(විනීතා එම් ගමගේ)
අන්තර්ජාල සමාජ මාධ්‍ය කඩිනමින් ආණ්ඩුවේ ‘අත්අඩංගුවෙන්’ මුදා හැරීමට පියවර ගන්නා ලෙසත් ජනතාවගේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන මාධ්‍ය මර්දනයකට නොකරන ලෙසත් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලිපියක් යවා ඇත.
විදෙස් ගත ශ‍්‍රමික පිරිසක් අඩු වියදමින් තමන්ගේ නිවස සමග සන්නිවේදනය කරගන්නා මාර්ගය වන්නා වූ මෙම සමාජ මාධ්‍ය අත් අඩංගුවට ගැනීම අතිශයින්ම අසාධාරණ බව ඔහු එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
‘‘පසුගිය දිනවල මහනුවර ප‍්‍රදේශය කේන්ද්‍ර ගත කරගනිමින් ඇවිලී ගිය ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ආශ‍්‍රිත සිදුවීම් සමාජ ජාලයන් මගින් ව්‍යාප්ත වීමේ ඉඩ ඇති බව පවසමින් ආණ්ඩුව විසින් එම ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය වෙත තිබූ ප‍්‍රවේශය අවහිර කිරීමට පියවර ගන්නා ලදී.
එහෙත් එම නිශ්චිත මෙහොතේ ගන්නා ලද සමාජ ජාල තහනම පිළිබඳ තීරණය මේ දක්වා ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම මාධ්‍ය ප‍්‍රයෝජනයට ගනිමින් පොදු සන්නිවේදන කටයුතුවල යෙදෙන සහ වෘත්තීමය කටයුතුවලදී භාවිත කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටිති. වඩා බරපතළ කරුණ වනුයේ, මෙම තහනම දිග්ගැස්සීම මගින් ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප‍්‍රකාශනයේ අයිතිය වැනි ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් සීමා කිරීමට කූඨ ලෙස උත්සාහ දරමින් සිටින්නේද යන්නය.
සැබැවින්ම ආණ්ඩුව කළ යුතුව තිබුණේ ජාතිවාදය හා ආගම්වාදය වපුරන, වෛරී ප‍්‍රකාශනයකට ඉඩ නොතබන ලෙසට පූර්වයෙන් පියවර ගැනීමය. ඊට අදාළ නීතිය උපරිම ලෙස ක‍්‍රියාවේ යෙදවීමය. ක‍්‍රමයෙන් නිදැල්ලේ වැඩිමට ඉඩහළ මෙම ප‍්‍රවණතාවයන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වෙද්දීද ආණ්ඩුව ඒ පිළිබඳව ක‍්‍රියාත්මක වූයේ නැත. එහෙත් එසේ වැඩුණු ජාතිවාදී ආගම්වාදී අදහස් මානව ක‍්‍රියාකාරිත්වයක් බවට පත්ව ලේ, ගිනිදළු ලෙසින් කඩා වැදිය හැකි බවත් එහි බරපතලකමත් ආණ්ඩුව දැන සිටිය යුතුව තිබිණි. තිස් වසකට වැඩි ජාතිවාදී යුදමය තත්වයකින් බැට කෑ සමාජ අත්දැකීමට පසුවත් මෙම අවදානම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත්ද යන්න අපි නොදනිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම ඉවත් කලත් සියල්ලටම පාලනයක් තිබිය යුතුයි. මෙතැනදී අපට තියෙන ප්රශ්නය බටහිර ගත්තෝ කියලා කියන යටත් පාලනයකින් තොරවම බටහිර දේවල් වුවමනා වී තිබීමයි. විමල්, අනුර, මහින්ද ඔබලාට කරන්න දෙයක් නැතිවුනාට රටක් විදියට සියල්ල පාලනයකින් යුතුව අප ගත යුතුයි. එහෙම නැතිනම් වෙන රටවල් මෙන් පැය පුරාම විවෘත බාර් තියෙන ක්ලබ් වලටත් විරුද්ධ නොවිය යුතුයි. කන්න ඕනේ වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියලා අපේ ආච්චිලා සීයලා කියන්නේ මොවුන් ගැන දැනගෙන වෙන්න ඇති.
රජය සහ ඇමති යන කරන හොරකම හා රට ජාතිය පවා දෙන වැඩ පිළිබඳව මහජනයා අදහස් හුව මාරු කිරීම වැලක් වීමයි මෙයින් කරන්නේ. ආණ්ඩුවේ ඡන්ද තවත් 20% කින් නැති වී යාම දැනට මත සිදු වෙලා.
දැන් බොරුවට වාරණය ඉවත් කරන කොට කියවනවා....
තහනම ඉවත් කරන්න විනාඩි කීපයකට පෙර තතනම ඉවත් කරන ලෙස තර්ජනය කර (බොරු ) වීරයන් වීම. මෙච්චරකල් කොහෙද හැංගිලා හිටියේ
විජිත හේරත් අවසන් ඡේදයේ.."තිස් වසරකට වැඩි ජාතිවාදී යුධමය තත්වයකින් බැට කෑ සමාජ අත්දැකීමට පසුවත් මෙම අවදානම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත්ද යන්න අපි නොදනිමු." .. යනුවෙන් කියන්නේ ඇයි? කොටි ත්‍රස්තවාදය ,,"ජාතිවාදී යුදමය වශයෙනුත්" , ආණ්ඩුව අසමත්ද යන්න අපි නොදනිමු.. යනුවෙන් එහෙම කියන්නේ ඇයි "ආණ්ඩුව අසමත් බව දනිමු" නොකියා.. ?