ඩබ්ලිව්.ඒ. අසේල
වයස අවුරුදු නවයක දියණියක කුකුලු කොටුවකට දමා වසා වෙනත් කටයුත්තකට ගිය බව කියන මවක (28) අත්අඩංගුවට ගත් බව හඟුරන්කෙත පොලිසිය කියයි.
දියණිය කුකුලු කූඩුවකට දමා මව කොටහලු උත්සවයකට ගියැයි ලැබුණු තොරතුරක් අනුව පොලිසිය මෙම නිවස සහ කුකුල් කූඩුව පරීක්ෂා කර තිබේ.
පියා කුලී වැඩ කරන අතර ඔවුනට තවත් වයස අවුරුදු තුනක කුඩා දරුවෙකු සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අම්මලාව තමයි, දියණිවරු පසුකාලෙක බලුකූඩුවල ගාල් කරන්නේ...
දුනුකේයියා මලක් වගේ දුරට පෙනෙනවා... වැටකේයියා මලක් වගේ සුවද ගෙනෙනවා... පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා... මගේ අම්මා මට ජීවන සුවය සදනවා.... සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන එම හැගීම්බර ගීතයේ සඳහන් ආදරණිය අම්මාද මේ ඉන්නේ?
අද ඉන්න සමහර තරුණ අය මෙහෙම තමයි. මේකප් දාගෙන රවුම් ගහන්න විතරයි ඕනේ. දරුවො මළත් කමක් නැහැ. දරුවෙකු වැදුව කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද ?
අබාධිත තත්වයක ඉන්න මේ දරුවාව ඇයගේ කැමැත්ත මත මෙම කුඩුවේ ආරක්ෂාවට තබා මව ගිහින් තියෙන්නේ ඇය රැකබලාගන්න වෙන කිසිවෙක් නැති නිසා ස්වල්ප වෙලාවකට පමණයි. මොකද අද රටේ වෙන දරුවන්ට දේවල් එක්ක නෑයෙක් එක්කවත් ගැහැණු ළමයෙක් තියල යන්න බැහැ. පොලිසියට දැන්වූ කෙනා නෙමෙයිනේ මෙයාලට කන්න දෙන්නේ...
මාව නම් මගේ දෙමව්පියන් කුකුල් කූඩුවල දැම්මේ නැහැ , ඒ වෙනුවට මහන කරන්ඩ කියලා මාව පන්සලට බාර දුන්නා.
එක පාරටම කලබල වෙන්න එපා. කතන්දරේ ඔක්කොම අපි තවම දන්නේ නැහැනේ !!!
අසංක මෝඩ කතා කියන්න එපා. දරු සෙනෙහස තිබෙන අම්මා කෙනෙකුට පුළුවන්ද තමන්ගේ දරුවාව කුකුල් කොටුවක දාලා මඟුල් කන්න යන්න. ඔබ කියන විදියට විශේෂයෙන්ම ආබාධිත දරුවෙක් නම් ඒ අම්මා කොතරම් තිරිසන් ක්රියාවක්ද කරලා තියෙන්නේ. දරුවගේ කැමැත්තෙන් කූඩුවට දැම්ම කතාව ඇසුණාම මතක් වෙන්නේ කිතුලට නැග්ග මිනිහගේ කතාව. ඒ වගේම තමයි දරුවෝ හැදුවාම දෙමාපියන්ගේ වගකීම හා යුතුකම තමයි ඒ දරුවන්ව නිසි පරිදි රැක බලාගෙන නඩත්තු කිරීම.... ඒකට අසල්වාසින් පලි නැති අතර යම් තැනක සමාජ විරෝධී හෝ නීති විරෝධි ක්රියාවක් වෙනවා නම් අදාල ආයතන දැනුවත් කිරිම සමාජයේ යහපත් පුරවැසියන්ගේ වගකීම මෙන්ම යුතුකමද වෙනවා.