ජුඩ් සමන්ත
මාදම්පේ පැරණි නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් කීපයක් කැදවා ඇති බව මාදම්පේ පොලීසිය කියයි.
බීමත් පුද්ගලයකු වයස අවුරුදු 77 ක් වන අයකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් නගරය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතී වී තිබේ.
පහර කෑමට ලක්ව ඇත්තේ මාදම්පේ - තනියවල්ලභ ගම පදිංචිව සිටි කුරුප්පුආරච්චිලාගේ සෝමපාල යන අය ප්රතිකාර සදහා මාදම්පේ ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත.
පහරදීම සිදු කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය වන අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර කෑමට අසුවූ කෙනාගේ නම තිබුනට පහර දීපු කෙනාගේ නම කෝ ? ඒක හංගල වගේ
අපේ ගමේ අපේ සීයලගේ කාලේ ඉඳන් සිංහල, මුස්ලිම් ජනතාව එකිනෙකාව හඳුනනවා. සහයෝගයෙන් ජීවත්වෙන ගමක්. බයිලා කාරයින් වගේ හැසිරෙන මිනිසුන්ට මතක හිටින දඬුවම් දෙන්න ඕනේ.
මට හිතෙන්නේ මුස්ලිම් අන්තවාදි සංවිධානයක් හෝ ඒකාබද්ධයේ බළල් අතක් ක්රියාත්මක වෙනවා වගේ... නැත්නම් මේවගේ එක දිගටම සිංහල හා මුස්ලිම් මිනිස්සු අතරේ කෝලහාල ඇති වෙන්න හේතුවක් නැහැනේ.
මේ පහරදීම් කරලා තියෙන්නේ මුස්ලිම් කෙනෙක්....
මේක ජාතිවාදයක් නම් නෙමෙයි වෙන්න ඇති, එ්ත් 28 කොල්ල මුස්ලිම් නේ? මේක අපේ ගමේ කේස් එකක්, මේ ජාතිවාදීකම නම් ඉක්මනට නවත්වන්න වෙයි. මොකද මේවාගෙන් බැට කන්නේ අහිංසක ජනතාව. මොකද නීතිය අතට ගන්න ඉතින් කොහොමත් කාටවත් අයිතියක් නැහැනේ. කාගේ හරි මොනවා හරි ගොන් වැඩකට ගහගන්නවා ඇති... එ්ත් ඉතින් යන්නේ ජාතිවාදය කියලා... මාදම්පේ එදා ඉඳලා සිංහල, මුස්ලිම් දමිළ සහ බහු ආගම් සහිත පළාතක්, එ්ත් හැමකෙනාම එකා වගේ උන්නා. ඔය ඉතින් එකෙක්, දෙන්නෙක් ගොන් වැඩක් කළාට මාදම්පේ කියන්නේ සාමකාමී ගමක්, එ්නිසා ඔන්න මාදම්පෙට නම් ජාතිවාදය ගේන්න නම් එපා...