(ආරියරත්න රණබාහු)
පළාත් පාලන ආයතන 326 ක බලය පිහිටුවීම මෙ මස 22 වැනිදා සිට සිදු කරන බව පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
කාන්තා නියෝජනය සම්බන්ධව ගැටළු තිබෙන පළාත් පාලන ආයතන 15 ක් ඊට ඇතුළත් නොවන බවද ඔහු කීය. පළාත් පාලන ඡන්දය පැවැත්වු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 340 ක් වන අතර ඉන් 24ක් මහනගර සභා වන අතර 41ක් නගර සභා වේ.
ප්‍රාදේශීය සභා සංඛ්‍යාව275කි.පළාත් පාලන ආයතන සියල්ලටම පත් වු නියෝජිතයින් සංඛ්‍යාව 8325 කි. ඉන් ඉන් නියෝජිතයින් 5,061 ක්ම තෝරා ගැනීම පෙබරවාරී 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් සිදු කෙරුණ අතර සභිකයින් 3264 ක් සමානුපාතික ක්‍රමයෙන් තෝරා ගැනිණි.
එම ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට නියෝතයින් පත් කිරීම 60% ක් කොට්ඨාස මට්ටමින්ද 40% අමතර ලැයිස්තුවක් ඔස්සේද සිදු විය.
පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ එම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි අය කරන වැඩ එක්කෝ පරක්කුයි නැත්නම් වැඩක් ඇත්තෙම නැහැ.
අසන සංවිධායකයන්ට ඕන විදියටනම් සභාපතිකම් දෙන්න එපා. උන්ට ඕන දේවල් කරගන්න පුළුවන් උන්ට සභාපතිකම් දීල උන්ට ඕන දේවල් සේරම ටික කරගනි. හලාවත ප්‍රාදේශීය සභාවේ කරන්න යන්නේ මේ ටිකම තමයි.ලිස්ට් එකේ 6 වෙනියට ඉන්න එකාට සභාපතිකම දීල අසන සංවිධායකට ඕන විදියට සේරම කරගන්න හදනවා.