් ජාතික පක්ෂයේත් බොහෝ දෙනෙක් සහයෝගය දක්වතියි විශ්වාස කරන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ පැවසීය.
මේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව ලොකු වෙනසක් වෙතැයි තම පක්ෂය විශ්වාස කරන බැවින් කැබිනට් සංශෝධනයක් පිළිබඳ තමන්ට හදිසියක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වලපනේ ලියන්වල අලූතින් ඉදි කළ සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මානය විවෘත කිරීම සහ උපකරණ බෙදා දීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘‘ඒ වගේ ම පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආයතන 167ක් ශ්‍රීලනිප සහයෝගය නැතිව පිහිටුවන්න බැහැ. ඒ නිසා මේ වනවිට සාකච්ඡා කරමින් යන්නේ අපේ අයට ලාභ දායක, අපේ අයට ප්‍රයෝජනවත් වන විදියට තනතුරු බෙදා හදාගෙන පුළුවන් විදියට ප්‍රාදේශීය සභා පිහිටුවන්නට උදව් කරන්නට බලා පෙරොත්තු වෙනවා.
අවුරුදු 20කට පස්සේ සමෘද්ධිය නැවතත් මගේ අතට පත්වෙලා තිබෙනවා. මේ වෙනකොට සමෘද්ධි ව්‍යාපාරය තුළ ප්‍රශ්න ගොඩක් ගොඩ ගැහිලා. මේ සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ නිකන් ම නිකන් නමක් විතරක් නොවෙයි. මෙය ලෝකයේ දිළිඳුකම පිටු දැකීමේ ව්‍යාපාර ගණනාවක් අධ්‍යයනය කරලා ඒවා ප්‍රායෝගිකව අත්දැකලා රටට අවශ්‍ය පරිදි සකස් කළ එකක්. ඒක බොහොම විද්‍යාත්මකව සකස් කරන ලද්දක්.
ඒ පිළිබඳ මූලික දැනුමක් නොමැති නිලධාරීන් අතට එය ගියාම ප්‍රශ්න ඇතිවීම ස්වභාවික යි.මම දන්නවා සමෘද්ධි නිලධාරීන්ට, කළමනාකරුවන්ට ප්‍රශ්න තියෙනවා. අපි ඒවා එකින් එක විසඳනවා.
සමහර තැන්වල මාස දෙක තුන ප්‍රතිලාභීන්ගේ සල්ලි හිරකරගෙන ඉඳලා ගෙවනවා. මේක මට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳ මම වහාම ක්‍රියාත්මක වුණා. නමුත් තවමත් එවැනි දේවල් සිදු වෙනවා නම් ඊට තදින් කටයුතු කරනවා. එහෙම ගැටළු තිබෙන තැන් තියෙනවා නම් වහාම මාව දැනුවත් කරන්න. සල්ලි ප්‍රමාද විතරක් නොවෙයි මිනිස්සුන්ට හදිසියක දී විශේෂයෙන් ම මළගෙදරක දී, අසනීපයක දී අවශ්‍ය අවස්ථාවේ ම සල්ලි ලබා දිය යුතු යි. මේ සල්ලි රජයේ සල්ලි නොවෙයි. ඒවා ජනතාවගේ ම සල්ලි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මහජනතාව ප්‍රතික්ෂේප කල පරාජිත අපේක්ෂකයෙක් පමණයි . පිනට මන්ත්‍රීකමකුත්, කටවාචාලකමට ඇමති කමකුත් ලැබුණාට ඔබ මහජනතාව නියෝජනය කරන දේශපාලකයෙකු නොවේ . එහෙම ඉඳගෙනත් මේ කරන කතා වලට හිනා විය යුත්තේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ...................
මේ කටින් බතල කොළ හිටවන නිෂ්ඵල මිනිහෙක්.
ඔබතුමාලා වගේ වාසියට පැති මාරුකරන උදවිය ගැන රටේ ජනතාව කෙසේ විස්වාසය තියන්නද ? රනිල් මහත්තය පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතාව ගෙනාපු නිසා ඔබතුමාත් යහතින් වැජබෙනවා.ඒත් ඔබලාත් ඔබලාගේ නායකයාත් කළගුණ සලකන්නේ මෙහෙමද ?රනිල් මහතාගේ ඉවත්වීම පක්ෂයේ අයට විසඳා ගන්න ඉඩ හැරලා හොරු අල්ලලා රටේ මුදල් ටික නැවත ලබාදීම නේද කළයුතු වන්නේ.කරුණාකරලා සියලු හොරු ඇල්ලීමට ඔබතුමාගේ නායකයා සමග සහයෝගය දෙන්න.ඒ පැති මේ පැති එකතුවෙලා උප්පරවැට්ටි යොදලා ඔයාලගේ පැවැත්ම සදහායි මේ සැරසෙන්නේ.එතකොට අල්ලන්න ඉන්න හොරු නේද අයෙමත් රජ වෙන්නේ.එතකොට ඉතිරි හොරු අල්ලන්නේ කොහොමද ?
