පරණ කෘමිනාශක සහ වල්නාශක විකුණන ජාවාරමක් අල්ලයි කල් ඉකුත් වූ කෘමිනාශක, වල්නාශක සහ විවිධ කෘෂිකාර්මික යෙදවුම් අලුත් ලේබල් අලවා වෙළඳපොළට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් සීගිරිය ප්‍රදේශයේ දී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අනාවරණය අනාවරණය කරගනු ලැබ තිබේ. 19 December 2017
අයවැය විවේචනය කරන්න ඒකාබද්ධයට දැනුමක් නෑ - මොහාන් 2018 අයවැය යෝජනාවළියේ ආර්ථික දෘෂ්ටිය මතු කරගැනීමට හෝ විවේචනය කිරීමේ හැකියාවක් ඒකාබද්ධ විපක්ෂයට නොතිබූ බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පැවසීය. 19 December 2017
තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාව ගැන පතුරන ව්‍යාජ තොරතුරු බැහැර කරන මෙන් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 19 December 2017
තහනම් බෙහෙත් පෙති සමග මගියෙක් කොටුවෙයි ලංකාවේ විකිණීමට තහනම් කර ඇති නිති විරෝධි ඇපල් වර්ගයේ ට්රමඩෝල් නැමැති බෙහෙත් පෙති තොගයක් සමග සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. 19 December 2017
යුද හමුදා භුමිය විකිණිමෙන් කෝටි 500ක වාර්ෂික කුලියක් පසුගිය රජය සමයේ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ භූමිය විකුණා එම මූලස්ථානයේ ස්ථාපිතව පැවති යුද හමුදාවේ විවිධ අංශ කුලියට ගත් ගොඩනැගිලි 15ක් ස්ථාපිත කිරීම හේතුවෙන් වාර්ෂිකව කුලිය ලෙස රුපියල් කෝටි 500ක් ගෙවීමට රජයට සිදුව 19 December 2017
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රධාන පාසල් සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර ඇත. 19 December 2017
පොලිතින් සැරසිලි ගැන පොලිසියට කියන්න දේශපාලන රැස්වීම් පිළිගැනීම් හෝ එවැනි වෙනත් උත්සවවල පොලිතින්වලින් සැරසිලි සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 19 December 2017
හිටපු ප්ලොට් නායකයෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට යාපනය රෝහල මාර්ගයේ පිහිටි නිවසක සිටි පුද්ගලයකු එම නිවසෙන් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගිනිඅවි ඇතුළු යුද උපකරණ තොගයක් අදාල නිවසේ තිබියදී අද (19) පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 19 December 2017
‘අතුරුදන්වූවන්ගේ කාර්යාලය වසා දමන්නයි හිටපු නියෝජ්‍ය ඇමැති කියයි අතුරුදන්වීමේ කාර්යාලය රණවිරුවන්ට විරුද්ධව සාක්කි මවන ෆැක්ටරියක් බවට පත්ව ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(19) කොළඹදී පැවසීය. 19 December 2017
බැංකු කොල්ලයට ආ සැකකරුට වෙඩි අහංගම රජයේ බැංකුවක් කොල්ලකෑමට අද(19) දහවල් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු බැංකුවේ ආරක්ෂකයන් විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අහංගම පොලීසිය කියයි. 19 December 2017
ලක්ෂ 60 දුරකතන තොගයක් ගුවන් තොටෙන් අල්ලයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයක් නොමැතිව,නීතිවිරෝධීව මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා ජංගම දුරකථන 2000 ක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි. 19 December 2017
පැරණි කොටි කඳවුරෙන් සීඩීපට මතුවෙයි කිලිනොච්චිය රාමනාදපුරම් හි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප්රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් කිලිනොච්චිය රාමනාදපුරම් පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 19 December 2017
මත්තලින් රට යන්න එන මගීන් අමාරුවේ මත්තල ගුවන්තොටුපොළින් ඩුබායි බලා යෑමට පැමිණෙන ගුවන් මගීන්ට ගුවන්තොටුපළේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් තහංචි පැනවීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූ බව ගුවන් මගීහු පවසති. 19 December 2017
නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි. 19 December 2017
ජංගම දුරකථන සහායෙන් සාපෙළ ලියූ සිසුන් ගැන පරීක්ෂණ සීඅයිඩියට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයක් ආධාරයෙන් පිළිතුරු සැපයූ බව කියන සිසුවාගේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 19 December 2017
