තරිඳු ජයවර්ධන
සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ රජය විසින් අවහිර කරනු ලැබූ වට්ස්ඇප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
අද පෙරවරුවේ එම දැනුම්දීම කළ බව රජයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසිය.
ඒ අනුව අද සවස් වන විට වයිබර් මෙන්ම වට්ස්අප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාවද හිමිවන බව එම නිලධාරියා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඉතින් අනිත් වැඩ වගේම නාගෙන ඉවර වෙලා තමයි අන්තිමට දෙන්නේ...
තහනම ඉවත් කළේ... ජාත්‍යන්තරයෙන් ලබුණු දැඩි පීඩනය නිසයි. අපිට තියන ආදරය, දයාව, කරුණාව නිසා නෙවෙයි.
කවුද දන්නේ නැහැ "වට්ස් ඇප්" ඇමතිතුමා.. නේද?
බහුතරයක් පිරිස ඉන්නවා.. වට්ස්ඇප්, වයිබර් වගේ ඇප් භාවිතා කරලා තමයි ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පවා කරන්නේ.. මේ වැඩෙන් වුණේ ඒ හැමෝම දැඩි අපහසුතාවයට පත්වුණු එක.. සුළුතරයක් රැකගන්න බහුතරයක් පීඩාවට පත්කරලා අවසානයේදී රජයට ලැබුණේ මැතිවරණ පරාජයටත් වඩා අන්ත පරාජයක්..
නෑ... පාඨලී කිව්ව නිසයි අයින් කළේ...
ඔන්න ඕවා තමයි දැන් අහන්න තියෙන නිව්ස්.. හයිවේ එකක් හැදුවා... පාරක් හදලා ඉවර කළා කියලා අහන්න ඇත්තෙම නැහැ. ඒ සේරම මේ ගොල්ලෝ කරලා..., ඉවර කරලා රට සුඛිත මුදිත කරලනේ තියෙන්නේ..
ඊළඟ මැතිවරණේදී බලන්ඩකෝ රජයට වෙනදේ මේකෙන් තිබුන ඡන්ද ටිකත් නැතිකරගත්තා.
මේ කරුණට සුදුසු පිලියමක් සොයන්න නම්, අමාත්‍යවරයෙක්, උප ඇමතිකෙනෙක්, ලේකම්කෙනෙක්, හා කොළඹ හතේ අමාත්‍යංශ කාර්යාලයක් අවශ්‍යයි.
මම ඉන්නේ ප්‍රන්සේ මට හරි තරහයි.
ජනාදිපති තුමා ජපානයට ගිහින් එහෙ අයට කියල සමාජ ජාල නවත්තපු නිසා රජයට දවසට මිලියන 500 ක ආදායමක් හම්බ වෙනවා කියල. ඉතින් ඇයි දන්නේ නැහැ තහනම ඉවත් කලේ. ඒක දිගටම තිය ගත්ත නම් රටේ ණය ටික අවුරුද්දෙන් ගෙවල ඉවර කරන්න තිබ්බනෙ.
එක දෙයක් මට අහන්න ඕනේ. එෆ්.බී. සහ අනෙකුත් සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචණ්ඩත්වය පැතිරුණා නම් එක වුනේ අද ඊයේ ද? ඔයගොල්ලෝ කියන විදිහට මේවා බ්ලොක් කෙරුව නිසා ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුණා නම් ඔයගොල්ලන්ගේ සාස්තරේ හැටියට මේවා බ්ලොක් කරන්න තිබුනේ ගොඩක් ඉස්සර. අනෙක් දෙය ඊට වඩා වැදගත් - ඔය ඔක්කොම සමාජ ජාල නතරකෙරුවා කියමු. හිතන්න (උපකල්පනයක් පමණයි ) මට ඕනේ නම් තැනකට ගහන්න මම ගූගල් මැප් ගිහිල්ල බලනවා කොහෙද ඒවා තියෙන්නේ කියල.. ඊට පස්සේ ගිහිල්ල ප්‍රචණ්ඩත්වය අතහරිනවා.. එතකොට ඕගොල්ලෝ ගූගල් මැප් නතර කරනවාද? එහෙම නැත්නම් මුළු ඉන්ටෙර්නෙට් එකම නතර කරනවාද? මන්දයත් ගූගල් මැප් නැති වුණාට වෙනත් මැප් තියෙනවානේ හොයාගන්න..
ජයවේවා.. අපේ යහපාලන රජයට ජයවේවා! ඒකාධිපති වියරුවෙන් රට මුදවාගෙන දිගින් දිගටම ප්‍රජතන්ත්‍රවාදී ජයග්‍රහණය උතුම් ජනතාවට ලබාදෙන ආපේ ජනාධිපති තුමාට ජය වේවා.
උතුරැ කොරියාවේ මෙන් සියලුම ජන මාධ්‍ය, සමාජ ජාලා රජයේ දැඩි සුපරීක්ෂාව යටතේ පාලනයකට යටත් කොට නියාමනය කළ යුතුයි. එවිට ලංකාව කිරියෙන් පැණියෙන් පිරී ඉතිරී යනු නියතයි!