ජවිපෙ 31ක් ජනපතිගේ සහායට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයෝ 31 දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 21 December 2017
ඇල්පිටියෙන් කෙහෙල් ඇවරිය විසිවේ පළාත් පාලන එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කෙසෙල් ඇවරිය ලකුණ ) යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා අද ප්‍රතික්ෂේප විය. එම නිසා එම පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් 31 දෙනෙකුට ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කිරිමට තිබු අවස්ථාව මේ නිසා අහිමි විය. 21 December 2017
පුත්තලමේ පෙළපාළිවලට පොලිසියේ සහාය පාලත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පෙළපාළි යාම තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සඳහන් කර තිබුනත් අද සවස පුත්තලමේදී අපේක්ෂකයින් පිරිවරා ගත් පෙළපාලි කීපයක්ම දක්නට ලැබුණි. 21 December 2017
හෙම්මාතගමදී පෙළපාලි යති පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දී හෙම්මාතගම නගරයට රථ පෙළපාලියේ පැමිණි මැතිවරණ ආධාර කරුවන් පිරිසක් රතිඤ්ඤා පත්තු කිරීම හේතුවෙන් හෙම්මාතගම රජ්‍ය බැංකුවක් ඉදිරිපිට ජල සම්පාදනය මණ්ඩලයට අයත් ජල නළයක් කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 21 December 2017
ඇප නැතිව පුත්තලමේ කණ්ඩායමක් ප්‍රතික්ෂේප වෙයි පළාත් පාලන මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දී තිබූ කණ්ඩායම් කීපයක අපේක්ෂකයින්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව පුත්තලම තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පැවසීය. 21 December 2017
මහනුවර නම් 24ක් ප්‍රතික්ෂේප වෙයි මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් සහ ස්වාධීන කණ්ඩායම් 11 කින් නාම යෝජනා 115 ක් ලැබුණු බවත් එයින් අත්සන් නොකිරීම සහ දිවුරුම් සහතික නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පූජාපිටිය ප්‍රාදේශිය සභාව වෙත ඉදිරිපත් කර තිබූ නම් දෙකක් , එකමුතු ප්‍රගතිශිලි සන්ධානය මහනුවර මහ නගර සභාවට ඉදිරිපත් කර තිබූ එක් නමක් ඇතුළුව නම් 24 ක් ප්රතික්ෂේ වූ බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි 21 December 2017
අපුර නම් තුනක් ප්‍රතික්ෂේප වෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18ක් සඳහා පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා පත්‍ර 97 ක් අද දහවල් 12 වන විට අනුරාධුපර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී තිබු අතර ඉන් එක් පක්ෂයක නාම යෝජනා පත්‍රය හා පක්ෂ තුනක නාම යෝජනා පත්රයන්හි අපෙක්ෂකයන් තිදෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප විය. 21 December 2017
පොහොට්ටුවත් අතත් පුත්තලමේදී ගැටුමක හිටපු ඇමතිවරයකු වු මිල්රෝයි ප්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ගැටුමක් ඇති විය. පසුව එය පාලනය කිරීමට දෙපිරිසේ පිරිස් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබුණි. 21 December 2017
සා/පෙ දෙමළ පැරණි නිර්දේශය වෙනුවට නව නිර්දේශය දීලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ අද පැවති දෙමළභාෂා ප්‍රශ්නපත්‍රය සදහා පිළිතුරු ලිවීමට විභාග ශාලාවට ගිය විභාග අපේක්ෂකයනට පැරණි නිර්දේශය වෙනුවට අලුත් නිර්දේශය ප්‍රශ්න පත්‍ර ලැබීමෙන් මහත් අපහසුතාවයට පත්ව ඇත. 21 December 2017
ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට විරුද්ධව ජනමතයක් ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණයට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඒ සඳහා ඉදිරියේදී ජනමතයක් ගොඩ නැගීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (21) පැවසූහ. 21 December 2017
රට යවන ජාවාරමකට මල්වතු නා හිමියන්ගේ නමත් ඈඳලා මල්වතු මහ නාහිමි මූලිකත්වයෙන් ජපන් රටේ රැකියා හා අධ්‍යාපන අවස්ථා ලබාගත හැකි බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනායක හිමියන්ගේ දැනුම් දීම මත මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 21 December 2017
සම්පූර්ණ වැටුප ඉල්ලා රණවිරු බිරින්දෑවරු ජනපතිට ලියති යුද්ධයේදී මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ බිරින්ඳෑවරුන්ට ද සම්පූර්ණ වැටුප ලබාදෙන්නැයි රජයට බල කරමින් සමස්ථ ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 21 December 2017
යාපන රෝහලේත් සාර්ථකව හෘද සැත්කමක් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් අද (21) සහ පෙරේදා (20) ඉතා සාර්ථක ලෙස විවෘත හෘද සැත්කම් දෙකක් සිදු කළ බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එම්.සත්‍යමුර්ති මහතා පැවසීය. 21 December 2017
පොහොට්ටුව තිරප්පනයෙනුත් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරනු ලැබු අපේක්ෂක නාම ලේඛණය අද (21) ප්‍රතික්ෂේප විය. 21 December 2017
