ළමා අපයෝජන ගැන ළමාරක්ෂණ අධිකාරියට පැමිණිලි 1532 ක්
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වසරේ ගත වු මුල් මාස දෙක තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපයෝජන සිදුවීම් 1532 ක් වාර්තා වී ඇතැයි එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පැවසුවාය.
මානසික ලිංගික හා නොසළකා හැරීම් ආදී වශයෙන් අපයෝජන සිදුවීම් වාර්තා වී ඇත.
ලද පැමිණිලි වලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ළමයින් කායික හා වාචික වශයෙන් කෘරත්වයට පත් කිරිම සම්බන්ධයෙනි. එලෙස ලද පැමිණිලි ප්‍රමාණය 364 කි.
මෙයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ ගම්පහ, කොළඹ, කළුතර,රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් වන අතර යාපනය,මන්නාරම,මුලතිව්,මඩකලපුව,කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ද සිදුවීම් වාර්තා විමේ ප්රවනතාවයක් දක්නට ලැබෙන බව ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අධිකාරියක් තියනවා කියලා පේන්නේ මේ වගේ ප්‍රවෘත්තියක් දැක්කොත් තමයි. පැමිණිලි ගැන ගැන ඉදල හරියන්නේ නෑ මේවා මැඩපවත්වන්න මොකක්හරි ක්‍රමවේදයක් ඕන. අනික අපේ රටේ ළමා යාචක ප්රශ්නය දැං දැං වැඩිවේගෙන එනවා.