( තිළිණි ද සිල්වා )
නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළුව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ කොඩියක්කරායි මුහුදු සීමාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කරයිකාල් වරාය වෙත රැගෙනවිත් ඇති බව ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කළේය.
ත්‍රිකුණාමලය ප්‍රෙද්ශයෙන් පසුගිය 28 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ඔවුන් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd