(සුරංග රාජනායක)
නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරුකරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගය මැද නිදා ගනිමින් විරෝධතාවක නිරත සිටියි.
අද අලුයම 5.00 ආරම්භ කළ මෙම විරොධතාව දහවල් 9.30 පමණ වනතෙක් පැවැතීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.
වාහන වෙනත් මාර්ග ඔස්සේ හරවා යැවීමට පොලිසිය පියවර ගත් අතර තම ගැටළුව විසැඳීමට උසස් නිලධාරියකු පැමිණෙන තුරු තමා මාර්ගයෙන් නොනැගිටින බව මන්ත්‍රීවරයා පවසා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නෙක් ඇවිල්ල උස්සලා පාර අයිනෙන් තිබ්බා නම් පාර බ්ලොක් වෙන්නේ නැහැනේ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පොලිස් කොමිසමට පත් කළ යුතුද?
රටේ හදිසි නීතිය පනවලා තියෙද්දීත් මෙහෙම නාඩගම් වෙන එකෙන්ම තේරෙනවා රටේ ""නීතියක්""කියලා දෙයක් ක්‍රියාවේ යෙදෙන්නේ නැති බව.
මන්ත්‍රී වරයෙක්ට ඔනී විදිහට ස්ථානාධිපතිලා මරු කිරීමේන් කොහොමද නීතිය ස්වාදීන ආයතනයක් බවට පත්වෙන්නේ. අපේ රටේ වෙනස් වෙන්න ඕනී මෙතනයි.. රටේ දැන්මේ වෙන හැමදේකටම මුල ඔතන තමයි.. නීතිය හරියාකාරව ක්‍රියා කරවීමට නොමැකි වීමයි... රජයේ නිළධාරියෙකුගේ ඇත්තටම අඩුපාඩුවක් තියෙනවනම් ඒ කරන්න ඕනී ක්‍රමයක් හැම ආයතනයකම තියෙනවා..
අද රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජන පීඩා කරන මේ වගේ පොල් බුරුවන්ය. ලුසේනා
පොලිස් නිලධාරියෙකු යනු රාජ්‍ය සේවකයෙකි. ඔහු විනය විරෝධී ක්‍රියාවක නිරත වන්නේ නම් ඒ සම්බන්දයෙන් කටයුතු කිරීමට ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන තිබේ. දේශපාලනයේ නිරත වන මන්ත්‍රීවරයකු මහා මඟ නිදාගන්නට අවශ්‍ය නැත. සංවේදී රාජ්‍ය තාන්ත්‍රිකයින් මගේ මව්බිමට හිඟවීම අපේ අවාසනාවකි.
කොහොමටත් ඔයාලට මහපාර තමයි. ඕක අමුතුවෙන් කරන්න ඕනේ නැහැ.
ලුසේනා මයා වෙත, "පොල් බූරුවගේ" නම් යම්කිසි වටිනාකමක් ඇත. නමුත් "හාරත බූරුවගේ" කිසිදු වටිනාකමක් නොමැති බව කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු.
පුදුම නිදිමතක්නේ...
ආණ්ඩුවේ (කුමන ආණ්ඩුවක වුවත්) එම ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් පොලීසියේ ඕඅයිසී මහත්මයාට සිද්ධිය වූ ප්‍රදේශය නිරීක්ෂණයට යමු කියලා කිව්වාම ඔහුගේ යුතුකමක් තිබුණා යන්න. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගේ කාරුණික ඉල්ලීමකට (වැරදි දෙයක් නෙමෙයිනේ) මෙහෙම නම් හිතාගන්න පුළුවන් සාමාන්‍ය මනුස්සයෙක්ගේ ප්‍රශ්නයකට කොහොමද කියලා. අනික ලැබිලා තියෙන තොරතුරු වලට අනුව සාක්ෂි තිබෙනවා මෙම ගිනි තැබීමට පොලිසියත් (දැනුවත්ව හෝ ඉහළ නිලධාරියෙකුගේ කීමට) සම්බන්ධ බව...
ඔන්න යහපාලනේ පාරේ දෝරෙ ගලනවා.
සාමාන්‍ය ජනයා පාර බ්ලොක් කළොත් පොලිසියෙන් කඳුළු ගෑස් ගහනවා. මන්ත්‍රීලාට කෝ මේ නීතිය?
