(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා සේවයෙන් බැහැරව සිටීමට එකඟ වූයෙන් මහනුවර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගය හරස් කරමින් කළ විරෝධතාව අද පස්වරු 2 .00 ට පමණ අවසන් කළේය.
නාවලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වහාම මාරු කර යවන්න‘යි ඉල්ලමින් මහනුවර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අද (10) අලුයම 5.00 සිට මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත විය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් .ටි .එ මුතාලිෆ් මහතාත්, මන්ත්‍රී සහ නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාත් අතර පැවැත්වූ සාකච්ඡාවකින් පසු ඇති කර ගත් එකඟතාවක් මත විරෝධතාව අත් හැරීමට තීරණය කර තිබේ.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා පවසන්නේ තමන් කිසිදු වරදක් කර නොමැති බවත් පොලිස් කොමිසමෙන් තීරණයක් ලබා දෙන තුරු අද සිට නිවාඩු ලබා පොලිස් ස්ථානයෙන් බැහැරව යන බවත්ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ එළිපිට මෙසේ පොලිසියට කරන තර්ජන සමග අපට සිහිවන්නේ 88 - 89 අඳුරු යුගයන්ය.
මේ වගේ අයද මන්ත්‍රීලා වෙලා නාවලපිටිය නියෝජනය කරන්නේ. මෙයා කොහොමද පොලිසියේ කටයුතුවලට ඇඟිලි ගහන්නේ.
පොලිසියට දේශපාලන බලපෑම් කිරීම වහා නවතනු. මන්ත්‍රීවරයා ධූරයෙන් නෙරපනු
උගත්කමක්, හැදියාවක් නැති අය මන්ත්‍රීවරු ඇමතිවරු කරලා යැවුවම වෙන විනාස අද ඇස් පනාපිට පේනවා ලංකාවේ!
ඇයි මේ වගේ වැරදි ආදර්ශ රටට දෙන්නේ.
අපේ රටේ මේ දේශ පාලුවන්ට නීතිය රියාත්මක නොවේ.
මෙයාල ඉන්නකන් රට හදන්න බැහැ. හදිසි නිතිය ඉවරද?
පොලිස් ස්ථානාධිපති වරදක් කර නැති නම් පොලිස් කොමිසමෙන් තීරණයක් ලබා දෙනතුරු මේ ගනු ලැබූ තීරණය මුළු මහත් පොලිස් සේවය පමණක් නොව රාජ්‍ය සේවයම පාවා දීමකි. දේශපාලකයින් ඉදිරියේ පොලිස් කාරයින්ගේ කොන්ද කඩාවැටෙන බව අපි දනිමු. චික්කේ ලැජ්ජයි...!
මෙහෙම ගියොත් ඕ.අයි.සී. ට දෙයියන්ගේම පිහිටයි.
පොලිස් කොමිසම ස්ථාපිත කරන්න මේ මන්ත්‍රීතුමා අත ඉස්සුවේ පාරේ නිදියලා පොලිස් ස්ථානාධිපති තුමාව මාරු කරන්නද? රට යහපත් දේශයක් කරන්න, ඕකද ක්‍රමය, පොලීසියට අඩු ගානේ මේ ක්‍රියා පිටුපස කව්ද ඉන්නේ කියලවත් හොයන්න දෙන්නේ නැතුව, මේ කරපු වැඩේ බාලාංශ වැඩක් නේද? කරන්න තියෙන්නේ කව්ද මේක පිටුපස ඉන්නේ කියල රටට හෙළි කරන එකයි. දැන් රටේ නම ජාත්‍යන්තරවත් හෑල්ලු වෙලයි තියෙන්නේ. මොකද්ද මේ ඔබතුමාලගේ දේශපාලනය? මේවායින් ලෝක ප්‍රසිද්ධ ත්‍රස්තවාදී රැළක් රජ කරවන්න පාර කපලා දෙන එක තමයි වෙන්නේ...
තමන්ගේ පදයට නටන්නේ නැති පොලිස් නිලධාරීන් උපවාස මගින්, තර්ජන මගින්, විරෝධතා මගින් මාරුකර යැවිය හැකි නම් "කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරුවන්"
මෝඩ මන්ත්‍රී කෙනෙක්. පාර මැද මැරෙන්න කියලා නිකන් ඉන්නයි තිබුණේ...
මෙන්න අපේ පාලකයෝ, මෙන්න අපේ රට. අනේ අනාගත දරුවෝ...? හරක් රැළක් තමයි අපේ රට පාලනය කරන්නේ..
මේ ශ්‍රී ලංකාව කියන රටේ මන්ත්‍රීලා කියන උන්ට තියෙන්නේ වෙනම නීතියක්ද ? සාමාන්‍ය කෙනෙක් ඔයදේම කලානම් පොලිස් ස්ථානාධිපති ගන්නේ ඔය තීරනයමද ?අනේ ශ්‍රී ලංකාවේ නීතියට ගිය කල .
