(ජුඩ් සමන්ත)
ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ඊයේ (11) අලුයම 2.00 ට පමණ එල්ල කර ඇති පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණි.
ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශන උපයෝගී කරගෙන විමර්ශන සිදු කිරීමෙන් පසු සැකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19 - 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි.
සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට සමබන්ධවුවන්ගෙන් අලාභය අයකල යුතුය. ගෙවීමට නොහැකි නම් බන්ධනාගාර ගත කර මොවුන් ලවා වන්දි ලෙස ගෙවන මිනිසුන්ගේ සල්ලි නැවත මොවුන් මගින්ම ආර්තිකයට එකතු කල හැකි ක්‍රියාකාරකම් වල නියුක්ත කල යුතුය.
මේ කණගාටුදායක තත්වය නැති කරන්න ෆිලෙඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නිතිය හා සාමය ඇමතිකම දීම හැර වෙන විකල්පයක් නැහැ .
මේ රටේ මිනිසුන්ට යහාපාලනය හරියන්නෙත් නැහැ. මේ රටේ පාලකයෝ යහපාලනය මොකක්ද කියලා දන්නෙත් නැහැ වගේ. ඕනෑම අපරාධයක් කරන කම් බලා ඉඳලා පස්සේ ඒක ගැන හොයන්න කොමිෂන් සභා පත් කළවිටදී සියල්ල හරි කියලා හිතාගෙන ඉන්නේ. මෙහෙම පාලකයෝ රටකට මොකටද? රටේ ප්‍රශ්න කලින් හඳුනාගෙන ඒවට නිවැරදි පිළියම් කරන්න තරම් දක්ෂ හා බුද්ධිමත් අය පාලකයන් විය යුතුය.
ෆොන්සේකාට ඇත්ත රාජපක්ෂලාගෙන් පළිගැනීම විතරයි.
අල්ලගත්තත් හෙට ඇප තියලා නිදහස් වෙනවා.. අනිවාර්යයෙන් මුස්ලිම් කෙනෙක් නම්..