මේක මහපුදුම වැඩක්නේ.. ඕනඕන විදිහට රටේ අනෙක් පුර වැසියෝ වැඩ කරන්න මේ අය කවුද තක්කඩිකම් කරකර, මැර කම් කරකර, මේ අය කියන කොට රටේ වගකිවයුතු පුරවැසියන් ගෙන්වලා දණගස්ස වන්නැයි, ගස් බඳින්නැයි, මාරු කරන්නැයි මෙහෙම පුළුවන්ද රටක පාලනය ගෙනියන්න. ඕකට තමයි රටේ බුද්ධිමතුන්, විද්වතුන් පුන පුනා ඉල්ලා සිටියේ මැරයින්, පාදඩයින්, අපරාධකාරයින්, හොර තක්කඩින්ට ඡන්දය දෙන්න එපා කියලා, ඊයේ අර තලංගම කොස්වත්තේදී අර පොහොට්ටුවේ මුට්ටුවක් පෙන්වපු වැඩ දකින්න ඇතිනේ.. පිස්තෝලයකුත් අරගෙන මෙම ක්‍රමය වෙනස් කරන්න ඕනේ නැතිද?
දැක්ක නේද ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ හැටි. එක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එංගලන්තේ ඔහොම වෙනවද ? එහෙ නම් දන්නෙම නැහැ පහුවදාට පොලිස් ලොක්ක හොයාගන්නත් නැහැ.
ගුරුවරු දණ ගැස්වීමේ ඉඳලා, මේකෙන්ම පේනවා අද දේශපාලකයෝ මොන තරම් අනවශ්‍ය විදියට හැම දේකටම ඇඟිලි ගහන තත්වයකට පත් වෙලා තිබෙන හැටි...
පොලිස් නිලධාරියා වරදක් කලානම් එපිලිබන්ධව ගතයුතු ක්‍රියාමාර්ග ගැන මහජනයා දන්නවා. දුක විවස්ථායකය නොදන්නා එකයි. නීතියක් ගැන නොදන්නා එවුන් රට පාලනය කරන්නේ කොහොමද? අනාගත පරපුරට දෙයියන්ගේම පිහිටයි.
රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් දේශපාලකයන් ඇඟිලි ගහනවා . අඩුගානේ තමන්ගේ ඉඩමේ අඹ කඩන්නේ පිට අයයි. මාර්ගබාදකයක් දැම්මොත් ඒක කඩාගෙන උද්ගෝෂකයෝ යනවා . පොලීසිය ඒක නතර කරන්න කනේ පාරක් ගැහැව්වොත් දඩුවම් , චන්දය ගන්න දේශපාලකයන් රටේ නීතියට ඇගිලි ගහනවා . අහිංසක මහජනතාව අසරණ වෙලයි ඉන්නේ . බදු ගෙවන්නේ අනුන්ගේ ජොලි වලට . පොලීසිය ක්‍රියාත්මක කරන්න ඕන රටේ නීතිය , ඒකට දේශපාලකයන් ඇගිලි ගසන නිසා පොලීසිය අසරනයි. එදා මේ කලබලය නතර කරන්න පොලීසිය වෙඩි තිබ්බනම් අද ඒක අනිත් පැත්ත හරවනවා දේශපාලන වාසි තකා. (චන්දය ගන්න) දැන් පාරේ ඉන්නෙත් ඒකටය්.අපි දැනගන්න ඕන පොලීසිය කියන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන පිරිසය් . දේශපාලකයන් අද දිනනවා හෙට පරදිනවා . පොලීසියට හැමදාම රටේ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙනවා . මෙතන වැරැද්ද ඒකයි. රාජකාරිය හරියට කරන්න ඉඩක් දෙන්නේ නැහැ . දැන් ඔවුන් දුර්වලයි,නෙමේ දුර්වල කරලා .
ටිපර් කාරයෙකුට ඔය පාරෙන් වැලි ලොරියක් ගේන්න කියලා ඕඩර් කළා නම් හරිනේ...
බත්කාලා මොලේ පස්ස පැත්තට වැදිලා. හදිසි නීතිය නැද්ද?
ඕක සාමාන්‍ය කෙනෙක් කළානම් පාර අවහිර කිරීමට කුදලන් ගිහිල්ල නඩු දානවා ! මේකටද නීතිය කාටත් පොදුයි කියන්නේ? මොකද මේ නීතියේ දෙබිඩිය?
මේ තරම් ම බලගතුද ? මෙයා.