(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති නිදහස් කුසලාන තරගයේ අවසන් ඕවරයේදී සහ ඉන් පසුව නොමනා ලෙසින් හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට ඔවුන්ගේ තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කරතිබේ.
ඒ අතරම මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම අගති ලකුණක් බැගින්ද නියම කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද ක්‍රීඩක විනය නීතිමාලාවේ පළමු වැනි තලයේ වරදක් හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනාටම මෙම අගති ලකුණු පනවා තිබේ.
විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරග තහනම් කරන්නේ නැද්ද?
ඕවර සෙමින් යැවීමට තරග තහනම් කළා නම්, ප්‍රචණ්ඩකාරී හැසිරීමට දෙන දඬුවම මේකද? අයි.සී.සී. එකත් විහිළුවක් වෙලා තියෙන්නේ... ලංකාවේ අය කළා නම් අවුරුදු 2කට විතර තරග තහනම් කරාවි...
පරාද වුණු එක හොඳයි. නැතිනම් හොර කරලා දිනුවා කියයි.
බංගලි ටෙස්ට් වරම් ගත්තෙත් ලංකාවත් එක්ක තරග කරලා. දැන් අපිට කොකා පානවා, නැවත උන් එක්ක තරග වලට ලංකාවේ ටීම් එක යවන්න එපා
ඔහොම සිද්ධියක් අපේ කොල්ලෝ කරලා තිබ්බ නං, අද වෙනකොට මොනවා වෙලා තියෙයිද?
සමහරවිට අපි දිනුව නම් ICC එක අපේ කෙනෙකුට දඩුවමක් දෙයි. මෙය කෙලින්ම පිටියට පැමිණ විරෝදය පා තරගයෙන් ඉවත්වීමට තර්ජනය කල හෙයින්, තරග තහනමක් පැනවිය යුතුමයි.
අපිව නිවටුන් කලේ දේශපාලුවො තමයි...
මේක world cup එකකට ගහපු එකක්නම් එහෙනම් අපේ කෙනෙක්ට මේ අය පිහියකින්වත් අනිනවනේ. හිතාගන්න පුළුවන්නේ මානසිකත්වය.
සමහරුන්ට නම් මේකත් තමන්ගේ වහල් භාවය ප්‍රදර්ශණය කරන්න අවස්තාවක් කරගෙන. මොකා රටේ පාලකයා වෙලා හිටියත් ජාත්‍යාන්තර ක්‍රිඩා ආයතන තමන්ගේ තීන්දු තීරන ගන්නවා. ඒවා නවත්වන්න රටක පාලකයන්ට බැහැ.
කව්රුවත් මේ සිද්ධියට හේතුපාදක උනේ කාගේ වරදක්ද කියලා කතා කරන්නේ නැහැනේ . ඕවරයේ පළමු බෝලය ඉහල පන්දුවක් ලෙස අනතුරු ඇඟවීම නොකළ , ඊළඟ පන්දුව ඊටත් ඉහලින් යැවූ පසු නිපන්දුවක් හැටියට තීරණය නොකළ විනිසුරු මේ සිද්ධියේ පළමුවැනි විත්තිකරුවායි .
අයිසිසී එකට ක්‍රිකට් මාකට් කරන්න ඕන රටවල් කීපයක් තියෙනවා, ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය. ඔය රටවල් ක්‍රිකට් මැච් බලන්න රොතු පිටින් එන්නේ. අයිසිසී එකට හොඳට හම්බකරන්න පුළුවන් රටවල්. එහෙවු එකේ ලංකාව උන්ට පිච්චක්. අනික ක්‍රීඩාගාරය කලා අත්වැරදීමක් වුන එකම කොහොමද? තිලංග කිසිම පැමිණිල්ලක් අද වෙනකල් කරලා නැහැ. කොහොමද එක