හර්ෂණ තුෂාර සිල්වා හා නිමල කොඩිතුවක්කු
ෆේස්බුක් හා තවත් සමාජ ජාලා මාධ්‍ය කිහිපයකට පනවන ලද තාවකාලික තහනම සිකුරාදා (16) ඉවත් කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) පැවැසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ දිගන සහ තවත් ප්‍රදේශ කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ එම සිදුවීම් පාදක කරගනිමින් විශේෂයෙන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වී ඇති බව සඳහන් කරමින් රජය ෆේස්බුක්, ඉන්ස්ටග්රම් යනාදි සමාජ ජාල මාධ්‍ය පූර්ණ වශයෙන් අවහිර කරන්නටත් වට්ස්ඇප් සහ වයිබර් යනාදි පණිවුඩ මෘදුකාංග තාවකාලිකව අඩපණ කරන්නටත් තීරණය කළේය. එම අවහිර පනවන ලද්දේ පසුගිය 7 වැනිදාය.
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ තවමත් වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන ප්‍රකාශ ඇති බැවින් ඒවා ඉවත් කරන තෙක් ඉකුත් 7 වැනිදා පැය 72ක කාලයක් සඳහා පනවන ලද තහනම ඉවත් නොකරන බව රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු අවස්ථා කිහිපයකදී පැවැසීය.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡා වට කිහිපයක් පැවැති අතර හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (13) පැවැති සාකච්ඡාවකදී ඉහත තීරණ ගෙන තිබේ.
මේ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිය මත පැනව වූ අවහිර සිකුරාදා (16) ඉවත් කරන බව ප්‍රකාශ කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් පිරිසක් බ්‍රහස්පතින්දා (15) දිවයිනට පැමිණ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ද කීය.
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ පණිවිඩ මෘදුකාංග මත පැය 72ක තහනම පනවා අදට (13) දින 8කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට විරුද්දව බොරු ප්‍රචාර විශාල වශයෙන් ගෙන යන්නේ මේ සමාජ මාධ්‍ය, ලංකාවේ අන්තර්ජාලය සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ
සත්‍ය හේතුව නම් රජයට විරුද්ධ අදහස් අයින් කිරීමටයි ඔය කල්ගන්නේ. ෆේස් බූක් තහනම නිසා සංචාරකයන් ඒම අඩු වෙයි.
ඩිජිටල් ඇමතිතුමා හැටියට VPN වැනි උපක්‍රම ජනතාවට ප්‍රචලිත කිරීම ගැන බොහොම ස්තුතියි. ඉදිරි මැතිවරණ වලදි අපි හොදට සලකන්නම්.
මුලින් කිව්වා 10වෙනිද වෙද්දී ෆේස්බූක් තහනම ඉවත් කරනවා කියල. ඊට පස්සේ කිව්වා සඳුදා වෙද්දී ඒ තහනම ඉවත් කරනවා කියල. මේ කට්ටිය හදන්නේ මේක තවතවත් දිග්ගස්සන්න. ෆේස්බූක් වල හොඳ නරක දෙපැත්තම තියනවා. දින තුනක් හෝ හතරක් පැවතිය යුතුව තිබු මේ තහනම මේ වෙනතුරුත් ඉවත් නොකිරීම ගැටළු සහගතයි.