යහපාලනය යනු දෙපැත්තේම අය අනිකට විරුද්ධව වැඩ කර ඇති විට එක් පාර්ශයවයකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. අද අපේ රටේ මාධ්‍ය සහ දේශපාලකයන්ගේ හැසිරීම අනුව අපිට එළඹිය හැකි නිගමනය වනුයේ සිංහල ජනතාවට කිසිදු ආකාරයේ හානියක් ඇතිවී නැති බවයි. ඉතින් ජාත්‍යන්තර මාධ්‍ය ගැන කුමන කතාද. පොලිසිය තමන්ත අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කර ගැනීම ද දැන් යහපලන පුරුද්දක් බවට පත්වී ඇත.
පුජිත නීතිය නැමුවද .
මෙහෙමත් හරක් ලංකාවේ පොඩි ජනයාගේ නියෝගිතයන් වෙලා ඉන්න එක සමස්ත ජාතියකටම නිගාවක්. මෙයාල හරි නම් පොදු ජනතාවට ආදර්ශයක් වෙලා නීතියට ගරු කරලා තම රාජකාරිය ඉටු කරන මේ වගේ පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය කර ගෙන යන්න ඉඩ සලසන්න ඕන. පොලිස් කොමිසම එවිට හොඳ තීරණයක් ගනීවි කියල අපි බලා පොරොත්තු වෙනවා. මේවා අපි ඔක්කොගෙම වැරදී. මේ වගේ අමන මොට්ට හරක් පාර්ලිමේන්තුවට යවන්න කතිරය ගැහුවට අපි අපිටම ටොකු ඇන ගන්න ඕන. රොෂාන් ලියල තියෙනවා වගේ ඕකුන්ට පාරේම මැරෙන්න ඉඩ සලසන්න තිබුනේ.
සාමාන්‍ය මිනිහෙක් මෙහෙම කරාමත් පොලිසියේ අය නිවාඩු යවනවද?
මේක ඉතාම වැරදි ආදර්ශයක්.
මාර්ගය හරස්කිරීම නි තිවිරෝධියි. ඒකයි ඔය පොලීසිය විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාර, බැටන් ප්‍රහාර එහෙම එල්ල කරනව ඇත්තෙ. ( ඒව මෙයාලට වලංගු නැතිව ඇති.)
මුන්ට පිස්සු .... මුන්ට චන්දෙ දීපු උන්ටත් පිස්සු
බලමු මෙම මන්ත්‍රී වරයාගේ නායකයා මෙයට මොකද කරන්නේ කියල
වෙන රටක නම් කනට දෙකක් දීල කූඩුවට දානවා. නීතියක් නැති ලංකාවක් අනේ අපොයි.
මේ මන්ත්‍රීවරයාගේ හැසිරීම ගැන ඔහුගේ පක්ෂ නායකයන් කුමක්ද කරන්නේ. පොලිසිය හරි හෝ වැරදි හෝ එය තීරණය විය යුත්තේ මෙහෙම නෙවෙයි. පොලිස්පති සහ විෂය භාර ඇමතිවරුන් පවා ඇස් පියාගෙන සිටින්නේ ඔවුන් සියලුම දෙනා මේ මන්ත්‍රී ප්‍රශ්න විසඳන්න හදන ක්‍රමය ගැන ඔවුන් එකඟ නිසාද.
මෝඩ දේශපාලකයෝ රටට බරක් ලැජ්ජයි. හැසිරිම ස්ථානාධිපතිට බලපෑම් කිරීම හා ඔහු පැවසු දේ නොකිරීම නිසා මේ දැක්වූ හැසිරිමෙන් මන්ත්‍රීගේ මොලේ තරම තේරෙයි. කරුණාකර මෙවන් අය පාර්ලිමේන්තුවට හෝ ප්‍රාදේශීය සභාවටවත් නොයවමු
මන්ත්‍රීවරු පාරමැද අරගල කරාම විසඳුම ලැබෙනවා............. කම්කරුවෝ අරගල කරොත් ජන ජීවිතයට බාධා කියල අධිකරණ නියෝග ගන්නවා පොලිසිය සහ පාලකයෝ මොකක්ද්ද? මේ නීතිය ?
සාමාන්‍ය මිනිහෙක් ඔහොම හිටියනම් පොලිසියෙන් කොහොමට සලකාවිද ..පොලිසිය ඉස්සරහ පාර මැද්දේ නිදාගෙන ඉන්න එක දිහා ලජ්ජා නැතුව පොලිසියෙන් බලන් ඉන්න ලස්සන.
මටනම් දැනෙන්නේ ලංකාව ළදරු පාසලක් වගේ කියලයි ..
මේ තරම් බලවත්ද දේස පාලක හිතා ගන්නට බැරි නිසා - මම ගියා නිදියන එවුන්ටත් බලය දෙන මිනිසා සොයා
මේ ගොන් දේශපාලකයෝ අතුගාල දාන්න
අනේ මෙහෙම මී හරක්
ශ්‍රී ලංකාවේ ඉපදෙන එකත් පවක්... දැන් බලනකොට ඇත්ත තිත්තයි.
ඉන්දියාවේ මෙහෙම එකක් වුණා. ඒක වුනේ දැනට වසර 20 කට පෙර. දැන් ලංකාවේත් මෙහෙම වෙනවා. හපොයි මගේ රටට ගිය කලක්...