( තිළිණි ද සිල්වා )
මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඇතිවූ ගැටුම් හේතුවෙන් ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවධානයෙන් සිටින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්යේ සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කරනු ලැබ ඇතැයි එරට පළවන ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය අද (11) වාර්තා කර ඇත.
එමීර් රජය වෙනුවෙන් කොළඹ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනුයේ ලංකාවේ සංචාරය කරන තම වැසියන් වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථානයන්හි සිටීමෙන් වැළකෙන ලෙසයි. එසේම යම් කිසි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් එමීර් තානාපති කාර්යාලය හැකි ඉක්මනින් අමතන ලෙසද එම බලධාරීහු සිය වැසියන් ගෙන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමා ජේ මොහිදීන් පැවසූයේ ලංකාවේ පනවා ඇති හදිසි නීතිය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය .. මිනීමරුවෝ .. හොරු . ජනපති.. එක පැත්තක් වෙලා සාමාන්‍ය මිනිහට ගහනකොට... මොන මිනිහද ඔහෙට එන්න බය නැත්තේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග සංචාරය කරන අන්‍යාගමික අයත් ප්‍රවේශම් වන්න. එම රටවල ආගමික නිදහස නැති බැවින් බුදු පිළිම, බෞද්ධ පින්තුර ආදිය ගෙනඒමෙන් වලකින්න. මෙම රටවල තැන දී ඇත්තේ එක ආගමකට පමණි. ලංකාවේ තියෙන ආගමික නිදහස මෙහි නැත.
අරාබියේ දෙන අවීචි නරකයේ දඬුවම් දකින අරාබිකාරයෝ භයවෙන්නේ මොකටද?
මට මතක් වෙනවා ඇමෙරිකාවේ ලෝකවෙලේන්දපොල ප්‍රහාරයේදී තම පව්ලේ පිරිස් අමුඅමුවේ ඝාතනය වෙද්දීත් එම ජනතාව පලිගන්න කියා කිසිවෙකුටත් හිංසාවක් නොකර නීතියට අවනතව ක්‍රියා කල ආකාරය ... මගේ ප්රශ්නය ලාංකිකයන් යම් ප්‍රස්නයකදී මිලේච්ච ලෙස එකාට එකා මරාගන්නේ බුද්දිය පිලිබඳ ප්‍රශ්නයක් නිසාද ?
මෙවැනි දේ අප රටේ සැමදා සිදු නොවේ. එහෙත් තමන්ගේ ආගම පමණක් තිබිය යුතු යයි කියන අරාබි රටවල, වෙනත් ආගමක් අදහපු අයට, යටිපතුල්වලට පරාල ඇණ ගැසූ, උඩු මහලෙන් බිමට දැමූ අවස්ථා තිබෙනවා. එවන් පසුබිමක් ඇති ශිෂ්ට මිනිසුන් අපේ රටට එන්න බයලු. අනේද කියන්නේ...?