ඔබතුමා හරි
මේවගේ හිතා මතාම "අනෙත් පැත්තට හෝයියා" ජාතියේ කිසි පදනමක් නැති පුස් වෙඩි පත්තුකරන දෙපිට කාට්ටු පින් ඇමතිවරු නිසා තමා මේ ආණ්ඩුව " පතෝල බණ්ඩක්කා" තත්වයට පත්වෙලා තියෙන්නේ.
රනිල්ව අගමැතිකමෙන් යැව්වා කියමුකෝ... ඊළඟට කවුද අගමැති කරන්නේ? නිමල් සිරිපාලද, එස්.බී. ද? එහෙම නැත්නම් කරුද? සජිත්ද ඊළඟ බල පොරය එන්නේ අගමැතිකමට... එතකොට රට තවත් අරාජික වේවි. රටේ ආර්ථිකය තව දුරටත් කඩා වැටේවි. රුපියල තවත් අවප්‍රමාණ වේවි. මෛත්‍රීට තමන්ගේ ප්‍රතිපත්තියක් නැතිකම හා රනිල්ගේ ප්‍රතිපත්ති මේ රටේ හා ජනතාවගේ අවශ්‍යතා හඳුනා නොගැනීමේ අර්බුදය තුළ රාජපක්ෂලා බොරදියේ මාළු බෑමේ දේශපාලනයේ නිරත වෙමින් ඇත.
කොහොම හරි රනිල්ව එළෙව්වා කියමුකෝ... එතකොට ආණ්ඩුව විසුරුවන්න වෙනවා. ඊටපස්සේ ගියපාර ජනතාව ප්‍රතික්ෂේප කරපු ඔබට පින් ඇමතිකමක් දුන්නා වගේ මේ පාරත් එහෙම එකක් දෙන නායකයෙක් පස්සේ යන්න ඔබට සිදුවේවි... නැත්නම් මින් ඉදිරියට ජනතාවගේ ඡන්දෙ නම් පාර්ලිමේන්තුවට තබා පළාත් සභාවකටවත් තේරී පත්වෙන්න ඔබට බැහැ.
මේකට ගුවන් සමාගම් පාලනය ගැන හොඳ දැනුමක් සහ පළපුරුද්දක් ඇති කළමනාකරුවෙක් සොයාගත යුතුය. එමිරේට් සමාගමත් පාලනය කරන්නේ යුරෝපා ජාතික කළමණාකරුවෙකු විසිනි .
එස්.බී. ගේ සුරංගනා කතා... එදා නම් මිනිස්සු රස වින්දා.
මේකෙන්ම පේනවා රනිල් මහතාට තිබෙන බය... විශ්වාස භංග වෙලා ෆොන්සේකා ලොක්කට මාස 6 කට පොලිස් ඇමතිකම දෙන්න කියන එකට බයයි. මොකද මේ අයගේත් හොර අහුවෙන නිසා රනිල්ව යවන්න හිතන තරම් ලේසි නැහැ. ඉක්මණින් රජ වෙන්න හදපු අපේ රටේ නායකයෝ ඔක්කොම මැරුණා.
එස්.බී. කියන්නේත් තවත් දෙයක් කියලා තමයි. එයා දැනගත්තේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත අසරණ වුන වෙලාවේ. එයා හිතාගෙන හිටියේ ඡන්ද මැෂිමක් කියලා.. නමුත් දැන් දන්නවා උඩින් පිහිටක් නැත්නම් කන්දක් විලිරුදාව දැරුවත් දමන්නේ මී බෙට්ටක් කියලා...
අනේ, වැරදි දහසක් තිබුණත් රනිල් එළවනවට මම නම් කැමති නැහැ. මොකද එතැනට එන්න ඉන්න කෙනා, ඉන්න කෙනාට වැඩිය හොඳටම කලුයි. ආයෙත් ඉඟුරු දීලා මිරිස් ගන්න බැහැ.. ඉඟුරුම හොඳයි.
මේ තමයි ගුණමකු මිනිසුන්ගේ ස්වාභාවය. රනිල් නිසා අද මේ දෙන්නම ලොකු තැන්වල ඉන්නවා. මෙයාලට ඡන්දෙ දුන්නේ යූ.එන්.පී. කාරයෝ. එ්ත් අද කඩේ යන්නේ හොරුන්ටයි. පරාජිතයෙක්... මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මිනිහෙක්. ඒ ඇයි කිව්වොත් එයාටත් චෝදනා තියෙනවා බරපතලවම. එ්ත් ඒවා වහගෙන ආයෙත් හොරු බලයට ගේන්න හදන්නේ රටට ආදරේට නෙමෙයි කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ..
මෙතුමාත් අර රට ණය කරපු කට්ටියේ සාමාජිකයෙක්නේ. මදැයි එකතු වෙලා රට හදන්න හැදුවා. රටක් අවශ්‍ය නැහැ. බඩයි අවශ්‍යය. මෙහෙමත් දේශපාලකයෝ ඉන්න රට ශ්‍රී ලංකාවයි.
ඊළඟට එන දෝෂාබියෝගයට ලැහැස්ති වෙන්න .