යතුරුපැදි අනතුරින් දෙදෙනෙක් මරුට යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අලිමංකඩ, කට්ටුවාන්කොට්ටි ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනකු මියගොස් ඇතැයි කිලිනොච්චි පොලීසිය පවසයි. 19 December 2017
පෙළපාළි නැවැත්වීමට බැරිවීම ගැන කරුණු විමසයි පළාත් පාලන මැතිවරණය සඳහා පළමු අධියරේ නාමයෝජනා භාර ගත් අවසන් දිනයවූ සිකුරාදා නීති විරෝධී පෙළපාළි පැවති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ. 19 December 2017
උණ රෝගය නිසා රජරට සරසවිය වැසේ රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පිඨ හතරක් වහාම වසා දැමිමට එහි පාලන අධිකාරිය අද(19) පියවර ගනු ලැබිය. 19 December 2017
ගිනි අවියක් සමඟ තිදෙනෙක් ගාල්ලෙන් අත්අඩංගුවට ගාල්ල සමුද්‍ර මාවතේ ජාකොටුවැල්ල ප්‍රදේශයේදී අද (19) අලුයම කරන ලද සැක කටයුතු වාහන පරීක්ෂාවකදී මි.මි.9 උණ්ඩ යොදන රිවෝල්වරයක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. 19 December 2017
ලක්ෂ 10ක හොර මත්පැන් අල්ලයි උත්සව සමයේ අලෙවි කිරීම සඳහා වෑන් රථය ප්‍රවාහන කරමින් සිටි රුපියල් ලක්ෂ 10 ට ආසන්න වටිනා නීති විරෝධී විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයකු අද (18) බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අත්අඩංගගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 18 December 2017
මුවමස් සමඟ අයෙක් සැකපිට කරුවලගස්වැව පහරිය ප්‍රදේශයේදි ගමන් මල්ලේ මුව මස් රහසේ සඟවාගෙන බස් රථයකට නැගිමට සිටි සැකකරුවකු පුත්තලම කොට්ඨාස රථවාහන නිළධාරින් ( 18 ) දින අත් අඩංගුවට ගත් බව කියයි. 18 December 2017
වෛද්‍ය සභාවේ ඡන්ද ඉල්ලුම් පත්‍ර හොරෙන් බලලා ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට අදාල තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍ර තොගයක් බලහත්කාරයෙන් පරීක්ෂා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව අද (18) මරදාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. 18 December 2017
යසපාල කෝරළගේ ජනපතිට සහාය පළ කරයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහාය පළ කිරීමට එක්විය. 18 December 2017
පෙළපොත් මුදලට විකුණන බව ලංකා ගුරු සංගමය කියයි පාසල්වල පෙළ පොත් අවශ්‍යතාවයෙන් අඩක් පමණක් සපයන අධ්‍යාපන අමත්‍යංශය ඉතිරි පොත් මුදලට මුදලට විකුණන්නේ යැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 18 December 2017
තායිවාන් නව නිපැයුම් තරගයෙන් ලංකාවට ජය තායිවානයේදී පසුගියදා පැවති කා ඕෂියුං ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිව තිබේ. 18 December 2017
නැකැත් නැතැයි කියමින් නිවාස හැදීම ප්‍රමාද කරති ගංවතුරින් නිවාස අහිමි වූ පුද්ගලයන්ට නිවාස ඉදිකිරීම සඳහා අනුමැතිය දී මුදල් ලබා දීමට ද කටයුතු කර තිබිය දී නැකැත් නැතැයි කියමින් නිවාස සෑදීම ප්‍රමාද වී ඇතැයි අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය. 18 December 2017
ගොවිජන මධ්‍යස්ථානවලට පොහොර මෙට්‍රික් ටොන් 7000ක් ගොවිජන මධ්‍යස්ථාන 100ක් සඳහා පොහොර මෙට්‍රික් ටොන් 7000ක් අද(18) බෙදා හැරුණු බව ලංකා පොහොර සමාගම පවසයි. 18 December 2017
පාසල් පොත් බෙදා දෙන්න මැතිවරණ කොමිසමට එන්න කියයි මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සදහා නොමිලේ පාසල් උපකරණ ලබා දීමට මැතිවරණ නීතිරිති හමුවේ සිදු කළ නොහැකි බවට එම ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අඹන්ගගකොරේදී අද (18)නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය. 18 December 2017
වයිබර් තාක්ෂණයෙන් සාමාන්‍ය පෙළ ලියූ සිසුවා ගැන පරික්ෂණයක් අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු අද(18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 18 December 2017
වී සොරුන්ට ඇප හිගුරක්ගොඩ කවුඩුල්ල ගම්මානයට වී මිලදි ගන්නා මුවාවෙන් පැමිණ වංචනික ලෙස වී සොරකම් කළැයි කියන ව්‍යාපාරික පිරිසක් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇපමත නිදහස් කිරීමට හිඟුරක්ගොඩ දිසා අධිකරණය නියෝග කළේය. 18 December 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026