(ශාන්ත රත්නායක)
කපු නූල් කිලෝ ග්‍රෑම් 2650 ක් බවට රේගුවට පවසමින් ලංකාවට ගෙන්වීමට තහනම් කරන ලද ගලයිෆොසෙට් පැකට් 10,000 ක් දුම්කුඩු ග්‍රෑම් ඇසුරුම් තිස්පන්දහසක් ,පාවහන් සහ දුම්වැටි ඇතුළු ලක්ෂ 106 ක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් පෑලියගොඩ නව නුගේ පාරේ රේගු ගුදමේදී ශ්‍රී ලංකා රේගු නිවාරණ අංශය මගින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම මෙම භාණ්ඩ තොගය මෝදර ප්‍රදේශයේ ආයතනයක් මගින් ඉන්දියාවෙන් ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද රේගු නිලධාරීන් පවසයි.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ටී.ඒ.එල් වීරසිංහ, රේගු අධ්‍යක්ෂ එච්.කේ. ජානක ප්‍රනාන්දු, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම්.ජී.ඩබ්ලිව් ද සිල්වා යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙහි පරීක්ෂණ කටයුතු සිදු කෙරේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙන්නවපු උදවියට බඩුවල වෙළඳපළ වටිනාකම මෙන් දස ගුණයක දඩ ගැහුවොත් ටිකක් රිදෙයි. ඉදිරියට එම ආයතනය හා ඊට සම්බන්ධ අයවලුන් ආනයනය හා අපනයනය කරන සියළු භාණ්ඩ විවෘත්ත ලෙස තබා දැඩි පරීක්ෂණයන්ට යටත් කළොත් අනික් හොරුන්ටත් ටිකක් තේරෙයි.