ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මාර්තු මස 11 වනදා ආරම්භ කෙරෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වෙයි.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන සමුළුවට රටවල් රැසක නායකයින් මෙන්ම නියෝජිතයින් 500 ක් පමණ එක්වීමට නියමිතය.
2015 නොවැම්බර් 30 වන දින පැරිසියේදී පැවති දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව සඳහා පදනම සකස් වූ අතර ඊට සූර්ය බල ප්‍රභවයන්ගෙන් පොහොසත් රටවල් 121 ක් ඇතුළත්ය.
ඒ සඳහා අනුගත වූ ප්රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.
බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සූර්යබල ශක්තිය පිළිබඳ තිබෙන තාක්ෂණය වඩාත් වේගවත් හා පුළුල් කරගැනීම, සූර්යබල ව්‍යාපෘති සඳහා යන පිරිවැය අවම කර ගැනීම ඇතුළු ක්ෂේත්රයේ සංවර්ධනයට අදාළ තීරණ ගැනීම උදෙසා පොදු වේදිකාවක් නිර්මාණය කර ගැනීම මෙම සමුළුව තුළින් අපේක්ෂා කරයි.
සිය දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුර දී ඉන්දීය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම සමුළුවට එක්වන රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු ද සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ටරට හෙන ගහල තියෙන්නේ කොමිස් මගඩියයි අයෙජකයේ එන්නත් කලින් අදාළ ඇමති ඉල්ලන්නේ එයාගේ කොමිස් මුදලයි .. මම මේ වගකීමෙන් කියන්නේ මේ ක්‍රමයට වැට නො බැන්දොත් ..ගරු ජනාධිපති තුමා ගරු අගමැති තුමා මොනතරම් රට රට වල වලට ගොස් සාගච්චා කලත් ප්‍රති පල හිස්....වහාම මේ සදහා දැඩි තීන්දු දන්නා ...අපේ රටේ සියලු මාද්‍ය මේ පිලිබදව විශේෂ අවදානය යෙමුකොට කොමිස් කාක්කෝ ගැන තොරතුරු සොයා හෙළි දරවු කරන්න එයයි රටට ආදරය කරන පුරවැසියාගේ වගකීමක් හා යුතුකමකි .
ජනාධිපතිතුමා කරුණාකර අලුත් ව්‍යවස්ථා වැනි කතා වලින් ඈත් වෙලා අපේ රටට අත්යාවශ්යා දේ ගැන පමණක් ඉන්දීය අගමැති සමග කතා කරන්න.
නීතිය සහ සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකාට නොදී කට්ටි පැන පැන ඉන්න. ඔබ ඔබේ අවසානය මේ නිසාම ඇතිකර ගනු ඇත.
මේවට යනවට වඩා රටේ තිබෙන ප්‍රශ්න ගැන බැලුවොත් නරකද?
දැන් අතට අත දීලා එහෙම එයි එහෙනම්...
සූර්ය බලශක්ති තාක්ෂණය අප රටට උපරිම ප්රතිලාභ ලබාගත හැකි වැඩ පිළිවෙලකි.
සූර්ය බල ශක්තියක් මොනවටද? ගෙදර පත්තුවෙන ගින්දර නඩු හබ කළමනාකරණය කරගන්නවා වගේ නැතුව නියම පරිද්දෙන් වැඩි දියුණු කරගත්තා නම් රටම දල්වන්න පුළුවන් වේවි. අද කියල තිබුණේ ඇමෙරිකන් කාරයෙන් 2020දී තරගයක් දෙන්න සුදානම් කියලයි. එහෙම වුණොත් පළාත් පාලන මැතිවරණයට එහා ප්‍රතිඵලයක් ලැබෙන්නත් බැරි නැහැ. කයිවාරුව නවත්තලා වැරදි කරපු අයට දඬුවම් දුන්නේ නැත්නම් ඉවරයි තමයි ඉතින්.
මුදල් වැටුප් නොගෙන ඉටුකරන සේවය වෙනුවෙනුයි කෙනෙකුට ගරු කියන නාමය යෙදෙන්නේ ....ගරු. රඟපෑම කීවම මුදල් රහිතවයි එය ඉෂ්ට වෙන්නේ .. ඉතින් දේශපාලකයන්ට. ගරු අහවලා කියා කියන්නේ කෙසේද ඔවුන් මොනතරම් පඩියක් මොනතරම් වරප්‍රසාද ගොඩක් ලබනවාද ?