(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු , එම රටවලින් පිටුවහල් කර අද (14) යළිත් ආපසු ශ්‍රී ලංකාවට එවා තිබුණි.
මෙයින් ලාංකිකයන් 15 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට ද තවත් ලාංකිකයන් 11 දෙනෙකු ස්විට්සර්ලන්තයේ සිට ද එම රටවලට අදාළ විශේෂ ගුවන් යානාවලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.
මෙම පිරිස සමඟ එම රටවලට අයත් විශාල ආරක්ෂක භට පිරිසක් ද එම ගුවන් යානාවල පැමිණ සිටියහ.
මේ අතර සිංහල මෙන්ම ද්‍රවිඩ ජාතිකයන් ද සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් පැවසීය .
මොවුන් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු නිදහස් කර හැරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්විට්සර්ලන්තයේ නීත්‍යානුකූල නොවන පුද්ගලයින් අසුවී පැය හතලිස් අටක් තුළ පිටුවහල් කරනවා. මුල්ම දවසේ ඉතාලියට පැන ගත්තොත් හරි. එ්කට ස්විස් බෝඩරයේ නගර වන මිලානෝ සහ කෝමෝ නගර වල ඉන්න යාලුවන්ගේ උදව් අවශ්‍යයි. ඉතාලි රජයට කෙනෙක්ව පිටුවහල් කිරීමට ඇති බලය ඉතාමත්ම සීමිතයි.
මේ ගොල්ලෝ හරවා එව්වේ නැත්නම් තව ටික දිනකින් මේ අයගේ නම් ලැයිස්තුවත් අතුරුදන් වූ අය හැටියට ජිනීවා මානව හිමිකම් කොමිසමට යනවා.