ග්‍රීන් ටී ලෙසින් රට යවන්න හැදු මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගී්රන් ටී වශයෙන් සකස් කර ඇමැරිකාවට සහ බි්රතාන්ය යන රටවලට යැවීමට සුදානමින් තිබු මත්ද්රව්යමය ශාක කොටස් කිලෝ 542 ක් කොළඹ 14 නාගලගම්වීදියේ දී අත්අඩංගුවට ගත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 21 December 2017
හොරට සාපෙළ ලියු තරුණයෙක් පිළියන්දලින් අත්අඩංගුවට පිළියන්දල විභාග මධ්‍යස්ථානයක දී වෙනත් පුද්ගලයකු වෙනුවෙන් විභාගයට පෙනී සිටි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 21 December 2017
උසස් පෙළ ප්‍රතිඵල 28 එයි 2017 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 28වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි. 21 December 2017
මැතිවරණ පැමිණිලි 9 ක් පළාත් පලාන මැතිවරණය ප්‍රකාශයට පත්කර දින සිට අද (21) දක්වා මැතිවරණ පැමිණිලි 9 ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 21 December 2017
නුවරඑළියේ විදුහල්පතිවරු 5 ක් ගැන විමර්ශනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් නිලඇදුම් වව්චර් බෙදාදීම වෙළදාමක් කිරීම ඇතුළු වංචාවන් සිදුකළැයි කියන විදුහල්පතිවරු පස්දෙනෙක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ යටතේ පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. 21 December 2017
විස්කි බෝතල් 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට නීතිවිරෝධීව ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විස්කි බෝතල 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි. 21 December 2017
රාජගිරිය ගුවන් පාලම ජනවාරියේ විවෘත කරන බව අගමැති කියයි රාජගිරියේ ගුවන් පාලම ලබන ජනවාරි මාසයේ විවෘත කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 December 2017
බල්ලකුගේ සපා කෑමට ලක්වූ තිදෙනෙක් රෝහලේ මීගහතැන්න නගරයේ දී අද(21) අපොස සාමාන්‍ය පෙළ විභාගය ට යමින් සිටි පාසල් සිසුවියක හා තවත් පුද්ගලයින් දෙදෙනකු සුනඛයෙකුගේ සපා කෑමට ලක්ව ඇත. 21 December 2017
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දැඩි ආරක්ෂාවක් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරදෙන අද (21) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබිණි. 21 December 2017
ශ්‍රී ලංකාවටත් භූ තාප විදුලි බලාගාරයක් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට භූතාප විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් දත්ත සිතියම් සකස්කොට ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ පිටාධිපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. 21 December 2017
බදුල්ල - මහියංගණ මාර්ගයට පස් කන්දක් කඩා වැටේ බදුල්ල බණ්ඩාරවෙල වියලුව ඇතුළු ඌව පළාතේ බොහෝ ප්‍රදේශවලට දින කීපයක සිට මහ වැසි ඇද වැටීමට පටන්ගෙන ඇති අතර රාත්‍රියේ ඇද වැටුණු මහ වැසි සමග අද (21) උදෑසන බදුල්ල මහියංගණ මාර්ගයේ පිටපොල හංදිය ආසන්නයේ වු පස් කන්දක් මාර්ගය මතට කඩා වැටී තිබිණි. 21 December 2017
දඹුල්ලේ අල ලූනු ගබඩා වටලයි විදේශීය රටවලින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර අර්තාපල්, ලොකු ලූනූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට විශාල ගබඩාවල රහසිගතව තෝරා වෙළඳපළට යැවීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමඟ දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. 21 December 2017
උඩරට මගට ගලක් වැටී දුම්රිය නවතී උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල සහ කිනිගම අතර 161/12 කි.මී. කනුව අසලදී අද (21) අලුයම් කාලයේ විශාල ගලක් කඩා වැටීම නිසා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට තිබු උඩරට මැණිකේ දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 21 December 2017
අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට ඉහළින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (20) අද පස්වරුවේ ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දිස්වන වන බව නාසා ආයතනය පවසයි. වයඹ අහසේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ලාංකිකයන්ට දැකගත හැකිවනු ඇතිබව එම ආයතනය පවසයි. 20 December 2017
මැතිවරණ නීති උල්ලංඝණය ගැන පොලිසියට පැමිණිලි 8ක් පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. 20 December 2017
වෑන් රථයේ ගැටී පැදිකරු මරණයට හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ගල් ඔය හතරැස්කොටුව හංදියට නුදුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීම නිසා අද (20) අනතුරක් සිදූ වී ඇත. 20 December 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026