විනීතා එම් ගමගේ
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වාරණය වහා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි ජාතික හෙළ උරුමය මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලේය.
එමෙන්ම සමාජ මාධ්‍ය අවභාවිතය වැළැක්වීමට කටයුතු කළයුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
පවතින නීති ඔස්සේ ක්රීයාත්මක වීමත්, අලුත් නීති සැකසීමටත් රජය පියවර ගත යුතු බවත් වහා ප්‍රතිචාර දක්වන සීග්‍රඝාමී රජයක් බවට රජය පත්විය යුතු බවත් අමාත්‍යවරයා කීය.
හෙළ උරුමය මහ ලේකම්වරයා මේ අදහස් පළ කළේ එම පක්ෂයේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘‘මේ ආණ්ඩුව දැන් ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකකට ගෙන යායුතුයි. මේ ගැන ගොඩක් කල් කථා කළා. ලෝකය පැමිණ ඇති තත්ත්වයට අපේ ආණ්ඩුවත් ඔසවා තැබිය යුතුයි. ඔසවා තබාගෙන සිග්‍රයෙන් අනෙක් පැත්තට පිළිතුරු දීම කරගෙන යා යුතුයි.
මේ කරුණු ටික, පවතින නීති ක්‍රියා දාමය, අළුත් නීති ගෙන ඒම, තාක්ෂණික ක්‍රියා, හා රජය සීග්‍රඝාමි ප්‍රතිචාර දක්වන්නෙකු වීම මඟින් මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි.’’ යැයි ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මොනවට තහනම් කරනවද ? ඔක්කොම වැඩටික හරිනේ. දැන් කව්ද අගමැති ඉවත් කරන්න කතා කරන්නේ ? දැන් කව්ද රජයේ පාර්ශව පොඩි ඡන්දෙ පැරදුනු එක කතා කරන්නේ ?
දේශපාලන වාසි ගන්නද? අයෙත් රට ගිනි තියන්නද හදන්නේ?
මේ ජවිපය කාලේ මිනි මරපු සුදනා මොනවද මේ කතා කරන්නේ?