( තිළිණි ද සිල්වා )
යුද්ධය අවසන් වී වසර නවයක් ගත වුවද දෙමළ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිඳු විසඳුමක් ලබා දී නැතැයි දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතවරියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේදී ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම යුද්ධය පැවති කාලයේ දී හා ඉන් පසුව අතුරුදන්වූවන්ගේ රහස් වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවද ඇය සදහන් කර ඇත.
මේ සියලු සිදුවීම් සම්බන්ධයෙන් තමන් මැදිහත්වී කටයුතු කරන බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළද එය මෙතක් ඉටුවී නැතැයිද එබැවින් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මැදිහත් විය යුතු බව ද දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටි එම නියෝජිතවරිය ප්‍රකාශ කර තිබේ.
මේ අතර ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් එහි සම සභාපති රොෂාන් වීරපුරගේ මහතා සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදින් සියලු ජනකොටස්වල අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි.
යුද්ධයෙන් පසු අවතැන්වුවන් යළි පදිංචිකරවීම, බිම්බෝම්බ ඉවත් කිරීම ඇතුළු රජය විසින් ඉටුකළ කාරණා පිළිබඳව එහිදී ඔහු පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සම්බාධක පැනවීම හෝ රෙගුලාසි පැනවීමෙන් වළකින ලෙසද රොෂාන් වීරපුර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් මීට වඩා කරුණු පැහැදිලි කිරීමක් කළයුතු නමුත් සැමවිටම එය සිදු නොවන නිසා ගෝලීය සංසදය රට වෙනුවෙන් යුතුකම් ඉටු කරයි. ඔවුන්ට අපේ ප්‍රණාමය... රජය සැමවිටම තම වගකීම මගහරිමින් මුනිවත රකියි. හේතුව ඉතා පැහැදිලියි.
ශ්‍රේෂ්ඨ යහපත් මිනිසුන්ගෙන් පිරි පුංචි වාසනාවන්ත රටක් වන ශ්‍රී ලංකාවේ වෙනම රජයක් පිහිටුවීමට ප්රභාකරන් ඇතුළු කොටි කල්ලිය ගෙනගිය බිහිසුණු මිනීමරු අරගලය නිසා මෙම සුන්දර රට විනාශ වී ගියේය. දැනට ඉතිරිව ඇති කොටි අවතාරවලට උදව් නොදී ඒ අයට නොරැවටෙන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අමෙරිකාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. සාමාන්‍ය දෙමළ ජනයාට වෙනම රජයක් ඇවැසි නොවූයේ සිංහල දෙමළ ජාතීන් අතර වන බැඳීම නිසාය. එබැවින් කොටි කල්ලිය නිතර නිතර ජාතිභේද අරගල ඇති කළේය. අනතුරුව බොරුව වැපුරුවා ජාත්‍යන්තරය නොමග යවා වාසි ලැබුවේය. දෙමළ රාජ්‍යයක් වන තමිල්නාඩුවේ සහයද ගෙන ශ්‍රී ලංකාව විනාශ කොට දැම්මේය. එදා ඇමෙරිකානු ජාතිකයෙකු වූ ඕල්කට්තුමා මේ පුංචි රටට කල සේවය ඇමෙරිකානුවන්ට ගරුත්වයක් මෙන්ම ආදර්ශයකි. ආතර් සී ක්ලාක් මහතා මෙහි පදිංචි වූයේ සිංහලයා යහපත් කෙනෙකු වූ නිසාය. ලොව බලවත්ම රජය වන ඇමෙරිකාව මිනීමරු කොටින්ට නොරැවටී මෙම සුන්දර දේශය රැකගනු ඇති බව සිතමු.
යුද්ධය ඇදී ඇදී ජනජීවිත දේපොළ විනාස වෙවී අවුරුදු 30ක් යනකොට අනාගත වියසනයන් ගැන හිතන්න ඕනෑතරම් පෝරා වලට ඉඩතිබුනා .. මගේ පුද්ගලික දැනුමේ හැටියට එක පෝරාවක්වත් අවුරුදු 30 ටම ත්රස්තයන්ගේ එකදු මිලේච්ච ක්‍රියාවක්වත් හෙලා දුටුවේ නැහැ හා ඒවා නැවත්වීමට අනුබලයක්වත් දුන්නේ නැහැ .. ඔවුන් ක්‍රියාකළේ රටම ලේ ගංගාවක් හරි කරලා ඔවුන්ගේ අරමුණට යෑමයි.. ඔවුන්ගේ කොඳු නාරටිය යුද බලය බිදී අසරණ වුවාට පසුව ඔවුන්ගේ දුක් වෙනත් මාර්ගයකින් රජයට විරුද්දව ඉදිරිපත් කිරීමට සැරසෙනවා . ඔවුන්ගේ අඩුපාඩුකම් සපුරා දීමට රජයක් වශයෙන් කලයුතු දෙයක් නුමුත් අවුරුදු 30ක් තුල විනාස කරන ලද ජනජීවිතය ක්ෂණිකව යතා තත්වයට ගෙන ඒම සක්‍රයාටවත් කල නොහැක .
ඇත්ත කීවම හොඳටම ඇති!
ඕක ඉතින් අලුත් දෙයක් ද ??