නිමල කොඩිතුවක්කු
අග්‍රමාත්‍ය ලේකම් යනුවෙන් පවසමින් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වලට කතා කරමින් පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුකරගත් පුද්ගලයකු සම්බන්ධයෙන් වහාම විමර්ශන සිදු කරන ලෙස අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඉහළ පොලිස් නිළධාරින් වෙත අද(14) දිනයේ දැනුම් දි තිබේ.
දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලට කතා කරමින් එම පුද්ගලයා බලපෑම් සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුම්වත් කර ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ සම්බන්දයෙන් අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇති අතර ඒ අනුව එම දුරකතන අංක ඔස්සේ වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ඒ මහතා දැනුම් දි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා පොලිසියේ ඉන්න මහත්තුරු කෝල් කරන කෙනාගේ අනන්‍යතාවය තහවුරු කරන්නේවත් නැතුව පුද්ගලික වැඩ කරලා දීලාද? අනිත් කාරණේ පොලිසියේ මහත්තුරු තවම ස්වාධීනව තමන්ගේ වැඩ රාජකාරි කරන්න ඉගෙනගෙන නැද්ද?
ඉතින් ඒ බලපෑම් අනුව පොලිසියත් කටයුතු කරලද? මං යෝජනා කරන්න කැමතියි ලේකම්වරුනට රහස් අංකයක් දෙන්න කියලා, බලපෑම් කරන කොට ඒ අංකය කිව්වාම පොලිස් මහත්තුරු වැඩේ කරලා දෙයි. නැත්නම් එක එක හාල් පාරුවන්ට ඉඩ දෙන්න පුළුවන්ද බලපෑම් කරන්න? බලපෑම් කරන එක ලොක්කන්ගේ වැඩක් නේ...
එතකොට හරි ලේකම් කතා කරලා බලපෑම් කරානම් වැඩේ හරි. මෙන්න බලල මල්ලෙන් පැනලා.
හරියට හරි සේන, රටක නීතියයි, නීතිය ස්ථාපිත කරන්න ඉන්න මහතැනුයි, නීතිය රකින්න ඉන්න නිළධාරීයි ස්වාධීන වෙන තුරු එම රට ටිකෙන් ටික වල පල්ලට තමයි යන්නෙ. අපේ රටේ අවුරුදු ගානක ඉදල ඒක තමයි වෙන්නෙ.
අපි පොලිසිය ගැන කණගාටු වෙන්න ඕන මේකෙන්ම තේරෙනවා පොලිසිය තමන්ගේ රාජකාරිය කරන්න දන්නේ නෑ කියලා.