වෛරී ප්‍රකාශ හඳුනාගැනීමට සහ එවැනි ප්‍රකාශ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දෙන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කරයි.
ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය සහ පණිවිඩ යවන මෘදුකාංග තාවකාලිකව මත ශ්‍රී ලංකා රජය පැනවූ තාවකාලික තහනම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් සමාගම ඒ බව ප්‍රකාශ කර තිබේ.
“වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සමාගම සතුව පැහැදිලි රෙගුලාසි තිබෙනවා. එහෙත් එම රෙගුලාසි නොතකා දිගින් දිගටම අපේ ෆේස්බුක් වේදිකාව ප්‍රචණ්ඩත්වය වැපිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
එවැනි වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන කරුණු, ප්‍රකාශ ඉවත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දක්වනවා” යැයි සී.එන්.බී.සී පුවත්සේවයට විද්‍යුත් පණිවිඩයක් යවමින් ෆේස්බුක් සමාගම සඳහන් කර තිබේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරී ප්‍රකාශ කියා දෙයක් තිබේද? ඒවා ෆෙස් බුක් එකේ හඳුනාගන්නේ කෙසේද! මෙය ප්‍රායෝගිකව කළ හැකි දෙයක්ද? කරුණාකර දන්න කෙනෙක් සිටිනම් පැහැදිලි කරන්න.