(නිමන්ති රණසිංහ)
තලංගම කොස්වත්ත මංසන්ධියේදී බස්රථ රියැදුරුට පහර දුන් සිද්ධියට අදාළ දකුණු පළාත් සභාවේ මන්ත්රී එම්. කේ . කසුන් සහ ඔහුගේ බිරිය ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද (13) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ ව ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට බැවින් සැක්කරුවන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එලෙස මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.
සැකකරුකවන්ට එරෙහිව තලංගම පොලිසිය විසින් ගිනි අවි පනතින් චෝදනා නගා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම දෙයකට බිරිදව සම්බන්ද කර ගැනීමේදී සැලකිලිමත් වෙන්න කියන්නේ ඕක තමයි ....
මේ ගොල්ලෝ රටට ජාතියට ආදරේ කට්ටිය නිසා මේවා ලොකු කේස් නොවේ. මේ වගේ අයට ඡන්ද දෙන්න අපි හරි කැමතියි . ලබන සැරේ ලිස්ට් එකේ පළවෙනියා . ආණ්ඩු බලයත් දීල මෙවැනි දේවල් වැඩි වැඩියෙන් බල බල අපි විනෝදෙන් ඉන්නවා. නෝනා වත් දේශපාලනයට ගන්නවා.
දෙන්නට මොකුත් අසනීපයක් නැද්ද? නෑ මම අහන්නේ දේශපාලකයන් නවතින්නේ බන්ධනාගාර රෝහල් වලනේ.
ඔය කියන පළාත් සභා මන්ත්රීට ඡන්දය ප්රකාශ කල, ප්රබුද්ද ඡන්ද දායකයින් මේ වනවිට කොතරම් සිත් තැවුලට පත්ව ඇතිද? සමහර විට, දැන් සිටම මල්මාලා හදන්න වෙහෙසෙනවා ඇති?
ගිනි අවියේ බලපත්රලාභියා පළාත් මන්ත්රී. පින්තුර/වීඩියෝ සහිතව ඔප්පු තිබෙනවා අවිය ගෙන බියවැද්දීමට සැරසුණු කෙනා. එම පුද්ගලයට ගිනි අවි අවසර පතක් තියනවද? නැතිනම් අනවසර ගිනි අවි භාවිතය? ඇප දිය හැකිද? පොදු මහජනයා ඉවසිල්ලෙන් බලා ඉඳි !!!!!
පුදුමයි දියවැඩියාව වැඩිවෙලා කියලා හරි රෝහලකට නොදාපු එක