තරිඳු ජයවර්ධන
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර මහතා සහ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස සහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුගතපාල මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රහස් පොල්සියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ පොලිස් පොත්වලින් සටහන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවයි.
උප පොලිස් පරීක්ෂකගේ සම්පූර්ණ ප්‍රකාශය රහස් පොලිසිය පෙබරවාරි දෙවැනිදා අධිකරණයට වාර්තා කර තිබිණි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන රහස් පොලිසිය ඇමැති සරත් ෆොන්සේකාගේ, ඇමැති මලික් සමරවික්‍රම මහතාගේ, මර්වින් සිල්වා මහතාගේ මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් රැසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඝාතනය සිදුවුනේ මොහු යම් ගණුදෙනුවක් ගැන එළි කරන්න ගිය නිසා නේද? එසේනම් මෙයට අණ දුන්න කෙනා කවුද කියලා හිතා ගන්න පුළුවන් නේද? බැමි කඩලා දානවා වගේ මිනිස් ජීවිතත් නැති කරන්න පුළුවන්ද?
ප්‍රධාන සැකකරු තවමත් නිදැල්ලේ. අඩුම වශයෙන් සාක්ෂි ගන්නවත් උනන්දුවක් නැති බවයි පේන්නේ...
කාගේ වුවමනාවටද සාක්ෂි විනාශ කළේ කියලා වහාම හොයන්න. 2020 ජනාධිපති අපේක්ෂකයා මේකට හවුල් නම් ඉක්මණට පරික්ෂණ අවසන් කරලා නඩු පවරන්න. බැරි වෙලාවත් එයා ජනාධිපති වුනොත් පරික්ෂණ කළ නිලධාරින්ට සුදු වෑන් පිහිටයි.
ඡන්දෙ ලගදි එනවා වගේ.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන නඩුව සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවේවිද? පිළිතුර නැත.